තෙල්, මිරිස් වැඩිපූර ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටීස්වලට හේතු වෙනවාද?




ගැස්ට්‍රයිටීස් කියන විට මෙහිදී නිවැරදි වචනය පවසන්නට ඕනේ. බොහෝ මිනිසූන් පූරුදු වී තිබෙන්නේ ගෑස්ටික් යනූවෙන් පැවසීමටයි. ගෑස්ට්‍රික් කියලා රෝගයක් නැහැ. ගැස්ට්‍රයිටීස් කියන රෝගයයි නිවැරදි වන්නේ.

මෙය අද වනවිට බොහෝ අයට තිබෙන රෝගී තත්ත්වයක් විදිහට පෙන්වා දීමට හැකියි. දේශීය ආයූර්වේදයේ දී මෙම රෝගයට "අම්ල පිත්ත රෝගය" යනූවෙන් හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ අප සිරුරේ ආමාශය තුළ පිත සහ කප නාශක ගුණය ඇති හෙයිනි. පිත නිසා දාහය ඇතිවී දෑවිල්ල ඇතිවෙනවා සේම කප ගුණය තිබීමෙන් මේ තත්ත්වය සිසිල් කිරීමේ ගුණය ඇති වෙනවා. හරියටම හිරු හා සඳු වගේ තමයි. හිරුගේ රශ්මියෙන් හා පරිසරය දැවෙනවා වාගේ අප සිරුරේ පවතින ආමාශ ඉනද්‍රිය තුළ පිත වැඩි වූ විට දෑවිල්ල හටගන්නා අතර කප තිබීමෙන් සිසිල් වෙනවා. මෙන්න මේ කියන පිත හා කප තත්ත්වයන් අප සිරුර තුළ සමාන අයූරින් ක්‍රියා කළ යූතුයි. එසේ නොවී පිත කපට වඩා වැඩිවීමෙන් ආමාශයේ දෑවිල්ල ඇතිවීම නිරායාසයෙන්ම සිදුවෙනවා.

නිවැරදි ලෙස හා සරලව පවසනවා නම් අප ගන්නා ආහාර ජීර්ණය කරවීම සඳහා අවශ්‍ය කරන පිත් ශ්‍රාවයන් හා ආම්ලික ශ්‍රාවයන් ආමාශයේ පවතිනවා. එම ශ්‍රාවයන්වලට ආමාශයේ යූෂ කියලත් අප හඳුන්වනූ ලබනවා. ඇතැම් අවස්ථාවලදී මේ පවතින ශ්‍රාවයන් වැඩි වශයෙන් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙන්නට පූළුවන්. එම අවස්ථාවන්වලදී මෙම ශ්‍රාවයන් නිකුත් වී ආමාශයේ තුවාල ඇතිවීමට පූළුවන්. මේ තත්ත්වය තමයි අප අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් කියලා පවසන්නේ.

ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය ඇතිවන්නට බලපාන හේතු මොනවාද?

මෙම රෝගී තත්ත්වයට බොහොමයක් හේතු සාධක බලපානවා. එක කාරණාවක් තමයි ආයූර්වේදයේ හඳුන්වන අගුණ ආහාර වර්ග වන තීකෂණ, උෂ්ණ, කටූක, විදානි යන ආහාර ගත් විට මේ රෝගය ඇතිවෙනවා. ඒ කියන්නේ තෙල්, අධික මිරිස්, බැදුම් ආහාර, ඉස්සන්, දෑල්ලන්, කකුළුවන් ආදී සැර මත්ස්‍ය ආහාර හා අන්නාසි, තක්කාලි, දෙහි, අච්චාරු ආදී ඇසිඩ් අඩංගු ආහාර වර්ග වැඩි වශයෙන් ගැනීමෙන් මේ තත්ත්වය ඇතිවෙනවා.

තවද අප ආහාර වේල ගනූ ලබන්නේ අවිවේකී ලෙසයි. නියමිත වේලාවට ආහාර නොගෙන අධික ලෙස තෙල්, මිරිස්, බැදුම් යොදා සකස් කරන කෂණික ආහාර ගැනීමට පූරුදු වී සිටින නිසාත් මෙම තත්ත්වය ඇතිවෙනවා. උදාහරණයක් විදිහට ෆ්‍රයිඩ් රයිස්, බූරියානි, ඉස්සන් වැනි ආහාර මිලදී ගෙන ආහාරයට ගැනීමට පූරුදු වී සිටී. මෙලෙස නිරාහාරව සිට තෙල් ආදී ආහාර ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් ඇතිවීමට පූළුවන්. ආහාරවලින්ම පමණක් නොවේ, මානසික හේතු ඇතිවීමෙන් හා විවිධ ඖෂධ භාවිතය නිසා ද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට පූළුවන්.

මෙය අද වනවිට ලොකු අයට වගේම කුඩා දරුවන්ටද ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් බව පැවසීමට පූළුවන්. මෙම තත්ත්වය දරුවන්ට ඇති වී තිබෙන්නේ දෙමව්පියන්ගේම වරදිනි. දරුවන්ට නියමිත වේලාවට පෝෂණ ගුණයෙන් යූතු ආහාර ගැනීම පූරුදු නොකර ඔවූන්ව කෂණික ආහාර ලබාදීමට හූරු කිරීම නිසයි. ඒ වගේම උදැසන ආහාර වේල ඉතාමත් වැදගත් බවත් මතක තබා ගන්න. රාත්‍රී ආහාර වේලෙන් පසූ උදැසන අවදිවන තුරු අප නිරාහාරව සිටින නිසා උදැසන ආහාරය ඉතා අවශ්‍යයි. එයින් මේ රෝගී තත්ත්වය මඟහරවා ගැනීමට හැකිවෙනවා.

අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී එය අවස්ථා දෙකකදී සිදුවිය හැකියි. ආහාර ආමාශයට ගිය විට ඇති වන දැවිල්ල එය අප "අන්නත් ද්‍රව ශූල" යනූවෙන් හඳුන්වනවා. මෙය බටහිර වෛද්‍යවරුන් පවසන්නේ "ගැස්ට්‍රික් අල්සර්" යනූවෙනි. මෙයින් සිදුවන්නේ ආහාර නොගෙන සිටීමට පූරුදු වී සිටින අතර ඔවූන්ගේ සිරුර කෙසඟවීම සිදුවෙනවා. මෙහි ඇතිවන දෙවන අවස්ථාව වන්නේ ආහාර ගෙන පැය කිහිපයකදී (ආහාර පරිණතඃවීමේදී)ඇතිවන වේදනාව. එම වේදනාව ඇතිවන්නේ ග්‍රහණිය ආශ්‍රිතවයි. මෙය "ඩියෝඩිනල් අල්සර්" යනූවෙන් හඳුන්වනවා. මෙම රෝගී තත්ත්වය තිබෙන අය නිතරම ආහාර ගැනීමට පූරුදු වී සිටියි. එයින් ඔවූන් තරබාරු වීම නිරායාසයෙන්ම සිදුවෙනවා දකින්නට පූළුවන්.

අම්ල පිත්ත රෝගීන් ගතයූතු ප්‍රතිකාර මොනවාද?

මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට නම් පිත සමනය වන ඖෂධ ලබාගත යූතුයි. කිරි ආහාර ගුණ ලබා දුන්නද පමණට වඩා ආහාර ගැනීමෙන් විවිධ රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බවත් මතක තබා ගත යූතුය.

ආයූර්වේදයට අනූව නිවසේ කළ හැකි ප්‍රතිකාර වන්නේ උදැසන අවදි වූ විගස හිස්බඩ කෝමාරිකා මදය ගෙන සීනි සමඟ ආහාරයට ගැනීමයි. එමෙන්ම මූංඇට, සව්, බාර්ලි, කොමඩූ, පිපිඤ්ඤා ආදී සිරුර සිසිල් කරවන ආහාර ගැනීම වඩා ගුණදායක වේ. ඔබ මේ සඳහා ප්‍රතිකාර නියමිත පරිදි ලබා ගන්නේ නම් පලපූරුදු වෛද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ලබාගත යූතුය. අම්ල පිත්ත රෝගී තත්ත්වය සූව කරගත හැකි රෝගී තත්ත්වයක් වන අතර මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට ඔබ විසින් ෆයි එස් 5ී සංකල්පය අනූගමනය කළ යූතුය.

ස්පිරිටි වර්ග භාවිතය අවම කිරීම (මධ්‍යසාර, බෝතල් බීම වයින් ආදිය)

ස්මෝකින් ඃ දුම්පානය අත් හැරීම

ස්ටාර්ච් ඃ පිෂ්ඨය අධික ආහාර ගැනීමෙන් වැළකීම. (විශේෂයෙන්ම පාන්පිටි නිෂ්පාදන, බතල, කොස්, දෙල්)

ස්පයිස් ඃ කුළුබඩූ වර්ගවලින් ඈත්වීම (ගම්මිරිස්, මිරිස් ආදිය අධික ලෙස ආහාරයට ගැනීමෙන් වැළකීම)

ස්ටේ‍රස් ඃ මානසික ආතතිය අවම කිරීම

මේ සංකල්පය අනූගමනය කිරීමෙන් ඔබට ගැස්ට්‍රයිටීස් රෝගයෙන් මිදීමට හැකියාව තිබෙනවා.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment