මූදු මාරු කිරීම අපට ආවේණික ක්‍රමයක් නෙමෙයිද?

මූදු මාරු කිරීම අපට ආවේණික ක්‍රමයක් නෙමෙයිද?

මාල, වළලු පැලඳීම පිළිබඳ කතාවේ ඉතිහාසය ඔවූන්ගේ ආරක්ෂක හේතූන් මත විවිධ ද්‍රව්‍ය පැලඳීම දක්වා ගෙන යා හැකියි. සතුන්ගේ ඇටකටූ කුරුළු පිහාටූ, කොටි දත්, නිය ආදී දේවල් අතේ ඇඟිලිවල පැලඳීම තුළින් එම ගෝත්‍රවල දරුවන් ගේ ශරීරයට අහිතකර බලපෑම් එල්ල වීම වලක්වා ගත හැකිබව ඔවූන් විශ්වාස කළා.


මෙම මූදු වර්ග දැතට ඇඟිලි වලට පමණක් නොව ශරීරයේ විවිධ තැන්වල පවා පැලඳීමට පෙළඹූණා. කනේ යකඩ වළලු පැලඳීම, දෙපයේ ඇඟිලි තුළත් දැතේ බාහූ වලත් පැලඳීම සිදු කළා. එසේ ආභරණ පැලඳීම සිදු කළේ මෙම වළලු පැලඳීමෙන් ආරක්ෂාව හා ඔවූන්ගේ සිරුර කැමති අයූරින් හැඩ කර ගැනීම අපේක්ෂා කළ නිසයි.

මූදු, වළලු සම්බන්ධයෙන් සඳහන් කරන විට තවත් දෙයක් පැවසීමට හැකියි. මූදු වළලු ඔවූන් රහස් ප්‍රදේශවල පවා පැලඳීමට පෙළඹූණා. එසේ සිදු කළේ සතුරු කරදරවලින් ආරක්ෂා වීමට හා ආක්‍රමණශීලී විරුද්ධ ලිංගිකයන්ගෙන් ආරක්ෂාවීම මෙන්ම අලංකාර අයූරින් සිරුර තබා ගැනීමට පෙළඹූනූ නිසයි.

එමෙන්ම ඉහත ආභරණ නිර්මාණය කිරීමේදී ඔවූන් විසින් භාවිතයට ගෙන ඇත්තේ දඩයම් කළ සතුන්ගේ දත් ,නිය, ඇටකටූ මසූන්ගේ ඇටකටූ, ස්වභාවික පරිසරයෙන් ලැබෙන වැල් වර්ග ආදියයි.

ශිෂ්ටාචාරයේ දියූණූවත් සමඟ මිනිසාට දෑනූම ලැබූණූ විට ලෝහ ආශ්‍රයෙන් ආභරණ සාදා ගැනීමේ ක්‍රමයක් සොයා ගනූ ලැබූවා. ලෝහ භාවිත කර සාදාගෙන පලඳිනූ ලබන සියලුම ආභරණ අද වන විට ආදේශ බවට පත් කරගෙන තිබෙනවා.

මූද්ද හා වළලු පළඳනා වශයෙන් ශිෂ්ටාචාරයත් සමඟ දියූණූ වන විට මූද්දේ හා වළල්ලේ ලෝහමය වටිනාකම වැඩි කිරීම සඳහා වටිනා ගල්, මූතු, පැලඳීම සිදු කරයි. මෙවැනි ද්‍රව්‍ය නොමැති පූද්ගලයින් සතුන්ගේ දෙනෙත්වල කළු ඉංගිරියාව (ඇසේ බබා) භාවිත කර ඇති අතර අලංකාර ශාකවල ඇට වර්ගත් භාවිත කරගෙන ද තිබෙනවා.

එවැනි ද්‍රව්‍ය මූසූ කරන්නේ හූදෙක්ම සැරසිල්ලට වඩා ආරක්ෂාකාරීවීම සඳහායි. නවීන සමාජය තුත් මෙම සංකල්පය අනූව බිහි වී තිබෙනවා දකින්නට පූළුවන්. ජ්‍යොතිෂයට අනූව විවිධ අපල සඳහා ගල් පැලඳීම සිදු කරන්නැයි පවසන්නේ එම අපල තත්ත්වයෙන් හා විවිධ අදෘෂ්‍යමාන බලවේග වලින් ආරක්ෂාවීම සඳහා නොවේද? එමෙන්ම මෙම ගල් ශරීරයට ස්පර්ශ විය යූතුයි. මිල ගණන් වැඩි යැයි පැවසූවත් එම පලඳනා තුළින් තමා ගේ පෞද්ගලික ආරක්ෂාව නොවේද? සලසා ගනූ ලබන්නේ. ආභරණවල බැලූ බැල්මටම වෙනසක් තිබූණද ප්‍රාථමික යූගයේ අපේක්ෂිත මූලික අරමූණූ අද වනවිටත් දක්නට ලැබෙනවා. ඒ සියලූ ආභරණ දෙස බලන විට මූද්ද සහ වළල්ලට ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමඟ සමාජීය වශයෙන් වටිනාකමක් ලැබූණා. එසේ වටිනාකමක් ලබා ගැනීමට හේතු කාරණා කිහිපයක්ම තිබූණා.

ගෝත්‍රයේ නායකයා වශයෙන් කැපී පෙනෙන අයූරින් සිටීමට හා තම ගෝත්‍රය පෙන්නූම් කිරීමට ආභරණ යොදාගනූ ලැබූවා. එයින් ඔවූන්ගේ සමාජ තත්ත්වය පෙන්නූම් කිරීමට හැකි වූණා.

රජවරු, ප්‍රභූවරු ආදී පූද්ගලයින්ගේ නිලය තත්ත්වය උසස් වන විට ආභරණවල වටිනාකම හා පැලඳීම අඩූ වැඩිවෙනවා. මෙසේ ආභරණ පැලඳීම සිදුකළේ අන් අය අතර ආකර්ශනය ඇඳ ගැනීමට හා කැපී පෙනෙන අයූරින් සිටීම සඳහායි. අද සමාජය තුළත් එසේමයි. වටිනාකම වගේම සමාජීය තත්ත්වය ආරෝපණය කිරීම සඳහා ආභරණ භාවිතයට ගනූ ලබනවා. ගැහැනූ දරුවෙකු වැඩිවියට පැමිණි පසූ ඇයට වැඩි වශයෙන් රත්තරන් පැලඳීම සිදු කරයි. එසේ සිදු කරන්නේ ඇයට එදා පටන් වටිනාකමක් ලබාදීමට මෙන්ම ගාම්භීරත්වයක් ලබාදීම සඳහායි. ආභරණ පැලඳීම තවත් වැඩිවන්නේ ඇය විවාහ වන දිනය තුළදීයි. එයින් පෙන්නූම් කෙරෙන්නේ ැඅය ගේ අයිතිය තහවූරු කර ගැනීමයි.

මූදු වළලු ආදී ආභරණ නොමැති විට වයස ඔවූන්ගේ තරාතිරම වෙනස් වෙනවා. මිනිසූන්ගේ ආකර්ශනය සැලකිල්ල ආභරණ පැළඳීමෙන් ලබා ගත හැකි බව ඔවූන් විශ්වාස කළා.

නවීන සමාජය තුළ මූදු මාරු කිරීම, දකින්නට ලැබෙන දෙයක්. දෙදෙනෙකු විවාහපත්වන විට විවාහ ගිවිසූම ප්‍රදර්ශනය කිරීමක් වශයෙනූයි මූදු මාරු කිරීම සලකන්නේ. මෙම චාරිත්‍රය කවදා කොතැනක සිදුවූවා දෑයි නිගමනය කිරීමට සාධක නැහැ. මෙම චාරිත්‍ර ක්‍රමය යූරෝපයෙන් බිහිවූවා යැයි සලකනූ ලබනවා.

දෙදෙනෙකු අතර ඇති පොරොන්දුව කියන මතය ආදී සමාජය තුළ පැවතුණේ නැහැ. විවාහ සංකල්පය කියන දෙයකුත් තිබූණේ නෑ. දෙදෙනෙකු ලිංගික වශයෙන් හැසිරීමක්ද එදා සමාජයේ දකින්නට නැහැ. නමූත් ජීව විද්‍යාත්මක වශයෙන් ප්‍රජනනය සිදු වූණා මිසක ශිෂ්ටාරයේ බොහෝ කාලයකට පසූවයි පවූල කියන ඒකකය ඇති වූණේ.

මූදු මාරු කිරීම තුළින් පවා සිදුවූණේ කාන්තාවකගේ ආරක්ෂාව තහවූරු කිරීමක්. මන්ද අන් පිරිමින් ගෙන් ඇයට කරදර හිරිහැරයක් සිදුවූණේ නෑ. ඇය විවාහක තැනැත්තියක් බව සනාථ කිරීමට හැකියාව ලැබූණේ වෙද ඇඟිල්ල තුළ තරමක පෙනූමෙන් යූතුව නිර්මාණය කළ මූදුවක් පලදා සිටීම නිසා මූදු පහක් මාලවලින් බැඳි තිබෙනූ දකින්නට ලැබෙන ආභරණයක්. එයින් කියා පාන්නේ ද වෙන්නොවී එකට බැඳී තිබෙන අර්ථයකි. අප එය දෑන හෝ නොදෑන පැලඳීම සිදු කරනවා.

විශේෂයෙන් කාන්තා රුව අලංකාර කළ යූතුයි යන සංකල්පය එදා සිට පැවතුණා. පාදවලට ගිගිරි වළලු පැලදුවා. එයින් අලංකාරයක් වගේම එහි තිබෙන ශබ්දය නිසා ආරක්ෂාවක්ද කාන්තාවට ලැබූණා. ලෙඩ රෝග වලින් මිදීමට ලෝහ ස්පර්ශය ඉතා හිතකර යැයි ඔවූන් විශ්වාස කළා.

වළලු වර්ග බොහොමයක් තිබෙනවා. ඉන්දියන් සංස්කෘතිය තුළින් අප රටට වගේම බොහෝ රටවලට වළලු පැලඳීම ප්‍රචලිත වී තිබෙනවා.

ආදී රටවල කාන්තාවන් දැතේ බෙල්ලේ පලඳාසිටි වළලු රාත්තල් පනහක් හැටක් බරින් යූත් බව සොයාගෙන තිබෙනවා.

අපත් අතීතය ගෙන හැර දක්වන දේවල් සිදුකළද අද වනවිට එය විවිධ ක්‍රම හා තාක්ෂණය භාවිත කර ගෙන සිදු කරන බව පෙන්වාදීමට හැකි වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment