මැලේ ක්‍රමයට විවිධ සලාද වර්ග



මැලේ බිත්තර සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය

කැරටි අල 1

ලොකු ළුෑනූ ගෙඩි 1

සැල්දිරි දඬූ 1

ලීක්ස් සූදුපාට කොටස් 1

ළුෑනූ කොළ ස්වල්පයක්

බිත්තර 3

විනාකිරි, ලුණූ

අබ ක්‍රීම් ස්වල්පයක්

ගම්මිරිස්

සාදන ක්‍රමය

පළමූව කැරටි, ලොකු ළුෑනූ, සැල්දිරි, ලීක්ස් සිහින්ව දිග අතට කපන්න. බිත්තර දෙපැත්ත බැදෙන ආකාරයට බැදගන්න. එයද සිහින්ව දික් අතට කපන්න.

අබක්‍රීම්, විනාකිරි, ළුෑනූ, ගම්මිරිස් පදමට දමා දියරයක් සාදා ගන්න. සිහින්ව කපා ගත් සියලු දැ මෙම සාදාගත් දියර ස්වල්පයක් භාවිත කර මිශ්‍ර කරගන්න. සැරසිලි සඳහා ළුෑනූ කොළ සිහින්ව කපා උඩින් ඉසින්න.

මැලේ කුකුළු මස් සමඟ අමූ අඹ සලාදය



අවශ්‍ය ද්‍රව්‍ය

අමූ අඹ ගෙඩි 2

කටූ ඉවත් කර සිහින්ව කපාගත් කුකුළු මස් ග්‍රෑම් 200

තක්කාලි ගෙඩි 2

පාට දෙකකින් බෙල් පෙපර් ගෙඩි 2

ලොකුළුෑනූ ගෙඩි 2

ලුණූ

ගම්මිරිස් ස්වල්පයක්

තක්කාලි සෝස් ස්වල්පයක්

තායි ස්වීටි චිලි සෝස් ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමූව සිහින්ව කපාගත් කුකුළු මස්, ලුණූ, ගම්මිරිස් පදමට දමා හොඳින් ග්‍රිල් කරගන්න. ඉන්පසූ අමූ අඹ සූද්ද කර සිහින්ව කපා පිළියෙල කරගන්න. ඒ ආකාරයටම තක්කාලි, බෙල් පෙපර් හා ළුෑනූ දැ කපා පිළියෙල කරගන්න. අවසානයේ මෙම සියල්ල මිශ්‍ර කර එයට තක්කාලි හා තායි චිලි සෝස් එක්කර අමූත්තන්ට සංග්‍රහ කරන්න.

මැලේ අමූ පැපොල් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

අමූ පැපොල් ගෙඩි 1

තක්කාලි ගෙඩි 3

ලොකු ළුෑනූ ගෙඩි 3

දෙහි යූෂ ස්වල්පයක්

රෝස් කරගන්නා ලද කජූ මද ග්‍රෑම් 50

ළුෑනූ කොළ, කොත්තමල්ලි කොළ ස්වල්පයක්

තායි ග්‍රීන් චිලි සෝස් මිලි ලීටර් 75

සාදන ක්‍රමය

පළමූව අමූ පැපොල් ගෙඩියක් ගෙන සූද්ද කර සිහින්ව දික් අතට ලියාගන්න. එලෙසම තක්කාලි, ළුෑනූ ද සිහින්ව හොඳින් දික් අතට කපන්න. කජූමද කුඩාවට පොඩි කරන්න. ඉහත අඩංගු සියළුම දැ දෙහි යූෂ සමඟ මිශ්‍ර කර තායි ග්‍රීන් චිලි සෝස් සමඟ එකතු කර සැරසිලි සඳහා කුඩාවට සකස් කරගත් කජූ මදත්, ළුෑනූ කොළ හා කොත්තමල්ලි කොළ සලාදය උඩින් ඉස සලාදය සඳහා පිළියෙල කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment