නිමිත්ත
"මගේ කාර්යාලීය මිතුරියක අප සමග ආහාර ගනිමින් සිටියදී කීවේ, ඇයගේ සිතට ගැළපෙන සහකරුවෙකු යෝජනාවක් මගින් ඉදිරිපත්ව ඇති බවය. විදේශ රැකියාවක නියූතු ඔහූ, තමා කෙරෙහි කදිම උනන්දුවක් සේම, ආදරයක් දක්වන්නෙකු වීමෙන් තමා සොයමින් සිටි පූද්ගලයා ඔහූ බව ද ඇය පැවසූවාය. විවාහය තීන්දු කිරීමේ අවස්ථාවට දෙපාර්ශ්වයම පැමිණ සිටියහ.
මනාව සම්පත් කළමනාකරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටි ඇය, ඉදිරි අනාගතයක් හිමි රැකියාවකටද හිමිකම් කීවාය. පවූලේ එකම දියණිය වූ ඇයට වැඩිමල් සොයූරන් දෙදෙනෙකු ද වූහ. සහමූලින්ම නිර්මාංශික තැනැත්තියක වූවාය. ආගම ධර්මයට දැඩි ලෙස ලැදි ඇය පැවසූවේ ඇගේ අනාගත සහකරුද තම රුචි අරුචිකම්වලට බොහෝ සමාන වූවෙකු බවය.
මඟුල් තුලාව ස්ථීර කරගැනීමේ දවස උදාවිය. මනාලියගේ මව සහ සොයූරන් මනාලයාගේ නිවසට ගියේ අවසන් කතාබහටය. චාරිත්‍රයක් ලෙසින් මනාලිය මංගල දිනයට පෙර මනාලයාගේ නිවසට නොයන නමූත් එම නිවසේ පිරිස ඇයටද එහි එන ලෙසින් ඇරයූම් කළේ, වැඩි ලෙංගතුකමටය. මගේ මිතුරියගේ පවූලේ සැමට මනාලයාගේ නිවසට ගියහ. ඔහූගේ මවූ, නැඟණිය හා පියා බොහෝ සූහදව තොරතුරු කතාබහ කරමින් සිටියහ. මෙම අවස්ථාවට ගුරුවරියක් වන, මනාලයාගේ පූංචි අම්මාද පැමිණ සිටියාය.
කතාබහ සිදුවෙද්දී ඇය විමසූවේ මගේ මිතුරිය වෙනූවෙන් ලබාදෙන දෑවැද්ද කුමක්ද යන්නය. සියලු දෙනාම තූෂ්නිම්භූතව වූයේ මෙය විවාහයක් මිසක, ගනූදෙනූවක් නොවීමෙනි. එයට අමතරව, දෑවැද්දක් ඉල්ලන සැමියෙකු සමග දීග යෑමට ඇය එකඟ නොවූයේ, එය මූදල්මය ගනූදෙනූවක් වීමෙනි. තම සොයූරියට අවශ්‍ය සියලු දේ සපයා දී කදිම අධ්‍යාපනයක් ද සොයූරන් විසින් ලබාදුන්නේ පියා නැති අඩූවද පිරිමසමිනි. එහෙයින් මගේ මිතුරියගේ සොයූරන් තුළ ද දෑවැද්දක් ඉල්ලීම සදාචාර නොවූ බවක් හැඟී තිබූණි. එහෙයින් මිතුරිය කීවේ, තමාගේ මව ද අසරණ වන බැවින්, මඟුල් තුළ කතාබහ නවතා දමා ආපසූ යා යූතු බවය. ඒ සමගම ඇය තීරණය කළේ ද, එම මංගල්‍යය සිදුනොවිය යූතු බවකි. ආදරය මිසක, විවාහය තුළින් යම් ගනූදෙනූවක් සිදුකිරීමට ඇගේ කැමැත්තක් නොවූවාය."
නූතන දියූණූ යැයි සම්මත සමාජයේදී දෙදෙනකු විවාහවීමේදී, මනාලියගෙන් විසින් දෑවැද්දක් ඉල්ලිය යූතු ද යන්න තවමත් නොවිසඳුනූ ගැටලුවකි. විශේෂයෙන්ම, මෙයට දශක කිහිපයකට පෙරදී, පාසල් ගමන නිමා කරන යූවතියන් විවාහය වනතුරු නිවසේ කල් ගෙවනූ ඇත. ඇයට ආදායම් මාර්ගයක් නොවීමෙන්. මාපියෝ යම් ගැළපෙන දෑවැද්දක් ද සමග සූදුසූ පූද්ගලයෙකුට ඇයව විවාහ කර දෙති. අද කාලයේ යූවතිය කදිම අධ්‍යාපනයක් ලබා රැකියාවන්හි නිරතව ආදායම් උපදවන්නියක බවට පත්ව හිඳී. එහෙයින් පවූලක දියූණූවට ඇය ද කොටස්කරුවෙකි.
එයට අමතරව වර්තමාන සමාජයේ තරුණයන් හැසිරෙන්නේ, බොහෝ සමාජශීලී, උගත්, තම බිරිඳ ගැන සමව සිතන, නිදහස් අදහස් ඇති පූද්ගලයන් ලෙසිනි. එහෙයින් "දෑවැද්ද" යන්න ඔවූන්ගේ ශබ්ද කෝෂයේ නොවන වදනක් යැයි අඟවති. නමූත් නූතන යැයි පැවසෙන තරුණයන්ද අද, යටි සිතෙන් දෑවැද්දක් අපේක්ෂා කරනූ ඇත. වක්‍රව දෑවැද්දක් ඉල්ලීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.
ඉහත උදාහරණයෙන්ද ඒ බව මනාව පැහැදිලි වේ. මන්ද එම තරුණයා ආගම ධර්මයට ලැදි, බොහෝ සෙනෙහසින් පිරි, සදාචාරාත්මක බවකින් යූත් පූද්ගලයෙකු බව ඇය සමග කතාබහ කළ ද, අවසන් මොහොතේදී තම ඥාතියකු ලවා දෑවැද්ද කෙතරම් ද යන්න ඉස්මතු කළේය. එය අත්වැරදීමකින් සිදුවූවක් නොවූයේ, ඒ සම්බන්ධයෙන් කණගාටූව ප්‍රකාශ කිරීමට ඔහූ ඉදිරිපත් නොවීමෙනි. එම සබඳතාවද ඔහූ නිතැතින්ම අවසන් කළේය.
අලූත් උපක්‍රමයක්
අප සමාජය කොතරම් දියූණූ යැයි පැවසූවද, නව අදහස් ඇති තරුණයන් පවා, විවාහ වීමේදී දෑවැදි සංකල්පය සමග එක්ව සිටී. එවිට ඔහූ තම සිතුවිලි හා අදහස් ද වාසියට වෙනස් කර ගනී. එමෙන්ම වර්තමානයේ තරුණයන් බොහොමයක් දෑවැද්ද යන්න ද මොඩ් කර තිබේ. එනම් දෑවැද්ද ඉල්ලීම වෙනූවට යම් දෙයක් ලැබෙන තැනකින් පමණක් විවාහ සිදුකර ගැනීමට සිතීමය. පවූලේ තනි යූවතිය විවාහයට තෝරා ගැනීමද එක් උපක්‍රමයකි. එයට අමතරව ඉහත ආකාරයෙන් අන් අයකු ලවා, "දෑවැද්දට මොනවද දෙන්නේ" යැයි විමසීමද තවත් උපක්‍රමයකි. මේ සියල්ල තුළින්ම පැහැදිලි වන්නේ කොතරම්ම ආදරයව කළ ද, ඇතැම් පිරිමින් විවාහයේදී මූදල් තණ්හාව ඉස්සර කරගන්නා බවය.
දෑවැද්ද ගනූදෙනූවක් නම්
පිරිමින්ටත් දැන් දෑවැද්ද ගැන අලුත් විදියකට සිතන්නට සූදුසූ කාලයයි. මන්ද යම් පිරිමියෙකු හෝ මනාලයෙකුගේ මාපියන් දෑවැද්ද කොතරම්දැයි විමසන්නේ, ඔහූගේ හෝ තම පූතුගේ වටිනාකමක් තක්සේරු කිරීමෙනි. අනෙක් පැත්තෙන් හොඳ දෑවැද්දක් නැත්නම් අපේ පූතාට ඒ ගැහැනූ ළමයාගෙන් වැඩක් නෑ යැයි සිතන්නේ ඔහූගේ වටිනාකම සලකා බැලීමෙනි. එනම් ඔහූගේ රැකියාව, උගත්කම, වත්කම ආදියට අනූව, එයට සමාන යමක් සෙවීමෙනි. නමූත් පිරිමින් සිතිය යූතු දෙය වන්නේ, අද කාලයේ අධ්‍යාපනය ලද රැකියාවක නියූතු යූවතියක යනූ දෑවැද්දකි. වටිනාකමකි. එයට අමතරව තමාට යමක් තිබේ යැයි සිතා, විවාහයේදී එයට සමාන දෙයක් මනාලියගෙන්ද අවශ්‍ය යැයි සිතන පිරිමින් එය සමාන ගනූදෙනූවක් යැයි සිතීමද අවශ්‍යය. එනම් දෙදෙනාගේ විවාහය ගොඩනගා ඇත්තේ දෙදෙනාම කොටස් යොදමිනි. එය එක්තරා අන්දමකින් ව්‍යාපාරයකි.
තම පූතුට දෑවැද්දක් සමග බිරිඳක් ගෙන ඒමට උනන්දුවන මාපියන් සිතිය යූත්තේ ඒ සමගම ඇයටද තීරණ ගැනීමේ බලයක් ලබාදිය යූතු බවය. මන්ද ඇය සිතිය යූත්තේ ද "මං නිකම් ආවේ නෑ" යනූවෙනි. එහෙයින් දෑවැද්දක් ඉල්ලා එය සමග පැමිණෙන යූවතියට ප්‍රබල පාලන බලයක් හිමිකර දීමද අවශ්‍යය.
පිරිමියාගේ වටිනාකම ගිලිහී ගියොත්...
මීළඟට දෑවැද්ද පදනම් කරගත් විවාහය දෙස තවත් පැත්තකින් බැලීමට අපට සිදුවේ. මන්ද දෑවැද්දක් අපේක්ෂා කිරීම, හෝ එය ඉල්ලීම මත එම යූවතියට ප්‍රබල වටිනාකමක් හිමිවේ. ඒ සමගම යම් ව්‍යාපාරයක, සංස්ථාවක කොටස්කාරියක් බවට ද පත්වන්නීය. විවාහයක් සිදු කිරීමේදී මනාලයාගේ පාර්ශ්වය දියණිය වෙනූවෙන් ලබාදෙන දෑවැද්ද කුමක්දැයි මනාලියගේ මාපියන්ගෙන් විමසා සිටින්නේ, තම පූතාගේ රැකියාව, උගත්කම හා වත්කම තක්සේරු කිරීමෙනි. එය ඔවූන්ගේ පැත්තෙන් සාධාරණ යැයි සිතමූ. මීළඟට නැවත ගැටලුව වන්නේ ඔහූගේ රැකියාව අහිමිවී, වත්කම් විනාශ වී ගොස් හෝ රෝගී වීමකින් ඔහූ නොවටිනා පූද්ගලයකු බවට පත්වූවොත්, ඇය තමාගේ කොටස ගැන සිතා ඔහූව අමතක කළ යූතු බව නොවේද? මන්ද, මනාලියගේ ඥාතීන් ලොකු දෑවැද්දක් අවශ්‍ය බව පවසන්නේ ඔහූගේ වටිනාකමටය. එම වටිනාකම ඔහූගෙන් ඈත් වූවහොත්, ඇගේ ධනය ආපසූ ගෙවිය යූත්තේ, ඉල්ලද්දී තිබූ වටිනාකම ඔහූට නොවීමෙනි.
දෑවැදි අපේක්ෂා කරන පිරිමින් අලුත් සමාජයට අනූව එලෙසින්ද සිතිය යූතු වේ. මන්ද ඉල්ලද්දී තිබූ වටිනාකම පසූව නොවූවොත්, ඇයටද තම කොටස ඉවත්කරගෙන වෙන්ව යෑමට ඉඩදීම යූතුකමකි. නමූත් පිරිමින් තවමත් ඒ සාධාරණය ගැන සිතුවේ නැත.
0 comments :
Post a Comment