ඔබත් සූනඛයින් ඇතිකරනවාද?




සූරතලුන් ලෙස සූනඛයින් ඇති කිරීම අද බහූලව දකින්නට තිබේ. එසේ සූරතලුන් ලෙස සූනඛයින් ඇතිකරන බොහෝ දෙනා එම කටයූත්ත වගකීමෙන් සිදු නොකරන බැවින් එහි විපාකවලට වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ සමාජයටය.


සූරතලයට හෝ නිවසේ ආරාක්ෂාවට හෝ හූදෙකලාව යම් පමණකින් අඩූකර ගැනීමට හෝ ඔබ සූරතලෙක් ඇති කරනවා නම් ඉතාමත් අවබෝධයෙන් එය කළයූතු වන්නේ දඩාවතේ යන ඔබේ සූරතලා සමාජයට බරපතල ව්‍යසනයක් වන්නට බොහෝ දුරට ඉඩකඩ ඇති හෙයිනි.

සූරතල් සතකු ඇති කරන්නට පෙරාතුව පහත සඳහන් දේ පිළිබඳව ඔබ සැලකිලිමත්ද යන්න ප්‍රථමයෙන් සිතා බැලිය යූතුය. ප්‍රශ්න වශයෙන් සලකතොත් ඒවා මෙසේය.

ඔබගේ සූරතලා වෙනූවෙන් කාලයත්, ශ්‍රමයත්, මූදලුත් වැය කිරීමට ඔබට හැකිද? අයාලේ යෑමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට නිවසට ආරක්ෂක වැටක්, තාප්පයක්, බැම්මක් තිබේද? පැටව් අවශ්‍යම අවස්ථාවකදී හැරුණූ කොට ගැබ් ගැනීම වළක්වා ගැනීමට පියවර ගැනීමේ හැකියාව ඔබට තිබේද? සූරතලාට යම්කිසි අසනීපයක් වැළඳුන විටදී, වෛද්‍ය පහසූකම් ලබාදීමට හා වයස්ගත වූ විට රැකබලා ගැනීමට හැකි වාතාවරණයක් ඔබ නිවස තුළ තිබේද? සූරතල් සතාටද ව්‍යායාම අවශ්‍යය. ඒ සඳහා ඉඩකඩ ඇති ස්ථානයක් ඔභ නිවාස අසළ පරිසරය තුළ තිබේද? ඔබ නිවසින් බැහැර යන අවස්ථාවකදී සතුන් තනිකර දමා නොයෑමට හැකි වාතාවරණයක් ඔබට නිවසේ තිබේද? පීඩාකාරී වන අන්දමට ඔබේ සූනඛයා කූඩූවල සිරකර දමා හෝ ගැටගසා නොතබා නිදහස්ව ජීවත්වීමට සූදුසූ පරිසරයක් ගොඩනැගීමට හැකියාව තිබේද? සැබැවින්ම මේ ප්‍රශ්නාවලියට ඔව් කියා පිළිතුරු දෙන්නට හැකිනම් සූරතල් සතකු සමාජයට කරදරයක් නොවන පරිදි ඇති කරන්නට ඔබට පිළිවන.

සූනඛ ගහණය වැඩීවීම සූනඛයින්ගේ සපාකෑම්වලට හේතුවක් යැයි ඇතැමෙක් විග්‍රහ කළත් සූනඛයින් විසින් සපාකනූ ලැබීමට මූලික වශයෙන් හේතු කීපයක් ඉවහල් වේ.

බොහෝ සූනඛයින් සාමාන්‍යයෙන් විශ්වාසවන්ත සගයෝය. නමූත් මෙම හිතැති මිතුරා බියවැද්දීම රිදවීම හෝ කේන්ති ගැන්වීම සපා කෑමකට හේතුවක් වේ.

දම්වැල් යොදා හෝ ගැටගසා ඇති නාඳුනන සූනඛයකු අසළට යාම, නිදාසිටින විට, සූනඛයකු අතගෑම හෝ බියවැද්දීම, නිදැල්ලේ සිටින සූනඛයෙකු ඇල්ලීම හෝ සමීපවීම, ආහාර ගනිමින් සිටින සූනඛයකු ඇල්ලීම හෝ සූරතල් කිරිම, සූනඛයකු ලංවනවිට බියට පත්ව කෑ ගසමින් දිවීම, සූනඛයාගේ ඇස් දෙසට බලා සිටීම හා උගේ කෙළි බඩූ හෝ මස්කටූ ඉවත් කිරීම, තුවාල වූ හෝ රෝගී වූ සූනඛයන් කිපෙන හා බියගැන්වෙන සූළු බැවින් ඔවූන් කැළඹීමට පත්කිරීම ආදී හේතූන් නිසා සූනඛයින් සපාකෑම්වලට පෙළඹෙනූ ඇත.

ගෙහිමියාට නව බිළිඳෙකු හෝ නව සූරතලෙකු එක්වූ විට සූනඛයාට තනිකමක් දැනේ. මෙවැනි අවස්ථාවලදී සූනඛයාට විශේෂ සැලකිල්ලක් දැක්වීම වැදගත්ය.

අප විසින් මෙම අපූරු සූරතලා නොසළකා හැරිය යූතු නැත. එමෙන්ම කිසිවිටෙකත් හිරිහැර නොකළ යූතු අතර ඔවූන් කෙරෙහි නිසි සැලකිල්ලකින් කටයූතු කළ යූතුවේ. අනාදරයෙන් ක්‍රියා කළහොත් සූනඛයාගේ හැසිරීම දරුණූ වෙනස්වීමකට පත්වේ. එමනිසා නිසි සැලකිල්ල ලබාදී ඔහූ සමග සතුටින් දිවි ගෙවීමට ඉගෙන ගැනීම හොඳම ක්‍රමයයි.

ජලභීතිකාව සූනඛයින් ඇතුලු ඕනෑම කෂීරපායි සතෙකුට වැළඳිය හැකිය. එනිසා ඔබේ සූරතලා අවට පරිසරයේ වෙසෙන මීයන්. මූගටියන් හා ඌරුමීයන්ගෙන් ඈත්කර තබන්න. එන්නත් වාර්තා ප්‍රවේශමෙන් තබාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment