අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින දණහිසේ වේදනාව, එහෙමත් නැත්නම් දණහිසේ ඉදිමීම පිළිබඳවයි.
දණහිසේ වේදනාව, ඉදිමීම හේතුන් කිහිපයක් නිසා ඇති වෙන්න පූළුවනි. වයසට යාමත් සමගත්, ලෙඩ රෝගවල ලකෂණයන් විදිහටත්, වෙනත් බාහිර හේතූන් නිසාත් දණහිසේ වේදනාව, ඇතැම්විට ඇතිවන දණහිසේ ඉදිමීම,
දණහිසේ වේදනාව හඳුන්වා දෙන්න පූළුවනි.
කෙනෙක් වැටූණාම එහෙමත් නැත්නම් අනතුරක් වූණාම දණහිසේ කැක්කුම ඇතිවන අවස්ථා අපි දැකලා තියෙනවා. මෙය සූලබ තත්ත්වයක්. මෙතනදී දණහිස අනතුරකට සම්පූර්ණයෙන්ම භාජනය නොවූණත් දණහිස අවට තියෙන පේශි ඇදීමක් හෝ අස්ථි හා සම්බන්ධ බන්ධනී ඇදීමක් වෙන්නත් පූළුවන්.
වයසත් සමග ඇතිවන දණහිසේ කැක්කුම සඳහා විවිධ රෝග බලපාන්න පූළුවනි. එයින් එකක් තමයි ඔස්ට්‍රියෝ ආතරයිටිස් ලෙස හඳුන්වන රෝගය. මෙම රෝගය ගැන අපි මීට පෙර සතියක කතා කළා ඔබට මතක ඇති. ඔස්ට්‍රියෝ ආතරයිටිස් වයසට යාමත් සමග වගේම දණහිසට තද පහරක් වැදුණ මොහොතක, එහෙමත් නැත්නම් දණහිසට දිගු කාලීනව ඇතිවන ආතතියක්, පීඩනයක් දැනීම මත සහ කෙනෙකු කරන රස්සාව සහ නිතර වන ක්‍රියාකාරකම් මත පවා ඇතිවන රෝගයක්. මෙම රෝගය යම් යම් ආසාධන තත්ත්වය නිසාත් ඇති වෙනවා. ආටිකියූලර් කාටිලේජ් ගෙවීමක් වන නිසා තමයි ඔස්ටියෝ ආතරයිටීස් ඇතිවෙන්නේ. ආටිකියූලර් කාටිලේජය ලෙස හඳුන්වන්නේ අස්ථි ආවරණය වන කුෂන් එකක් වගේ දෙයක්. මෙයින් අස්ථිවලට යෙදෙන පීඩනය ඔරොත්තු දිය හැකියි. මෙවැනි ගෙවීමක් වූණාට එවැනි අස්ථිවලට තමයි ඔස්ට්‍රියෝ ආතරයිටිස් රෝගය ඉක්මණින් ඇති වෙන්නේ අනතුරක් වෙලා තියෙනවා නම්, අස්ථීවලට පීඩනයක් යෙදිලා තියෙනවා නම් වයසට යන්නත් පෙර කෙනෙකුට ඔස්ට්‍රියෝ ආතරයිටිස් හැදෙන්න පූළුවන්.
ලෙඩ රෝගවල කොටසක් ලෙසත් දණහිස ඉදිමීම, දණහිස කැක්කුම එන්න පූළුවනි. සමහර විට ආතරයිටිස් තත්ත්වයන් නිසා මෙය ඇතිවෙන්න පූළුවනි. නැතිනම් වෛරස් හෝ බැක්ටීරියා ආසාධනයන් නිසා දණහිසේ ආබාධ ඇතිවෙන්න පූළුවනි. තනිකරම වේදනාව පමණක් ඇතිවන ලෙසත් නැතිනම් ඉදිමීමක් ලෙසත් ඇතිවෙන්න පූළුවන්. මෙම දෙකම එකට එන්නත් පූළුවන්. වැඩෙන දරුවන්ගේ යෞවනත්වයට පැමිණීමේදී වැඩීමේ වේගය වැඩිවෙනවිට, අස්ථි දික්වීම දිගේ ඇදීමක් වෙනවා. අපි මෙය කියනවා ජොසින්ටි දික්වෙනවා කියලා. මෙය රෝගී තත්ත්වයක් නෙමෙයි. වර්ධනය සමග ඇතිවෙන තාවකාලික වේදනාවක් පමණ ඔස්ට්‍රියෝ පොරෝසිස් රෝගය නිසාත්, ීඛෑ රෝගය නිසා ඇතිවෙන රෝග ලකෂණයක් ලෙසත් දණහිසේ වේදනාව ඇතිවෙනවා.
දණහිසේ වේදනාවන් හෝ ඉදිමීම්
නිශ්චිත වයස් කාණ්ඩයක් තුළ ඇතිවෙනවාද කියලා කියන්න බැහැ. ගොඩාක් ව්‍යායාමවල නොයෙදෙන කෙනෙක්, වෙනත් ක්‍රියාකාරකම්වල නොයෙදෙන කෙනෙක් ගොඩක් ඇවිද්දොත් පඩිපෙළක් නැග්ගොත්, ඒ මොහොතේ හෝ ඒ දිනය තුළ දණහිසේ වේදනාවන්, ඉදිමීම් වෙන්න පූළුවන්. නමූත් මෙම වේදනාව දිගට දිගට අල්ලනවා නම් වෛද්‍යවරයා හමූවීම වැදගත්. මෙතනදී රෝගියා විසින් තමාට දණහිසේ වේදනාව ඇති වූ ආකාරය වෛද්‍යවරයා වෙත පහදා දුන්විට වෛද්‍යවරයා දණහිසේ චලනයන් සිදු කළ හැකි ආකාරයන් තේරුම් ගෙන රෝගය සඳහා ප්‍රතිකාර පටන් ගන්නවා. මෙම චලනයන් මගින් වෛද්‍යවරු තේරුම් ගන්නවා කොතනින්ද වේදනාව එන්නේ කියලා. ඒ ඔස්සේ පරීකෂණ පැවැත්වීමෙන් මෙය රෝගයක් නිසා ඇතිවන තත්ත්වයක්ද නැතිනම් වෙනත් කරුණක් නිසා ඇතිවන තත්ත්වයක්ද කියලා හඳුනාගන්න පූළුවනි.
වයස්ගත වීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් දණහිස වේදනාවට, දණහිස් ඉදිමීමට භාජනය වෙන බව තමයි අපට සූලබව දැකගත හැකි වෙන්නේ. නමූත් මෙය නිශ්චිතව මෙම පාර්ශ්වයට මෙම වයසේදී හැදෙනවා කියන්න අපට නොහැකියි.
ඊළඟට අපි බලමූ දණහිසේ ආබාධ, දණහිස ඉදිමීම වැනි දේවල් වයසට යාමට පෙර ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද කියලා.
එතනදී ස්ථූල කෙනෙක් නම් එම ස්ථූලභාවය අඩූකර ගැනීමෙන්, සමබල ආහාර වේලක් ලබාගැනීම, පූහූණූ ශිල්පියෙක්ගේ උපදෙස් අනූව ව්‍යායාමවල නිරතවීම ඉතා යෝග්‍යයයි.
මෙතනදී මම පූහූණූ ශිල්පියෙක් යටතේ ව්‍යායාම කිරීම කියන්නෙන් අදහස් කරන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි පේශි ඇදීම්, අස්ථි ඇදීම්, වෙනත් අතුරු ආබාධයන් වළක්වා ගැනීම සඳහායි.
0 comments :
Post a Comment