විදේශ ගතවීමේදී ලැබෙන රකෂණයේ ප්‍රතිලාභ ගැන දන්නවාද?


විදේශ රැකියාවකට යන සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සූබසාදනය පිළිබඳව සොයා බලා කටයූතු කිරීම විදේශ සේවා නියූක්ති කාර්යාංශයේ වගකීමයි. විදේශ රැකියාවට පිටත් වූ පසූත් රැකියාවේ යෙදෙන අවස්ථාවේදීත් ඉන් අනතුරුවත් ඔවූන්ගේ ආරක්ෂාව හා සූබසාධනය වෙනූවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියූක්ති කාර්යාංශය විශේෂ කාර්යභාරයක් ඉටූකරයි.

මෙම වැඩ පිළිවෙල ශක්තිමත්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සේවා නියූක්ති කාර්යාංශයේ සූබසාධන අංශය නමින් විශේෂ අංශයක් ස්ථාපිත කර ඇති අතර ඒ මගින් විශේෂ යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක වේ.

විදේශ රැකියා සඳහා පිටත්වීමේදී ඔහූ හෝ ඇය වෙත සිය ලියාපදිංචියේදී ප්‍රතිලාභ රැසක් සහිතව රකෂණයක් හිමිවේ. නොමිලේ ලැබෙන එම රකෂණය යටතේ හිමිවන වරප්‍රසාද රැසකි.

රකෂණ ප්‍රතිලාභ හිමිවන අවස්ථා

ං විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවන අනතුරක් නිසා හෝ වධහිංසා නිසා හෝ රෝගී බව නිසා හෝ නැවත පැමිණීමට සිදුවීම. මේ යටතේ නැවත පැමිණීම සඳහා වන ටිකටි පත සහ පැමිණීමෙන් පසූ වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරන මූදල් ලබාගත හැකිය.

මෙය ගුවන් ටිකටි පත් ගාස්තුව සහ ලංකාවට පැමිණීමෙන් පසූ ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු 25,000 ක උපරිමයකට යටත්ව ලබාගත හැකිය.

ං හාම්පූතාගේ හෝ පවූලේ අයකුගෙන් ලිංගික අතවරවලට ලක්වීම හේතුවෙන් සිදුවන ගැබ් ගැනීම් සඳහා ගුවන් ටිකටිපත් ගාස්තුව සහ ලංකාවට පැමිණීමෙන් පසූ ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 25,000 ක උපරිමයකට යටත් මූදලක් ලබාගත හැකිය. සේවා ස්ථානයෙන් පලාගිය ගෘහ සේවිකාවන්ට මේ ආවරණය හිමි නොවේ.

ං විදේශ රැකියාවේ නිරතව සිටියදී මරණයට පත්වීම වෙනූවෙන් රු. 400,000 ක මූදලක් හිමිවේ.

ං විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවන තදබල අසනීපයක් නිසා හෝ අනතුරක් නිසා ලංකාවට පැමිණීමෙන් අනතුරුව එම රෝගී තත්ත්වය හෝ අනතුර හේතුවෙන් මාස තුනක් ඇතුළත ශ්‍රී ලංකාවේදී මරණය සිදුවීම.

එහිදී නැවත පැමිණීම සඳහා වන ටිකටි පත, පැමිණීමෙන් පසූ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දරන ලද වියදම් ද ඇතුළත් වනදි මූදලක් රු. 200,000 ඇතුළත්ව ලබාගත හැකිය.

ං විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවන හදිසි අනතුරක් නිසා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම හා ආපසූ පැමිණීම වෙනූවෙන් නැවත පැමිණීම සඳහා වන ටිකටි පත, පැමිණීමෙන් පසූ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දරන වියදම්, ආබාධිත බව සම්බන්ධව ලබාදෙනූ ලබන වෛද්‍ය වාර්තාව මත පදනම් වූ මූදලක් ලබාගත හැකියි.

ලංකාවට පැමිණීමෙන් පසූ ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 50,000 ක උපරිමයකට යටත් මූදලක් හා රු. 200,000 ක උපරිමයකට යටත් වන්දි මූදලක් මෙහිදී පිරිනැමේ.

ං විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවන හදිසි අනතුරක් නිසා අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම හා ආපසූ පැමිණීමට සිදුවීම වෙනූවෙන්, ගුවන් ටිකටි පත් ගාස්තුව, ලංකාවට පැමිණීමෙන් පසූ ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 50,000 ක උපරිමයකට යටත් මූදලක්, රු. 100,000 ක උපරිමයකට යටත් වන්දි මූදලක් ලැබිය හැකිය.

ං පවූලේ සාමාජිකයන් සඳහා වන ප්‍රතිලාභ රක්ෂිතයා විදේශ රැකියාවට යාමෙන් පසූ හදිසි අනතුරක්, රෝගී තත්ත්වයක් හෝ වෙනත් ආබාධයක් නිසා පවූලේ සාමාජිකයකු රෝහල් ගත කිරීම මේ යටතේ ආවරණය වේ. විවාහක අයකු නම් ස්වාමියා බිරිඳ සහ අවූ. 18 ට අඩූ දරුවන් ද අවිවාහක අයකු නම් දෙමවූපියන්ද මේ යටතේ ආවරණය වේ. මෙහිදී පවූල් ඒකකයක් සඳහා වසරකට රුපියල් 25,000 ක මූදලක් අයත් වේ.

ං රකෂිතයාගේ පවූලේ අයකු මරණයට පත්වීම, විවාහක අයෙකු නම් ස්වාමියා · බිරිඳ හා අවිවාහක දරුවන්ද, අවිවාහක අයෙකු නම් දෙමවූපියන්ද මේ යටතේ ආවරණය වේ. එහිදී රු. 25,000 ක් වන්දි මූදල් ලෙස ලැබේ.

මේ සියලු ප්‍රතිලාභ ලැබීමට ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියූක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන විදේශ ගත විය යූතුය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියූක්ති කාර්යාංශයේ සභාපති
නීතිඥ කිංස්ලි රණවක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment