පාදවල ගැටගැසූණූ නහර ඉවත් කිරීම



ප්‍රේමවතී වයස අවූරුදු හතළිහක් පමණ වන කාන්තාවක්. ඇයට තිබූණේ තරමක තරබාරු සිරුරක්. රස්සාව විදිහට කළේ තේ වතුවල දළු නෙළීම, බොහෝ වෙලාවට දවසේ සෑහෙන කාලයක් හිටගෙන ඉන්න ඇයට සිදුවූණා. දැන් කාලෙක පටන් ඇගේ පාදවල නහර ගැටගැසීමක් ඇති වෙලා. මූලදී මේ ගැන ඇය වැඩි තැකීමක් කළේ නැහැ. ඒත්, දිනෙන් දින නහර ගැටගැසෙන ගතිය වැඩි වූණා. මූලදී පාදයේ දණහිසට පහළින් පමණක් මේ තත්ත්වය පැවතියත් පසූව දණහිසින් ඉහළටත් මෙය පැතිරුණා. පාදවල වේදනාව එන්න එන්නම වැඩිවූණා. අවසානයේ ඇය ශල්‍ය වෛද්‍ය සායනයට පැමිණියා. ඉන් අනතුරුව ඇගේ ගැටගැසූන නහර ඉවත්කර ගැනීමේ ශල්‍යකර්මයට දිනයක් ලබාදුන්නා.

පාදවල ශිරා ඉදිමී, විශාල වී ගැටගැසීම අපේ රටෙි සූලබ රෝගී තත්ත්වයක්. සමේ මතුපිටින් හෘදය වෙතට රුධිරය ගෙන එන ශිරා මේ තත්ත්වයට ලක්වන අතර පාදවල සිට ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ශිරා ඔස්සේ ඉහළට රුධිරය ගමන් කළ යූතු වන බැවින් මෙම රෝගය අත්වල නොව පාදවල දැකගත හැකිය.

මෙම ගැටගැසූන ශිරාවන් ඉවත් කරවීමට පෙර රෝගය මූල් අවස්ථාවේ පවතින විට නහර මත පීඩනය යොදන මේස් පැළඳීමට උපදෙස් දෙන අතර ගැටගැසී පවතින නහර මතට රසායන එන්නත් කර පූළුන් හා කේප් බැන්ඩේජ් යොදා සති දෙකක් පමණ තිබෙන්නට හැර සායනයට පැමිණෙන්නට උපදෙස් දෙයි.

ගැටගැසූන නහර ඉවත් කිරීමේදී මතුපිට පවතින ශිරා ඉවත් කරන බැවින් ඒවාට ඇතුළතින් පවතින ශිරාවන් හොඳින් ක්‍රියාකරන බව පළමූව සහතික කරගත යූතුය. යම් ලෙසකින් මෙම නහර අවහිර වී තිබූණහොත් (ෘැැච ඪැසබ ඔයරදපඉිසිඃ මතුපිට පවතින ශිරා ද ඉවත් කළ විට පාදයේ රුධිර ගමන අවහිර වෙයි. (ඪැබදටර්චයහඃ පරීකෂණය මගින් මේ තත්ත්වය නිර්ණය කළ හැකිය.

පාදවල නහර ගැටගැසීමට බලපා තිබෙන කරුණූ පළමූව අවබෝධ කරගත යූතුය. පවූලේ සාමාජිකයින් අතර නහර ගැටගැසීමේ තත්ත්වය පැවතීම මෙයට බලපාන එක් සාධකයකි. ගර්භනීභාවය, ගර්භාෂයේ ගෙඩි, ඩිම්බකෝෂ ගෙඩි, දිනයේ වැඩි වේලාවක් සිටගෙන සිටීම ආදිය ද නහර ගැටගැසීමට බලපායි.

අභ්‍යන්තර ශිරාවල අවහිරයක් නොමැති බව තහවූරු කරගත් විට, රෝගියාගේ පාදයේ මතුපිට ශිරා ඉවත් කිරීමේ ශල්‍යකර්මයට සූදානම් කරයි. රෝගියාගේ වයස වෙනත් කායික රෝගී තත්ත්ව ආදිය අනූව පෙර ලිපියේ සඳහන් කළ පරිදි මූලික පරීකෂණවලට ලක් කිිරීම, අනතුරුව සිදුවේ. නිදසූනක් ලෙස, අධිරුධිර පීඩනයෙන් පෙළෙන රෝගියකු ශල්‍යකර්මයට සූදානම් කිරීමේදී ඔහූගේ හෝ ඇයගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයට ආසන්න මටිටමට පළමූව රැගෙන එම සිදු කළ යූතුය.

රෝගියා පරීකෂා කිරීමෙන් රෝගයේ පැතිරීම සම්බන්ධව අවබෝධයක් ලබාගත හැකි ය. නහර ගැටගැසීම ඉකිළිය දෙසටම පැතිර පවතින විට එම ප්‍රදේශයේ සමේ කැපූමක් යොදා එම නහර හඳුනාගෙන ඒවා ප්‍රධාන ශිරාවලින් ඉවත් කරයි. ඉන්පසූව දණහිස ප්‍රදේශයේ ද කැපූමක් යොදා ශිරා හඳුනාගෙන ඉකිළිය සිට දණහිස අසල දක්වා දිවෙන නහර ඉවත් කරයි.

ශල්‍යකර්මයෙන් අනතුරුව පූළුන් හා ක්‍රේප් බැන්ඩේජ් දමා පාදය වෙළන අතර මෙය ආසන්න වශයෙන් සති දෙකක් පමණ තබාගත යූතුය. එදිනෙදා සාමාන්‍ය වැඩකටයූතුවල යෙදීමට මෙම ශල්‍යකර්මය බාධාවක් නොවේ.

ශල්‍යකර්මයට පෙර දින රාත්‍රී දහයේ සිට රෝගියා නිරාහාරව තබා පසූ දින ශල්‍යකර්මය සිදු කෙරෙන අතර බොහෝ විට කොන්දෙන් පහළ හිරිවටිටවා (ීචසබ්ක ්බ්ැිඑයැිස්ඃ මේ ශල්‍යකර්මය සිදුකරයි. පූද්ගලයෙකු සම්පූර්ණයෙන් නිර්වින්දනය කරන (ඨැබැ්ක ්බ්ැිඑයැිස්ඃ ශල්‍යකර්ම සඳහා පමණක් පෙර දින සිට නිරාහාරව තැබීම අවශ්‍ය වන නමූත් අදාළ ප්‍රදේශය පමණක් හිරිවටිටවා සිදුකරන ශල්‍යකර්මවලදී ද මෙසේ නිරාහාරව තබන්නේ යම් ලෙසකින් එම හිරිවැටිටවීම (ස්ථානීය නිර්වින්දනය) අසාර්ථක වූවහොත් සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට පත් කළ හැකි අයූරිනි.

විශේෂ අතුරු ආබාධයන් මතු නොවූණහොත් ශල්‍යකර්මයට පසූ දිනම නිවසට යෑමට අවස්ථාව සැලසෙයි. ශල්‍යකර්මයෙන් අනතුරුව නැවත නැවත සායනයට පැමිණීම වැදගත් වන අතර මෙමගින් ප්‍රතිකාරවල සාර්ථක අසාර්ථකභාවය සම්බන්ධව අවබෝධයක් ලබාගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment