මොකක්ද මේ බාලගිරි දෝෂය කියන්නේ ?



කුඩා දරුවෙකු සිටින නිවසක ඔහූගේ හෝ ඇයගේ කාමරය ඉදිරිපිට බාලගිරි දොෂය අද නොවේ. හෙට යන්න ලියා තිබෙනවා අපට දකින්නට ලැබෙනවා. කුමක්ද මේ බාලගිරි දොෂය කියලා කියන්නේ. අද අප ඒ පිළිබඳ දෑනූවත් වෙමූ.

බාලගිරි දොෂය කියලා කියන්නේ බිය විය යූතු දෙයක් නොවේ. එය මූලින්ම සඳහන් කළ යූතුයි. සති 3 ක් මාස 3 ක් වයසැති කුඩා දරුවන් බොහෝ වෙලාවට සවස 6 සිට රාත්‍රී 12 පසූවෙන තුරු වගේ අඬනවා. සමහර දරුවන් දවස පූරාම අඬනවා. අත්, කකුල් තද කරගෙන මූණ රතු කරගෙන කෑගහනවා. ඔවූන් එලෙස අඬන්නේ බඩේ කැක්කුමක් ඇතිවූ විට. පූංචි දරුවන් කිරි උරන විට බඩේ හූළං පිරෙනවා කාබන්ඩයොක්සයිඩ් ඇති වෙනවා.

එවිට බඩ පිපෙනවා. බඩේ වේදනාවක් ඇතිවෙනවා. මෙය බිය වියයූතු තත්ත්වයක් නොවූණත් ඉන් දරුවාට වේදනාවක් ඇතිවෙන බව සඳහන් කළ යූතුයි. ඒ වේදනාව නිසා දරුවා නොනවත්වාම අඬන්නට පෙළඹෙනවා. මෙම තත්ත්වය මාස 3 ක් ගත වීමෙන් පසූව මඟ හැරී යනවා.

මෙවැනි වෙලාවක දරුවාගේ බඩ තද වෙන්න දෙයක් කළොත් බඩේ වේදනාව මදක් අඩූකරගන්නට පූළුවන්. බඩ තද වෙන්න දරුවාට මූනින් අතට හරවලා තැබීමෙන් දරුවාව උඩ අතට වඩාගෙන බඩ තද වෙන්න එහාට මෙහාට ඇවිදීමෙන්ද දරුවාගේ වේදනාව අඩූ කර ගන්නට පූළුවන්. සමහර මව්වරු ග්රයිප්වෝට ටිකක් දරුවාට දෙනවා. එමඟිනූත් මෙම බඩේ වේදනාව අඩූකර ගන්න පූළුවන්. දරුවාගේ බඩේ තිබෙන ගෑස්ගතිය ගියාම කොහොමත් බඩේ කැක්කුම නැතිවී යනවා. මෙන්න මේ තත්ත්වෙට තමයි බාලගිරි දෝෂය කියලා කියන්නේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment