හිසකෙස් ආරක්ෂාකර ගැනීමට හෙනා සත්කාරය

වර්තමානයේ කුඩා ළමූන්ගේ පවා හිසකෙස් සූදුවීම දක්නට ලැබනෙවා. එයට හේතුව ඇපි ආහාරයට ගන්නා ආහාර විය යූතුයි. සාමාන්‍යයෙන් රූපලාවන්‍ය ප්‍රතිකාර සිදු කරන්නේ අවූරුදු 18ට පසූවූ විටයි. නමූත් මෙම හෙනා ප්‍රතිකාරය ඊට අඩූ වයස් මටිටමේ අයට වූවත් කිරීම සූදුසූයි. ඊට හේතුව මෙය ස්වභාවික සත්කාරයක් වන නිසයි.


හිසකෙස් අඩූ අයට, සූදු හිසකෙස් ඩයි කිරීමට අකමැති අයට සහ ආසාත්මිකතා ඇතිවිය හැකි අයට මෙම හෙනා ප්‍රතිකාරය සූදුසූයි. හෙනා ප්‍රතිකාරය කිරීම මඟින් හිසකෙස් වර්ධනය වන අතර හිසකෙස් වලට පිරුණූ බවක් ගෙනදේනවා සූදු හිසකෙස් තද දුඹූරු පැහැයට ගැනීම සඳහා හෙනා පවූඩර් සමඟ කෝපි කුඩූ හෝ තේ කහට මිශ්‍රකර ගත යූතුයි. මෙය කන්ඩිෂනර් එකක් ලෙස භාවිත කරන්නේ නම්, යෝගටි හැන්ඳක් සහ බිත්තර සූදු මදය දමා මිශ්‍ර කරගත යූතුයි. හෙනා සත්කාරය මඟින් හිසකෙස් වියළි වීමට ඉඩ ඇති බැවින් මෙම මිශ්‍රණයටම හිසකෙස් සඳහා භාවිත කරන තෙල් වර්ගයකින් බිංදු කිහිපයක් මිශ්‍රකර ගන්න.

පීනස, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් හෙනා ප්‍රතිකාරය කිරීමෙන් වළකින්න. හොඳින් හිරුඑළිය වැටී ඇති දිනක උදය වරුවක මෙම ප්‍රතිකාරය කරන්න. රාත්‍රී කාලය මේ සඳහා සූදුසූ නොවේ. හෙනා මිශ්‍රණය ආලේප කිරීමට ප්‍රථම කොණ්ඩය ෂැම්පූ දමා සෝදා ගන්න. කන්ඩිෂනර් යෙදීම නොකරන්න. හිසේ ක්‍රවූන් ලයින් එකෙන් ඉහළ හිස මූදුණින් ආලේප කිරීම ආරම්භ කරන්න. මිශ්‍රණයේ කහට අත්වල තැවරෙන බැවින් ග්ලවූස් දෙක්ක භාවිත කරන්න. මිශ්‍රණය සම්පූර්ණයෙන්ම හිසකෙස්වල ගාගන්න. හිසකෙස් වර්ණ ගැන්වීමට නම් පැය 3 ක් පමණ තබා සෝදන්න. සාමාන්‍ය පෝෂණ සත්කාරයක් සඳහා නම් විනාඩි 45 ක් තබා ෂැම්පූ නොදමා සෝදාගන්න. මෙය දැඩි සත්කාරයක් බැවින් කන්ඩිෂනර් යෙදීම අනවශ්‍යයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment