රූපවාහිනි විදුලි බිලට බරක් නොවන්නට නම්



විදුලි බලය ඇති සෑම නිවසකම විදුලි බූබූලක් ඇතිවා සේම වර්තමානයේ , විදුලි බලය නොමැති නිවාසවල පවා බැටරියෙන් ක්‍රියාත්මක වන කළු සූදු රූපවාහිනියක් හෝ කැසටි හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් භාවිත කරනූ දක්නට ඇත.

එසේ වූවත් රූපවාහිනිය පමණක් නොව වෙනත් විදුලි උපකරණ හා විදුලි පාරිභෝජනය පිළිබඳවත් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, අප රටෙි විදුලි පාරිභෝගිකයන් සතුව එතරම් දැනූවත්භාවයක් තිබෙනවා යැයි සිතිය නොහැක. මන්ද ඔවූන් එවැනි විදුලි උපකරණ භාවිත කරන ආකාරය අනූව එය භාවිත ප්‍රමාණයට වඩා වැඩි බිලක් ගෙවන නිසාවෙනි. ඒනිසා අප මෙමගින් දැනූවත් කරන්නේ විදුලිය අඩූකර ගැනීම පිළිබඳවයි.

සාමාන්‍යයෙන් කළු සූදු රූපවාහිනියක් ක්‍රියාකරන විට වොටි 35 ඃ 40 ක විදුලි බලයක් වැයවේ. එමෙන්ම අඟල් 21 වර්ණ රූපවාහිනියක් ක්‍රියාකරන විට වොටි 100 ක් පමණ වැයවේ. ඒ අනූව කළු සූදු රූපවාහිනියක් දිනකට පැය 4 ක් නරඹන නිවසක මාසික විදුලි බිලට එමගින් විදුලි ඒකක 5 ක් එක්වේ. එමෙන්ම අඟල් 21 වර්ණ රූපවාහිනියක් දිනකට පැය 4 ක් භාවිත කරන නිවසක ඒ සඳහා විදුලි බිලට මසකට විදුලි ඒකක 12 ක් එක්වේ. එම විදුලි ඒකක ප්‍රමාණය වැයවන්නේ රූපවාහිනිය නැරඹීම නිසාවෙනි. නමූත් රූපවාහිනිය නැරඹීමකින් තොරව විදුලිය වැයවනවා නම් ඒක කොතරම් පාඩූවක්ද? එවැනි පාඩූවක්, ඔබේ නොදැනූවත්භාවය නිසා ඇතැම් විට සිදුවී ඇත. එනම් දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීමෙනි. අඟල් 21 රූපවාහිනියක් දුරස්ථ පාලකය මගින් ක්‍රියාවිරහිත කළ විට සාමාන්‍යයෙන් වොටි 18 ක් පමණ වැයවේ. එය විවිධ වෙළඳ නාම යටතේ ඇති රූපවාහිනී වර්ග අනූව අඩූ වැඩි විය හැක. මේ නිසා ඔබ රූපවාහිනිය නරඹා අවසානයේ එය දිගු කාලයක් සඳහා විශේෂයෙන් රාත්‍රී නින්දට යනවිට සහ උදෑසන නරඹා අවසානයේ නැවත ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ සවස නම් අනිවාර්යයෙන්ම රූපවාහිනියේ ඇති ස්විචය මගින් හෝ බිත්තියේ ඇති ස්විචය මගින්ම පමණක් ක්‍රියා විරහිත කරන්න.

එසේ නොමැතිව රාත්‍රී නින්දට යනවිට දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය ක්‍රියාවිරහිත කර තබන නිවසක විදුලි බිල සඳහා නිකරුණේ විදුලි ඒකක 4.5 ක් පමණ වැයවේ.

මොහොතක් සිතන්න. එසේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව නිකරුණේ ඔබේ සාක්කුවේ ඇති මූදල් විදුලි බිල හරහා ගෙවිය යූතුද?

මෙය රූපවාහිනියට පමණක් නොව ගුවන් විදුලි යන්ත්‍ර, කැසටි සහ වීඩියෝ යන්ත්‍ර වැනි දුරස්ථ පාලක ඇති සෑම විදුලි උපකරණයක් සඳහාම අඩූ වැඩි වශයෙන් අදාල වන තත්ත්වයකි. එමනිසා දුරස්ථ පාලක ඇති විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීමේදී ඉතා කෙටි කලක් සඳහා ක්‍රියා විරහිත කිරීමේදී ඉතා කෙටි කලක් සඳහා ක්‍රියාවිරහිත කරන විට පමණක් දුරස්ථ පාලකය භාවිත කරන්න.

අනෙක් අතට රාත්‍රියට රූපවාහිනිය නරඹන විට නිවසේ සියලු දෙනා ඒ ඉදිරියට රැස්ව නැරඹීම දැකිය හැකි තත්ත්වයකි. එවන් අවස්ථාවල නිවසේ අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන ස්ථානවල දැල්වෙන විදුලි පහන් නිවා දැමීම ඔබේ විදුලි බිල්පත අඩූකර ගැනීමට හේතුවේ.

එලෙස ඔබ, නිකරුණේ වැය නොකොට ඉතිරි කරන සෑම විදුලි ඒකකයක්ම ඔබේ ආර්ථිකයත් රටෙි ආර්ථිකයත් ශක්තිමත් කිරීමට දායක වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment