විදේශ ගතවීමට සූදානම් වන ඔබට




විදේශ ගත වීම අපට සිතුණ පමණින් කළ හැකි දෙයක් නොවේ. ලංකාව තුළ බසයක නැගී ගමනක් යන තරම් පහසූවෙන් ගුවන් යානයකින් වෙනත් රටකට යාමට නොහැක. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කරගත යූතුය.

1. ලිපි ලේඛන

1. ගමන් බලපත්‍රය පාස් පෝටි එක

ගමන් බලපත්‍රයක් නොමැතිව රටකට ඇතුළු වීීමට හෝ රටකින් පිටවීීමට නොහැක. ඒ නිසා තමන්ගේ ගමන් බලපත්‍රය තමා ළඟ ඉතා පරිස්සමින් තබා ගත යූතුය.

ගමන් බල පත්‍රය ලබාගැනීම, වෙනස් කිරීම හා දීර්ඝ කිරීම කළයූත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙනි. එය පූංචි බොරැල්ලේ පිහිටා ඇත.

සියලු රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍රයක් ලබාගැනීම වඩාත් සූදුසූය. පිටරට යාමට පෙර පාස්පෝටි එකේ ඡායාපිටපතක් ලබාගෙන නිවසේ සාමාජිකයන් වෙත තබන්න.

2. වීසා බලපත්‍රය

වීසා බලපත්‍රයක් යනූ යම් රටකට ඇතුළු වී එහි නියමිත කාලයක් සිටීමට එම රටෙන් ලැබෙන අවසර පත්‍රයයි. වලංගු වීසා බලපත්‍රයක් නැතිව ඔබට එම රටට යාමට අවසර නොලැබේ.

3. පූහූණූ සහතිකය

පළමූ වරට ගෘහ සේවයට පිටරට යන කාන්තාවන් පිටරට යාමට පෙර ඒ පිළිබඳ පූූහණූ වී පූහූණූ සහතිකයක් ලබාගැනීම අනිවාර්ය වේ. තවද මැද පෙරදිග රටවලට හා මැද පෙරදිග නොවන රටවලට සහ කාන්තාවන්ට වෙන වෙනම පන්ති පැවැත් වේ. අදාල රටෙි මාස 6ට වඩා පලපූරුද්දක් ඇති කාන්තාවන්ට නම් පූහූණූ සහතිකයක් අවශ්‍ය නොවේ.

4. සේවා ගිවිසූම්

සේවා ගිවිසූම් යනූ නූපූහූණූ රැකියාවකට පිටරට යන සෑම පූද්ගලයකු විසින්ම ලබාගත යූතු නීතිමය ලියවිල්ලයි. ඔබ ඥාතියෙකු හෝ වෙනත් අඳුනන අයෙකු මාර්ගයෙන්

රැකියාවකට විදෙස් ගත වන්නේ නම් මෙම ගිවිසූම් විදේශ සේවා නියූක්ති කාර්යාංශයෙන් හෝ දිස්ත්‍රික් මධ්‍යස්ථානයකින් ලබා ගෙන ඔබත් සේවය ලබා ගන්නා අදාල ආයතනයත් ගිවිසූමට අදාල කොටස් සම්පූර්ණ කළ යූතුය. ඔබ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් යන්නේ නම් මෙම සේවා ගිවිසූමට අදාල කටයූතු ඔවූන් විසින් කර දෙනූ ඇත.

5. වෛද්‍ය සහතිකය

විදේශ රටක රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයෙන් පිටත්ව යන සෑම අයෙක්ම විදේශ සේවා නියූක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් මගින් වෛද්‍ය පරික්ෂණයකට භාජනය වී වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වේ. පෞද්ගලික මාර්ගයකින් පිටරට යෑමට සූදානම් කරගන්නා අයද මෙම වෛද්‍ය සහතිකය ලබාගැනීම වඩාත් සූදුසූයි.

6. රක්ෂණ ආවරණය

විදේශ සේවා නියූක්ති කාර්යාංශයේ ලියාපදංචි වන සෑම අයකුටම නොමිලේ රක්ෂණ ආවරණයක් හිමි වේ. මෙම රක්ෂණ ආවරණය වසර 2 ක් පමණක් සීමා වේ. එය සේවය දීර්ඝ කරමින් නැවත ලියාපදිංචිය අලුත් කළ විට දීර්ඝ කළ හැකිය. වැඩි විස්තර ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලයකින් ලබා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment