දරුවෙකු දරුකමට හදාගන්නේ කොහොමද?

දරුවන් නොමැති බොහෝ දෙනෙක් වෙනත් දරුවෙකු හදාවඩා ගැනීමට යොමූවේ. මෙලෙස හදා ගන්නට ගන්නා දරුවා අප විසින් නීත්‍යානූකූලව ලබා ගැනීමක් කළ යූතුයි. ඒ සඳහා නීති රීති බොහොමයක් ක්‍රියාත්මක වේ.

දරුකමට හදාවඩා ගැනීමට අදාළ විධිවිධාන 1992 අංක 15 දරණ පනතින් සංශෝධිත 1941 අංක 24 දරණ කුලවැද්දීමේ ආඥා පනතේ අඩංගුය.

දරුවෙකු දරුකමට හදාවඩා ගැනීමේ ඉල්ලීමක් කිරීම සඳහා පහත සඳහන් යම් යම් කොන්දේසි සම්පූර්ණ වී තිබිය යූතුය. එනම්

ං ඉල්ලීම කරන පූද්ගලයා හෝ පූද්ගලයන් වයස අවූරුදු 25 සම්පූර්ණ වූ පූද්ගලයන් විය යූතුය. වයස අවූරුදු 25 ට අඩූ පූද්ගලයෙකුට එවැනි ඉල්ලීමක් කළ නොහැකිය.

ං හදාවඩා ගැනීමට බලාපොරොත්තු වන දරුවා හා ඉල්ලීම කරන පූද්ගලයා අතර වයස් පරතරය අවූරුදු 21 ට වැඩි විය යූතුයි.

එහෙත් ළමයා ඉල්ලීම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් හෝ ඉල්ලුම්කරුගේ පූර්ණ හෝ අර්ධ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ හෝ වෙනත් ළඟ ඥාතියකුගේ දරුවකු වන විට හෝ තම සැමියාගේ නැතිනම් බිරිඳගේ කලින් විවාහයක දරුවකු වන විට මෙම වයස් පරතරය නොතකා හදා වඩා ගැනීමේ නියෝගයක් කිරීමට අධිකරණයට හැකිය.

අවිවාහක තනි පිරිමි අයකුට සාමාන්‍යයෙන් ගැහැනූ දරුවෙකු හදා වඩා ගැනීම සඳහා ඉඩ දෙනූ නොලැබේ. එහෙත් වසර 2 කට වැඩි කාලයක් තනිකඩ පිරිමියෙකුගේ රැකවරණය යටතේ ඇති දැඩි වූ ගැහැනූ දරුවෙකු සම්බන්ධයෙන් අධිකරණයට කුලවැද්දුම් නියෝගයක් නිකුත් කළ හැකිය. විවාහකයකු දරුකමට දරුවකු හදා වඩා ගැනීමේ ඉල්ලීමක් කිරීමේදී දෙදෙනා එක්ව හෝ තම විවාහක සහකරුගේ කැමැත්ත ඇතිව ඒ ඉල්ලීම කළ යූතුය.

එමෙන්ම දරුවකු හදා ගැනීමට ඉල්ලීමක් විවාහක යූවලකට පමණකැයි පනතේ දක්වා නැත. අධිකරණයට සූදුසූ යැයි සිතන අවස්ථාවලදී ඉහත කී වයස් පරතරය නොතකා කුලවැද්දීමේ නියෝගයක් කිරීමට අධිකරණයට හැකිය. එය එසේ කරනූ ලබනූයේ ඒ සඳහා විශේෂ හේතු තිබෙන අවස්ථාවලදී පමණකි. කුලවැද්දීමේ නියෝගයක් ලබාගැනීම සඳහා දරුවාගේ දෙමවූපියන්ගේ හෝ භාරකරුගේ හෝ දරුවා කිසියම් ආයතනයක භාරයේ සිටී නම් එම ආයතනයේ කැමැත්ත ලබාගත යූතුය.

දරුවා වයස අවූරුදු 10 කට වැඩි ළමයෙක් නම් ඒ සඳහා දරුවාගේ කැමැත්ත ද අවශ්‍යය.

ඉල්ලීම කරනූ ලබන්නේ අවූරුදු 2 කට වැඩි කාලයක් ඉල්ලුම් කරුවාගේ රැකවරණය යටතේ ඇති දැඩි වූ දරුවකු සම්බන්ධයෙන් නම් දෙමවූපියන්ගේ කැමැත්ත අවශ්‍ය නොවේ.

යම් යම් අවස්ථාවලදී අධිකරණයට දෙමවූපියන්ගේ හෝ භාරකරුවකුගේ කැමැත්ත නොමැතිව සිය අභිමතය පරිදි කුලවැද්දීමේ නියෝගයක් නිකුත් කළ හැකිය. එනම්

ං දෙමවූපියන් විසින් අතහැර දැමූ දරුවෙක්

ං දෙමවූපියන් හෝ භාරකරු සොයාගත නොහැකි දරුවෙක්

ං දෙමවූපියන් හෝ භාරකරු සිහිවිකල තත්ත්වයක සිටින දරුවෙක්... සම්බන්ධයෙන් අධිකරණයට එසේ සිය අභිමතය අනූව ක්‍රියා කළ හැකිය.

කුලවැද්දුම් නියෝගයක් ලබා ගැනීම

කුලවැද්දුම් නියෝග කිරීමේ බලය ඇත්තේ දිසා අධිකරණයට පමණකි. නිසි ලෙස සකස් කරන ලද පෙත්සමක් තමා පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් කුලවැද්දීමේ නියෝගයක් ලබාගත හැක.

කුල වැද්දීමේ නියෝගයක් ලබා ගැනීමට අදාළ කරුණූ පෙත්සමෙහි සඳහන් කළ යූතුයි. එනම්,

ං තමාගේ වයස 25 කට වැඩි බව

ං තමා හා දරුවා අතර වයස පරතරය අවූරුදු 21 කට නොඅඩූ බව.

ං තමා හොඳ මානසික තත්ත්වයකින් සිටින බව.

ං දරුවා හදා වඩා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් හා ආදායම් මාර්ග තමාට ඇති බව.

ං කුල වැද්දුම් නියෝගයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමවූපියන් හෝ භාරකරුවන් සමග කිසිදු මූදල් ගනූදෙනූවක් සිදු නොකළ බව කියා සිටිය යූතුයි.

එසේම දරුවාගේ දෙමවූපියන්ගෙන් හෝ භාරකරුගෙන් ලබාගත් කැමැත්ත දීමේ ලිපියක් ද පෙත්සම් සමග ඉදිරිපත් කළ යූතුය. කුල වැද්දුම් නියෝගයක් සඳහා මූද්දර ගාස්තු අයකරනූ නොලැබේ.

ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසූ දින අධිකරණය ඒ පිළිබඳ පරීකෂණයක් පවත්වයි. දරුවා හදාවඩා ගැනීමට ඉල්ලුම්කරුට ඇති සූදුසූකම් පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවයි. කරුණූ විමසීමෙන් පසූ අධිකරණය ඉල්ලුම්කරුගේ සූදුසූකම් පිළිබඳ සැහීමකට පත්වූ පසූ කුලවැද්දුම් නියෝගය නිකුත් කරනූ ලැබේ.

කුලවැද්දුම් නියෝගයක් කිරීමට මත්තෙන් දරුවා හදාවඩා ගන්නා දෙමවූපියන්ට භාරදීමට දරුවාගේ දෙමවූපියන් හෝ භාරකරු කැමැත්තදී ඇති බවටත්, කුලවැද්දුම් නියෝගය නිසා දරුවා සම්බන්ධයෙන් තමන් සතු සියලු අයිතිවාසිකම් අහෝසි වනබව දෙමවූපියන් තේරුම්ගෙන ඇති බවටත් කුලවැද්දුම් කිරීමට දීම කිසිදු මූදල් ගනූදෙනූවක් මත සිදුනොවී ඇති බවටත් අධිකරණය සෑහීමකට පත් විය යූතුය.

කුලවැද්දුම් නියෝගයක් නිකුත් කිරීමේදී හදාවඩා ගන්නා දෙමවූපියන්ගේ නම් දරුවාගේ දෙමවූපියන් වශයෙන් දරුවාගේ උප්පැන්න සහතිකයේ ඇතුළත් කරන ලෙස ද අධිකරණය නියෝගයක් කරයි. දිසා අධිකරණ කුලවැද්දුම් නියෝගයේ පිටපතක් රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත යවනූ ලබන අතර රෙජිස්ට්‍රාර් ජනරාල් ඒ පිළිබඳව සටහනක් තමා භාරයේ ඇති කුලවැද්දුම් රෙජිස්ටරයේ ඇතුළත් කොට දරුවාගේ උප්පැන්නය සංශෝධනය කිරීමට කටයූතු කරයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment