මංගල දිනයේදී මාල හත පළඳින්නේ ඇයි?



කාන්තාවගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර, අදවනවිට වෛද්‍ය මතය අනූව කාන්තාවකට තිබෙන පිරිසිදුතාවය පූරුෂ සම්බන්ධයක් නොමැතිව වූව ද නැතිවී යෑමට ඉඩ තිබෙන බව පවසා සිටිනවා. නමූත් අතීතයේ පටන් දියූණූ වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබඳව දැනූමක් පැරැන්නන් තුළ නැතිවූණා කියලා කියන්නට අපහසූයි. කාන්තාවක් වහළියක් වශයෙන් සලකනවා වෙනූවට ඔවූන් කාන්තාවක් වටිනවා කියලා සිතුවේ ඇයගේ මෙන්න මේ පාරිශුද්ධතාවය තිබෙන බැවිනි.


ස්ත්‍රියකගේ හා පූරුෂයෙකුගේ ශාරීරික ලකෂණ වෙනස්. පිළිගත් සම්ප්‍රදායන්, වත්පිළිවෙත් සියල්ලන්ගෙන්ම ආරක්ෂාවීමට වැඩි බලපෑමක් තිබෙන්නේ ස්ත්‍රියටයි. මෙවැනි වත්පිළිවෙත්වලින් ආරක්ෂා නොවන්නේ නම් ඇය විනාශවීමේ වැඩි අවදානමක් ගනී. මන්ද මෙවැනි අනියම් සබඳතාවකින් අවසානයේදී අසරණ වන්නේ කාන්තාවයි. මෙවැනි තත්ත්වයකින් කාන්තාව ආරක්ෂා කර ගැනීමට තමයි චාරිත්‍ර, ඇදහිලි පැරණි අය සිදු කළේ.

උදාහරණයක් විදියට කියනවා නම් කාන්තාවකට දිය නාන්නට තොටූපොළට තනියෙන් යැවීමක් සිදු කළේ නෑ. තොටූපෙළ ළඟ යකුන් සිටිනවා යනූවෙන් ඇයව බිය ගැන්වීමක් කළා. එසේ ඇයට මෙවැනි කාරණා පිළිබඳව වැඩිහිටියන් විසින් ඉතා සූරකෂම ලෙස කියාදී කණ්ඩායම් වශයෙන් ආරක්ෂාකාරී ලෙස යෑමට තමයි අවසර ලබාදුන්නේ. එසේ ඇයට දැඩි විනයක් සහ ආරක්ෂාවක් ලබා දුන්නේ පිරිමි ග්‍රහණයෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි. මෙන්න මේ විනය තුළ තමයි සිංහල කුල කාන්තාවක් ඇය ගේ මඟුල් දිනය එළැඹෙන තුරු දෙමාපියන් විසින් ආරක්ෂා කරගනූ ලැබූවේ.

තම දියණියව විවාහ කර දීම සඳහා චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටූකරනූ ලබන අතරම ඉන් ප්‍රධාන සාධකය වන්නේ එම මනාලියගේ පාරිශුද්ධත්වය සනාථකර පෙන්වීමයි. මනාලියගේ සහ මනාලයා ශුද්ධ තත්ත්වයට පත්ව ඇති බව සනාථ කිරීම සඳහා මංගල පෝරුව නිර්මාණය කර පෝරුවක තැබීමක් සිදු කරන්නේ. මංගල පෝරුව නිර්මාණය කිරීමේදී ද එය තරමක් උස්ව සිටින අයූරින් සකස් කරන අතරම ඒ සඳහා ඖෂධීය ගුණයෙන් යූතු ලීයක් භාවිතයට ගන්නා අතර එය අලංකාර අයූරින් සැරසීමක් ද සිදු කරයි.

මංගල දිනයේදී සාමාන්‍ය ජනයාගෙන් කැපී පෙනෙන අයූරින් මනාලිය සහ මනාලයා දිස්වන්නේ. විශේෂයෙන් මෙතැනදී කාන්තාව අනෙක් අය අතර කැපී පෙනෙන ආකාරයට සිටීම සිදු කළා. එම මනාලියව එදින දෙවඟනක් සිටින අයූරින් සැරසීම සිදුකළේ. සියලුම ඇඳුම් පැළඳුම් අතුරින් සූවිශේෂී තැනක් ඇය පළඳා සිටින මාල හතට ලැබූණා. එකට එකක් විශාල වන පරිදි සකස් කෙරුණූ මාලවල අවසාන මාලය මනාලියගේ දෙපතුල දක්වා දිගින් යූතු වූණා. එම මාලය පොළවට ගෑවී නොගෑවී සිටින ලෙස පැළඳීම සිදු කළා. අදනම් මෙය මනාලියගේ උස, මිටිභාවය අනූව සකස් කරගනූ ලබනවා.

මනාලිය විසින් පළඳා සිටින මාල හත, පෙතිමාලය, ගෙඩි මාලය, කිරිබෝ මාලය, පොල් මල් මාලය, අගස්ති මාලය, ගෙල පෙති මාලය, තවලම් මාලය යන නම්වලින් හඳුන්වනූ ලබන අතර මේ සියලුම මාලවල අවසානයේ පදක්කමක් තිබෙනවා දකින්නට පූළුවන්. තව ද මේ මාල හත පත්තිනි මෑණියන්ගේ නම් වලින්ද හඳුන්වනූ ලබනවා.

මේ මංගල මාල හත වටිනා ලෝහ සහ මැණික්වලින් නිර්මාණය කළ ද එම නිර්මාණ තුළ ගොඩනැගී තිබෙන්නේ අපට ප්‍රයෝජනවත්, ස්වභාවික ඖෂධ වන අරළු, බූළු, කිරි බෝ ඇට, පොල්මල්, අගස්ති ඇට, ආදී ගෙඩිවල හැඩවලට අනූකූලවයි.

මෙසේ වටිනා ලෝහවලින් නිර්මාණය කර තිබෙන මාල හතෙන් පෙන්නූම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත් දෙනාගේ ගුණයි. අතීතයේ සිට අද දක්වාම අප විශ්වාසයකින් හා ගෞරවණීයත්වයකින් යූතුව දේවත්වයෙන් වැදුම් පිදුම් කරන එකම දෙවි කාන්තාව පත්තිනි මෑණියයි. එයට හේතුව කාන්තාවගේ පිරිසිදු බව සංකේතවත් කරන නිසාවෙනි.

පත්තිනි පාලඟ දෙදෙනා අතර ඇති සබඳතාවය කිසිදාක නොබිඳුණූ එකකි. පාලඟ ඇයට කොතරම් වෙනස්කම් කළ ද ඇය ඉවසීමෙන් හා පති භක්තිය රැකෙන අයූරින් සිටි කාන්තාවකි. මෙන්ම මේ පති භක්තිය ඇති කාන්තාවක් ලෙස ප්‍රකට බැවින් ඇයට පත්තිනි යන නාමයෙන් ද හැඳින්වූ අතරම ඇයගේ ආත්ම හතක ගුණ ස්මරණය කිරීම සඳහායි,

කුල ගෙදරට යන පතිනියකට මාල හත පළඳා පෝරුවක චාරිත්‍ර ඉටූකරන්නේ. ඉන් අනතුරුවයි මනමාල මහතාට හා එම පිරිසට ඇයව භාර දෙනූ ලබන්නේ. මංගල මාල හත මනාලිය වන දියණියකට එදින පළඳන්නේ ඇයත් පත්තිනි මෑණි කෙනෙකු විදිහට සලකනූ ලබන නිසාවෙනි.

ශ්‍රී ලංකා කලා සංගමයේ සභාපති,
මානව විද්‍යාඥ ඃ පණ්ඩූල ඇඳගම

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment