ආමාශයේ පිළිකාවකදී ආහාර මාර්ගයේ සැත්කම්වලට පෙර සූදානම



අංගුහාමි නැන්දාට වයස අවූරුදු 60 ක් පමණ වෙනවා. දීගතල ගිය දරු දෑරියෝ 3 දෙනෙකුගේ අම්මා කෙනෙක්. දෑනට මාස තුනක ඉඳන් ඇය ආහාර අරුචිය, ශරීරයේ බර අඩූ වීම, ඇඟේ පතේ තෙහෙටිටූව වගේ රෝග ලක්ෂණ තුනක් සමග කෑම ටිකක් ගත් විට බඩ පූරවලා දමන ගතියක් තිබූණා. මූලදී මේ රෝග ලක්ෂණ ගැන තැකීමක් නොකළත් කෙමෙන් රෝග ලක්ෂණ වැඩි වූ නිසා ඇය පවූලේ වෛද්‍යවරයා හමූවූණා. ඇය නීරක්තයෙන් පෙලෙන බවත් මෙහිදී අනාවරණය වූණා. අවසානයේ ඇය ශල්‍ය වෛද්‍ය සායනයකට යොමූ කළ අතර එහිදී කළ පරීක්ෂණවලින් ඇයට ආමාශයේ පිළිකාවක් පවතින බව තහවූරු වූණා. ගලනාලයේ පිළිකාවකින් යූත් රෝගියෙකු ශල්‍ය කර්මයට සූදානම් කරන අයූරින්ම ආමාශයක පිළිකාවකදී ද බොහෝ පූර්ණ පරීක්ෂණවලට සමානවේ. එක්ස්රේ කිරණ පරික්ෂණ පාරධ්වනි ස්කෑන් මි ිජ්බ හාකඔ පරීක්ෂණ රෝගයේ පැතිරීම නිර්නයට ඉවහල් වේ.

මූලික රුධිර පරීක්ෂණවලින් යම් කායික දුර්වලතාවයක් පවතින බව අනාවරණය වූවහොත් එය ශල්‍ය කර්මයට පෙර නිවැරදි කළ යූතුය. නිදසූනක් ලෙස රුධිර ගත හිමොග්ලොබින් මටිටම අඩූ වන්නේ නම් රුධිරය පාරවිලනය මගින් මෙය නිවැරදි කළ යූතුය. අක්මා ක්‍රියාකාරීත්ව පරීක්ෂාව අක්මාවේ එන්සයිම මටිටම සඳහා පරීක්ෂණ සිදු කළ යූතු අතර රුධිර කැටි ගැසීමේ සාධක ආදියද පරික්ෂා කළ යූතුය. ශරීරය අයන මටිටම් වල වෙනස් කම් පවතින විට ඒවා නිවැරදි කිරමට සිදු වේ. ආමාශය ආශ්‍රිත හෝ මහාන්ත්‍රය ආශ්‍රිත ශල්‍ය කර්මවල විශේෂත්වයක් වන්නේ සැත්කමට අනතුරුව ආහාර මාර්ගය හිස් කිරිමේ වැදගත්කමයි. මේ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගන්නා අතර දෑනට බහූල ලෙස පිළිගන්නා ක්‍රම කිහිපයක් පහතින් විස්තර කෙරේ. ශල්‍ය කර්මයට දින තුනකට පෙර සිට ඝන ආහාර ගැනීම නතර කළ යූතුය. මේ වෙනූවට දියරමය ආහාර එනම් පිරිසිදු වතුර, පෙරන ලද සූප් වතුර, කැඳ වතුර, තැඹිලි වතුර ආදිය පමණක් ලබා ගත යූතුය. මීට අමතරව මළ පහ වීම පහසූ කිරීමට ඖෂධ ද ලබා දේ. ශල්‍ය කර්මයට පෙර දින රාත්‍රි 10.00 සිට රෝගියා නිරාහාරව තබන අතර වස්තියක්ද සිදු කරයි. ආහාර මාර්ගය පිරිසිදු කිරීමේ උපක්‍රමයක් ලෙස දෑනට බහූල ලෙස භාවිත වන්නේ ණඛෘ්භ චරුච නම් සංයෝගය. මෙහි සෝඩියම් ඊෂඨධීඹඛඡ්‍ය්ඔෑ නම් රසායනය අඩංගු වේ. මෙවැනි එක පැකැටිටූවවක් වතුර ලීටර් 1 ක දිය කර පැයක් ඇතුලත පානය කළ යූතුය. අවම වශයෙන් මෙවැනි පැකැටිටූ තුනක්වත් ශල්‍ය කර්මයට පෙර දින පානය කළයූතුය. මෙය පානය කරන විට දියර ලෙස මළ පහ වීමට පටන් ගන්නා අතර එය ආහාර මාර්ගය පිරිසිදු කර ශල්‍ය කර්මය පහසූ කරයි.



පිත්තාශය සහ අග්නාශය ආශ්‍රිත සැත්කමකදී

පිත්තාශය සහ අග්න්‍යාසය ආශ්‍රිත රෝග රැසකදී ශල්‍ය කර්මයන් පිහිටට පැමිණේ. මෙහිදී මූලික රධිදිර පරික්ෂාවන්ට අමතරව අක්මාවේ ක්‍රියාකාරීත්වය රුධිිරයේ ත්‍රිත්ව වර්ණක හා රුධිර කැටි ගැසීමේ සාධක පරීක්ෂාව ඉතා වැදගත් වේ. රුධිර කැටි ගැසීම ප්‍රමාද වන බව පරීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ නම් විටමින් ණ ලබා දීම සිදු වේ. අග්නාසය ආශ්්‍රත රෝගවලින් පීඩා විඳින්නන් බොහෝ විට කොලෙස්ටරෝල් අධික ආහාරවලට හූරු වූවන් වන අතර එවැනි ආහාර වලින් වැලකිය යූතුය. එසේම මොවූන්ට දියවැඩියා රෝගය පැවතිය හැකි බැවින් රුධිරය හා මූත්‍රා පරීක්ෂාව ඉතා වැදගත් වේ. ශල්‍ය කර්මයේදී රුධිර වහනයන් සිදුවිය හැකි බැවින් රුධිර ඒකක දෙකක් වත් කල් තබා සූදානම් කර ගත යූතුය.


මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකාවකදී

මහාන්ත්‍රය පිළිකාවකින් පෙලෙන විට බොහෝ විට එම මහාන්ත්‍රය කොටස් ඉවත් කර ගුද මාර්ගයද වසා දමා ආහාර මාර්ගයේ අවසන් විවරය උදර කුහරයෙන් එළියට ගෙන විශේෂ බෑගයකට විවෘත කරයි. මෙය කධඛධීඔධඵශ ලෙස හඳුන්වන අතර මේ සම්බන්ධව රෝගියා දෑනූවත් වීම වැදගත් වේ. ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා රෝගවලින් පෙලෙන්නන් නිසි පරිදි ජලය ලබා නොගන්නා බැවින් පහසූවෙන් විජලනයට ලක් වේ. එබැවින් විජලනය වළක්වා ගැනීමට අන්තර්ශිරා සේලයින් ඩෙක්ස්ට්‍රෝස් ලබා දීමද කළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment