වැඩිවිය පැමිණීම - ගැහැනූ පිරිමි දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන වෙනස්කම්



ගැහැනූ පිරිමි දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන වෙනස්කම් 2 ක් ඇත.

ළමා ශරීරය ප්‍රජනන ක්‍රියාවලියට සූදුසූ වන අයූරින් සකස්වීම උදෙසා ශරීරය තුළ සිදුවන ක්‍රියාවලීන් රාශියක එකතුවක් වැඩිවිය පැමිණීම වශයෙන් අපට පෙන්නූම් කෙරේ. මෙම ක්‍රියාවලිය හෝමෝන ගණනාවක ක්‍රියාකාරිත්වයෙන් සිදුවේ. මොලයෙන් ඇතිකරන උත්තේජනයන් ප්‍රජනන ඉන්ද්‍රියන් මත ක්‍රියා කිරීමෙන් මෙය ආරම්භ වේ. මෙම ප්‍රජනේන්ද්‍රියයන් මත වෘෂණ කෝෂ හා ඩිම්බ කෝෂවලින් නිපදවෙන හෝමෝන ශරීරයේ විවිධ අවයව මත ක්‍රියාකිරීමෙන් ඒවායේ වර්ධනය ක්‍රියාකාරිත්වය හා මේරීම ඇති කරවයි.


වැඩිවිය පැමිණීමට පෙර ළමූන් අතර ගැහැනූ සහ පිරිමි වෙනස පවතින්නේ ලිංගේන්ද්‍රියන්ගේ වෙනසෙන් පමණි. මෙය ප්‍රාථමික ලිංගික ලකෂණ වශයෙන් හැඳින්වේ. නමූත් වැඩිවිය පැමිණීමේදී සිදුවන වර්ධන වෙනස්කම් නිසා, සිරුරේ හැඩය, ප්‍රමාණය, සංකලනය සහ ක්‍රියාකාරිත්වය යන සියල්ලම වෙනස් වේ. මේවා අතුරින් වඩාත්ම පැහැදිලිව පෙන්නූම් කෙරෙන වෙනස්කම් ද්විතීක ලිංගික ලකෂණ වශයෙන් හැඳින්වේ. වැඩිවිය පැමිණීම බොහෝවිට අර්ථ දක්වන්නේ කායිකව සිදුවන ලිංගික වර්ධනයක් ලෙස වූව ද මානසික, සමාජීය හා සංස්කෘතිකමය වශයෙන් සිදුවන මෙහෙයවීමක් ඇත. මෙම ලිපියෙහි සාකච්ඡා වන්නේ කායික වශයෙන් සිදුවන වෙනස්කම් පමණි.

වැඩිවිය පැමිණීම සිදුවීමේදී ගැහැනූ පිරිමි දෙපාර්ශ්වය අතර දක්නට ලැබෙන වෙනස්කම් 2 ක් ඇත. එනම් එය සිදුවන වයස සහ එයට අදාළ හෝමෝන වර්ගයන්ය. විශාල වයස් පරතරයක් තුළ මල්වර වීම සිදුවිය හැකි වූව ද සමස්තයක් වශයෙන් ගැහැනූ දරුවකු වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලිය වසර 1ඃ2 පිරිමි දරුවකුට වඩා පෙර ඇරඹේ. ගැහැනූ දරුවන් වැඩිවිය පැමිණීම වයස අවූ. 9ඃ14 ත් අතරදී සහ පිරිමි දරුවන් වැඩිවිය පැමිණීම වයස අවූ. 10ඃ17 දී සිදුවිය හැක. ගැහැනූ දරුවන් තුළ වැඩිවිය පැමිණීම ලකෂණ මතුවී වසර 4 ක් පමණ ගතවීමෙන් පසූ වැඩිහිටි උස සහ ප්‍රජනන වර්ධනය සම්පූර්ණ වීම සිදුවේ. නමූත් පිරිමි දරුවකු තුළ මෙම වර්ධනය සෙමින් සිදුවී වසර 6 කට පමණ අවසාන වැඩිහිටි උස සහ ප්‍රජනන වර්ධනය ළඟාවේ.

ගැහැනූ දරුවන් තුළ මෙම වෙනස්කම්වලට මූලික වන හෝමෝනය ඊස්ට්‍රජන් හෝමෝනයයි. පිරිමි දරුවන් තුළ ටෙස්ටොස්ටෙරෝන් නමැති හෝමෝනය මගින් මෙම වනස්කම් සිදුකෙරේ. පිරිමි දරුවන් තළ ද ඊස්ට්‍රජන් හෝමෝනය ඇති නමූත් එහි බලපෑම අඩූය.

ගැහැනූ දරුවන් තුළ සිදුවන වෙනස්කම්

පියයූරු වර්ධනය ගැහැනූ දරුවන් තුළ දක්නට ලැබෙන පැහැදිලි ද්විතීයික ලිංගික ලකෂණයකි. කුඩා ගැටිත්තක් සමට යටින් පියයූරු ප්‍රදේශයේ මතුවේ. මෙය තෙරපන විට මද වේදනා ඇතිවීම සාමාන්‍ය ලකෂණයකි. මෙය සාමාන්‍යයෙන් වයස අවූ. 10ඃ11 වනවිට සිදුවිය හැක. මෙම ගැටිති දෙපැත්තේම ඇතිවී ක්‍රමයෙන් විශාල වේ. ඒ සමගම ගැටිතිවල ඝනකම අඩූවී පියයූරුවලට වක්‍ර සිනිදු ස්වභාවය ක්‍රමයෙන් මතුවේ.

මේ සමගම වාගේ ලිංගේන්ද්‍රිය අවට රෝම වැඩීම ඇරඹේ. මාස 6ඃ12 පමණ කාලයක් තූළ මෙය පැතිරී ගොස් පසූව කලවාවලට සහ බඩ ප්‍රදේශයට පැතිරේ. සමහර යූවතියන්ගේ රෝම වැඩීම පියයූරු වර්ධනය පෙර වූව ද දැකිය හැක.

යෝනි මාර්ගය තුළත් විවිධ වෙනස්කම් සිදුවේ. සූදු පැහැති දියරමය ස්‍රාවයන් පිටවීම සාමාන්‍යයෙන් දැකිය හැකි නීරෝගී තත්ත්වයකි. මේ සමගම ඩිම්බකෝෂ හා ගර්භාෂය ප්‍රමාණයෙන් විශාලවීම ගැහැනූ දරුවන්ගේ සිදුවේ. උපතේ සිට අක්‍රියව තිබූ ඩිම්බ කෝෂ ක්‍රියාත්මක වීම මේ වනවිට ආරම්භ වේ.

පළමූ ආර්ථවය අප සමාජයේ මල්වරවීම වශයෙන් සැලකේ. මෙහිදී ගර්භාෂ අභ්‍යන්තර පටලය ගැලවීයාමෙන් රුධිර වහනය වීම සිදුවේ. මේ සමගම ආර්ථව චක්‍රය ඇරඹේ. නමූත් පළමූ වසර කීපය තුළ පිළිවෙලින් දින 28ඃ30 ඇතුළත ආර්ථවය සිදුවිය යූතු නැත. බොහෝ ගැහැනූ දරුවන්ට මාස කීපයකට වරක් ආර්ථවය සිදුවීම හෝ පළමූ අවූරුද්ද තුළ එය සිදු නොවී තිබීම සාමාන්‍ය දෙයකි. සරුභාවය ඇතිවීමට නම් ඩිම්බ පිටවීම සිදුවිය යූතුයි. මූල් මාස කීපය තුළ එය සිදුනොවීම රෝගී තත්ත්වයක් නොවේ.

මෙම කාලය තුළ සිරුරේ වැඩීමත් සමගම යටි බඩ ඉන ප්‍රදේශය පළල්වීම හෝමෝන බලපෑමෙන් සිදුවේ. වැඩි මේද ප්‍රමාණයක් පියයූරු, උකුල දෙපස, කලවා සහ අත් වැනි ප්‍රදේශවල තැන්පත්වීමෙන් සිරුරේ කාන්තාවකට ආවේණික වක්‍ර සහිත රුවැති හැඩය මතුවේ.

වැඩිවියට පැමිණීමේ ක්‍රියාවලිය සිදුවන වයස පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් විය හැකි අතර සාමාන්‍ය ජනතාව අතරද විශාල වයස් පරතරයක් ඇතුළත මෙය සිදුවිය හැක. ඒ සඳහා බලපාන සාධක රාශියක් ඇත. ඒ අතුරින් ජානමය සහ පාරිසරික බලපෑම් විශේෂ තැනක් ගනී. පාරම්පරිකව සිදුවන බලපෑම තදින්ම පෙන්නූම් කරන්නේ මව සහ දුව අතර සම්බන්ධයෙනි. මවගේ මල්වර වීම පමා වී සිදුවූයේ නම් එම තත්ත්වය දුවට බලපෑමට ඉඩකඩ වැඩියෙන් ඇත.

දැරියගේ පෝෂණ තත්ත්වය වැඩිවිය පැමිණීම කෙරේ කෙලින්ම බලපාන සාධකයකි. මෑතකදී ජීවන රටාවන් වෙනස් වීමෙන් දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් විශාල ලෙස වෙනස්වී ඇත.

දරුවන් අතර ස්ථූලභාවය මතුවී ඇත. ප්‍රෝටීන හා මේදය ආහාර ගැනීම වැඩිවී ඇත. මෙවැනි දරුවන්ගේ මල්වරවීම අඩූ වයසකදී සිදුවීම දක්නට ලැබේ. මන්දපෝෂණය මල්වර වීම පමා කිරීමට හේතුවේ.

ව්‍යායාම වැඩි වශයෙන් කරන ක්‍රීඩිකාවන් අතර මල්වරවීම පමා වී දැකිය හැක.

කෙසේ වෙතත් දරුවකු නීරෝගී නම් වැඩිවිය පැමිණීම පමාවීම අනවශ්‍ය ප්‍රශ්නයක් කර නොගත යූතුයි. ද්විතීයික ලිංගික ලකෂණ මතුවී ඇත්නම් මල්වරවීම ප්‍රමාද වීම ගැන බියවිය යූතු නැත. නිසි වයසේදී මල්වර වීම පමා කළ හැකි හෝමෝන ආශ්‍රිත රෝග ඇති බැවින් ද්විතීයික ලිංගික ලකෂණ කිසිවක් මතුවී නැත්නම්, වෛද්‍යවරයකු මූණ ගැසී උපදෙස් ලබා ගැනීම සූදුසූයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment