අත් දෙකේ හිරිගතිය ඇති කරන කාපල් ටනල් සහ ලකෂණය




සූමනාවතීට වයස අවූරුදු පනහක් විතර ඇති. පසූගිය මාස දෙක පූරාම වගේ ඇය උදේට නැගිටිටෙි "අත් දෙක හිරිවැටිලා" කියාගෙන කුස්සියේ පොල් මිරිකන කොටත්, රෙදි හෝදන වෙලාවටත් මේ හිරිගතිය වැඩි වෙනවා කියලා ඇයට තේරුණා. හරියට විදුලි සැරයක් වදිනවා වගේ සමහර වෙලාවට හිරිගතිය වැඩිවූණා. ඇයට මතක් වූණා ඇයට තම පූතා ලැබෙන්න ඉඳිද්දිත් අත්වල මේ හිරිගතිය තිබූණූ බව. එදිනෙදා වැඩ කටයූතුවලට බාධාවක් වූණූ නිසා ඇය අන්තිමට පවූලේ වෛද්‍යවරයා හමූවූණා. සූමනාවතීගේ අත පරීකෂා කරපූ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ඇයට කාපල් ටනල් සහලකෂණය (ජ්ච්ක ඔමබබැක ීහබාරදපැ- ඇති බවයි.මොකක්ද මේ කාපල් ටනල් සහ ලකෂණය?

අපේ අතේ මැණික් කටූව ප්‍රදේශයේ සිට අත්ල දිහාවට ස්නායූ ගමන් කරනවා. මහපටැඟිල්ලේ සිට සිව්වන ඇඟිල්ලේ පිටත දාරය දක්වා සංවේදීතාවට අවශ්‍ය ස්නායූ සැපයූම ලබාදෙන්නේ මෙසේ ගමන් කරන මධ්‍ය ස්නායූව (ඵැාස්බ භැරඩැ- මගින්. මැණික් කටූව ප්‍රදේශයේ පිහිටි සම්බන්ධක පටකවලට යටින් හරියට උමගක දුම්රියක් ගමන් කරන ආකාරයටයි මෙම ස්නායූව දිවෙන්නේ. සමහර රෝග අවස්ථාවන්හිදී මේ ස්නායූව වටා පිහිටි සම්බන්ධක පටක තදවීම නිසා ස්නායූව තෙරපීමට ලක්වෙනවා. අත්ලේ ඇඟිලිවල හිරිගතියක් ඇතිවන්නේ මෙවිටයි.

මෙම රෝගය පිරිමින්ට වඩා කාන්තාවන් අතර සූලබව දැකගත හැකියි. කුඩා ළමයින් අතර මෙම තත්ත්වය ඉතා දුර්ලභයි. විශේෂයෙන් මෙම රෝගය වැළඳෙන්නේ වයස අවූරුදු 30 ත් 60 ත් අතර වයසේ පසූවන කාන්තාවන්ටයි. බොහෝ අවස්ථාවලදී අත් දෙකේම මෙය ඇතිවන අතර එසේ නොවන විට තමාට හූරු අතේ මෙය ඇතිවෙනවා. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන හේතු සාධක කිහිපයක්ම හඳුනාගත හැකියි.

1. මැණික් කටූව ප්‍රදේශයට පිටතින් ඇතිවන පීඩනයන්.

උදා - රූමටොයිඩ් ආතරයිටිස්, මැණික් කටූව පිට පැනීම, මැණික් කටූව ආශ්‍රිත පිපිරීම්.

2. මධ්‍ය ස්නායූව ගමන් ගන්නා මාර්ගය තුළ වන පීඩනයක්.

උදා ගර්භනී අවධියේදී මෙම ප්‍රදේශයේ තරලය එකතුවීම. ඇතැම් පිළිකා ගෙඩි, මැණික් කටූව ආශ්‍රිත පටකවල ආසාදන.

3. මධ්‍ය ස්නායූවේ ආබාධ

උදා ( දියවැඩියාව, ස්නායූ ආසාදන.

යම් පූද්ගලයකු අතේ හිරිගතියක් ගැන සඳහන් කරන්නේ නම් දියවැඩියාව සඳහා මූලික පරීකෂාවන්ට ඔහූ හෝ ඇය යොමූවීම වැදගත්ය. මෙම කාපල් ටනල් සහ ලකෂණය දියවැඩියා රෝගියකු වෛද්‍යවරයා හමූවට ගෙන එන පළමූ සිදුවීම වන අවස්ථා බොහෝය.

රෝගය හඳුනාගත හැකි ආකාර කිහිපයකි.

ං ඉඳිකටූවකින් අනිනවා මෙන් අත්ලේ පිටත ප්‍රදේශයේ ඇතිවන හිරිගතිය.

ං අත මැණික් කටූව අසලින් නවන විට අතේ ඇතිවන වේදනාව, බොහෝ වේලාවක් එම අත යොදවා යම් කාර්යයක නිරත වන විට අතේ වේදනාව වැඩිවීම.

ං අත්ලේ මාංශ පේශීන් දුර්වලවීම. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෑනෙන් ලිවීම වැනි කටයූතු අපහසූ විය හැකිය.

ගෙල ප්‍රදේශයේ පර්ශු ආශ්‍රිතව හටගන්නා ඇතැම් පිළිකා තත්ත්ව හා අර්බූදවලදී ද ගෙල ප්‍රදේශයේ ස්නායූ තෙරපීමක් සිදුවන බැවින් අතේ හිරි ගතියක් පවතින විට ඒ ගැන ද සැලකිලිමත් වීම වැදගත්ය.

මෙහිදී පවතින රෝග ලකෂණ අනූව සිදුකරන ප්‍රතිකාර වෙනස් වෙයි. අතෙහි චලන තාවකාලිකව සීමා කිරීමට උපදෙස් දෙනූ ඇත. රෝගය මූලික අවස්ථාවේ පවතින විට ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ ලබාදීම මගින් රෝග තත්ත්වය සමනය කළ හැකි මූත් රෝග ලකෂණ බොහෝ කලක් පවතින විට සූළු සැත්කමක් කිරිමට සිදුවනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment