තුන් කුළුඳුල් විවාහය සූදුසූ නැතිද?




අද සමාජයේ බොහෝ දෙනෙකුට පවූල්වල වැඩිමහල් වූ අය විවාහවීම සම්බන්ධයෙන් ගැටලු මතු වී තියෙනවා වගේම ඒ සඳහා බියකින්ද පසූවෙනවා. එක පවූලක වැඩිමහල් කෙනෙකු තවත් පවූලක වැඩිමහල් කෙනෙකුව විවාහ කර ගැනීම සූදුසූ නොවන බව පැරණි අය තුළ ඇති මෙම මතයේ යම් සත්‍යතාවක් තිබේද? එසේ නම් එයට හේතුව කුමක්දෑයි යන්න පිළිබඳව ආයූර්වේද වෛද්‍යවරයෙකුගෙන් මත විමසීමක් කළා.

එක පවූලක වැඩිමහල් කෙනෙක් තවත් පවූලක වැඩිමහල් කෙනෙකුට විවාහ කරදීමට පැරණි අය තුළ අකමැත්තක් තිබූණා. එම අකමැත්ත තමයි ගතානූගතිකව අද වනවිටත් පැවත එන්නේ. එසේ වැඩිමහල් දෙදෙනෙකුගේ විවාහයට දෙමව්පියන්ගේ බලපෑම ඇති වී තිබෙන්නේ තුන්කුළුඳුල් දරුවෙකු බිහිවීම නතර කර ගැනීම සඳහායි.

වෛද්‍ය විද්‍යාවට අනූව එක පරම්පරාවක වැඩිමහල් දරුවෙක් තවත් පරම්පරාවක වැඩිමහල් දරුවෙකු සමඟ සම්බන්ධවීම ගැටලුවක් හැටියට අප දකින්නේ නෑ.

පවූල තුළ ඇතිවන ඇවැස්ස නෑකමට ඇතිවන බැඳීම ගැටලු සහගතයි. නමූත් දෙමව්පියන් විසින් වැඩිමහල් දරුවාව තවත් වැඩිමහල් දරුවෙකුට විවාහ කරදීම සිදුකරන්නේ නෑ. ඇවැස්ස නෑකමට මනාපය ලබාදෙයි. මන්ද ඇවැස්ස නෑනා, මස්සිනාට හිමිවිය යූතුය යන සංකල්පයේ සිටින නිසා. එහෙත් මම මෙතනදී ලේ ඥාති විවාහය සූදුසූ නැති බව නම් පවසා සිටිනවා. එයට හේතුව වෛද්‍යවරයෙකු හැටියට පැවසිය යූතු වන්නේ ඔවූන්ගේ පරම්පරාවල ජානමය හේතුන් බලපෑමට හැකි නිසා. එවිට ඇතැම් විට ලැබෙන දරුවන් මානසික පීඩාවලට, කායික පීඩාවලට ගොදුරුවීමට ඉඩ ප්‍රස්ථාව තිබෙන හෙයිනි.

"තුන්කුළුඳුල්" ගතානූගතිකව මිනිසූන්ගේ ව්‍යවහාරයට පැමිණි දෙයක්. අපි ප්‍රථමයෙන් බලමූ කවූරුන්වද මේ කුළුඳුල් කියලා හඳුන්වන්නේ කියලා. කුළුඳුල් කියලා හඳුන්වන්නේ යම් යූවළක් විවාහ වූ පසූ මූලින්ම ඉපදෙන දරුවාටයි. හැම පවූලකම කුළුඳුල් දරුවා පවූලේ වැඩිමල් දරුවායි. තුන් කුළුඳුල් කතාවේ ආරම්භය පටන්ගන්නේ පවූල් දෙකක වැඩිමහල් දෙදෙනෙක් විවාහ වී ඒ අයට ලැබෙන දරුවා වැඩිමහල් වී තවත් එවැනිම වැඩිමහල් කෙනෙකු සමඟ විවාහ වී ඒ දෙදෙනාට ලැබෙන දරුවා තමයි තුන් කුළුඳුල් දරුවා වන්නේ. මෙසේ ඉපදුන තුන් කුළුඳුල් දරුවා පිරිමි දරුවෙක් කියා හිතමූ. මේ වගේම අනෙක් පවූලෙත් ගැහැනූ දරුවෙකුත් තුන් කුළුඳුලේ ඉපදෙන්නට ඕන.

මෙන්න මේ දරුවන් දෙදෙනාගේ බැඳීම තමයි තුන් කුළුඳුල් විවාහයක් වන්නේ. මෙවැනි දැ නම් ඉතා කලාතුරකින් සිදුවන දෙයක්.

වෛද්‍ය විද්‍යාව අනූව බලන විට ලේ ඥාතීන් නොවන්නේ නම් මෙවැනි විවාහයක් සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් නොවේ.

නමූත් තුන් කුළුඳුල් කතාවේ ඇති අනෙක් පැත්ත නම් බොහෝ වෙලාවට පූජා සම්බන්ධයෙන් පවතින මත. ඒ මත ඉතිහාසයේත් සඳහන් වෙනවා.

තුන් කුළුඳුල් දරුවන් සෙවීම ලෙහෙසි පහසූ කටයූත්තක් නොවේ. බිලිපූජා ආදිය ඈත අතීතයේ සිදුවී තිබෙනවා. එහෙත් බිලි පූජාවකදී කිසිම දෙයක් කවූරුවත් ලබාගෙන නෑ. එසේ යමක් සිදු වී ඇති නම් එය අපරාධයක් මිස ලබාගත් වස්තුවක් නොමැත.

තුන් කුළුඳුල් දරුවන් බිලි පූජාවට යොදාගත් බව ඉතිහාසයේ සඳහන් වන නිසා වෙන්න ඇති දෙමව්පියන් වැඩිමහල් දරුවන්ගේ විවාහයට අකමැති වන්නට හේතුව වී ඇත්තේ.

අද සමාජය, එදා පැරණි සමාජය වගේ නොවේ. අප ජීවත්වන්නේ සංකීර්ණ සමාජයක. ඒ නිසා ඒ ගැන අද එතරම් සැලකිල්ලක් දෑක්වීම අනූවණ කමකි. මෙවැනි මත සමාජීය ගැටලුවක් බවට පත්කර ගත යූතු නෑ.

තවද ඇතැම් අයගේ මතයක් තියෙනවා වැඩිමහල් දෙදෙනෙකුගේ විවාහය මඟින් විවාහ ජීවිතය අසාර්ථක වෙනවා කියලා. එවැනි මති මතාන්තර ද නිෂ්ඵලය කියලයි මට පවසන්නට තියෙන්නේ.

ආයූර්වේද වෛද්‍යවරයෙකු හැටියට මට කියන්නට තියෙන්නේ මෙවැනි පූහූ මතවල එල්බ සිටීමෙන් වැඩිහිටි වන ඔබ, වැඩිමහල් යනූවෙන් පවසා ආදරයෙන් සිටින දෙදෙනෙකුව වෙන් කරන්න එපා කියලයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment