ගෘහ කර්මාන්තය සඳහා සියලූම දැව වර්ග සූදූසූද



වාස්තු විද්‍යාත්මක කරුණූ සැලකිල්ලට ගනිමින් සොඳුරු ලෙස නිර්මාණය කළ වාසනාවන්ත ගෘහයක් ලෙස වචනයේ පරිසමාප්තියෙන්ම අර්ථ දැක්විය හැකි කැදැල්ලක් තුළට තමයි අද ඔබව කැඳවාගෙන යන්න හදන්නේ. මෙම නිවස නම් පිහිටාල තියෙන්නෙ මාදින්නාගෙඩ ප්‍රදේශයේ සොඳුරු නිස්කලංක වටපිටාවක් සහිත පරිසරයක මෙම නිවසේ සම්පූර්ණ ගෙබිම් ප්‍රමාණය වර්ග අඩි 2850 ක් පමණ වෙනවා.

නිදන කාමර දෙකකින්, සාලය, කෑම කන කාමරය, මූඵතැන්ගෙය, නාන කාමරය සහ වැසිකිලියකින් මෙහි බිම් මහල සමන්විත වෙනවා. සාලයට ඉදිරි පසින් හතරැස් හැඩැති කුළුණූ භාවිත කරමින් නිර්මාණය කළ විවෘත ආලින්දයක්ද වෙනවා. සාලයට දකුණූ පසින් නම් ස්ථානගත කරලා තියෙන්නෙ වාහන ගාල්කරන ස්ථානයයි.

මෙම කොටසද බිත්ති භාවිත නොකර විවෘත ලෙස ගොඩ නගා තියෙනවා. එයට හේතුව නම් නිවසේ ඇති බිත්ති ප්‍රමාණය අඩූ කිරීම වගේම නිවසට අවශ්‍ය ආලෝකය හා පිරිසිදු වාතාශ්‍රය ද සෑම දිශාවකින්ම බාධාවකින් තොරව ලබා ගැනීමට අවශ්‍යවීමයි. මෙම වාහන ගාල්කරන ස්ථානය විවෘතව නිර්මාණය කිරීමේ තවත් අරමූණක් තමයි එම ස්ථානය වාහනයක් ගාල්කර නොමැති අවස්ථාවලදී මෙන්ම උත්සව අවස්ථාවන්වලදී අවශ්‍යනම් ආලින්දයක් ලෙස වූවද භාවිත කිරීමට ඇති හැකියාව.

මෙම නිවසේ සාලයේ සහ කෑම කන කාමරය සඳහා ජනේල යෙදිමේදී ඒවා බිම් මටිටම දක්වා විහිදෙන ලෙස ( දිගු ජනේල ) නිර්මාණය කර තිබෙන්නේ නිවස හා උද්‍යානය අතර සෘජූ සබඳතාවයක් පවත්වා ගැනීමට පහසූවීම සඳහාය. නිවසේ ඉහළ මහලය පිළිබඳ සඳහන් කරනවානම් එය නිදන කාමර තුනකින් සහ නැරඹූම් මැදිරියකින්ද කුඩා ප්‍රමාණයේ ශාලාවකින්ද පොඩි නාන කාමරය සහ වැසිකිලියකින්ද යූක්ත වෙනවා. මෙහි ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීම පිළිබඳ සඳහන් කරනවානම් සරලවන රටාවක් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ගෘහ භාන්ඩ පමණක් ඒ ඒ අදාල ස්ථාන සඳහා සරල රටාවකට යොදාගෙන තිබෙනවා.

ගෘහ භාන්ඩ ස්ථානගත කිරීමට පෙර ඒවා මිලදී ගැනීමේදීම සැලකිය යූතු එක් කරුණක් තමයි ඒවා නිවසේ ප්‍රමාණයට ගැලපෙන අයූරින් තෝරා ගැනීමට උත්සහ දැරීම. නමූත් නිවස ගොඩනැගීමට පෙර සිට තමන් සතුව පවතින ගෘහ භාණ්ඩ යම් ප්‍රමාණයක් තිබේනම් එසේ කිරීම අපහසූ කාර්යයකි. එවිට කළයූතු එක් පිළියමක් තමයි ඒවාට ගැලපෙන අයූරින් නිවස නිර්මාණය කිරීම. නමූත් කුඩා ඉඩමක එවැනි දෙයක් කිරීමට යාම නූවණට හූරු නැහැ. එයට හේතුව තමයි නිවසේ එක් අංගයක් සඳහා වැඩි ඉඩකඩක් වෙන්කීිමට සිදුවූවහොත් එහි ඇති අනෙක් අංග ස්ථානගත කිරීමට ඇති ඉඩ කඩ අවම වීම. සමහර විට එම අංග ප්‍රමාණයෙන් කුඩාවට නිර්මාණය කිරීමට සිදුවෙනවා. ගෘහ භාන්ඩ තෝරා ගැනීමේදි මෙන්ම නිවස සඳහා ජනේල, දොරවල් හා වහලය සඳහා අවශ්‍ය දැව වර්ග තෝරා ගැනීමේදී මෙන්ම ගෘහය ආරම්භ කිරීමට පෙර හෙවත් ගෘහකර්මාන්තයේදී ප්‍රධාන වශයෙන්ම සැලකිය යූතු නමූත් බොහෝ දෙනා වැඩි සැලකිල්ලක් නොදක්වන කරුණක් පිළිබඳව සාකච්ඡා කර බලමූ.

එය තමයි ගෘහකර්මාන්ත සඳහා නොගත යූතු දැව වර්ග හා ගෘහකර්මාන්තය සඳහා නොකැපිය යූතු වෘකෂ වර්ගයන් මොනවාද යන්න. බෝ, කොහොඹ, බූරුත ආදී වෘකෂයන්ද, පකෂීන් වාසය කරන වෘකෂයන්ද, වියලී ගිය හෝ ගින්නෙන් පිලිස්සූනා වූ වෘකෂයන්ද එසේම අතු කැඩීගිය හා පැලී ගිය වෘකෂයන්ද දේවාල භූමියෙහි ඇති වෘකෂයන්ද සොහොන් බිමෙහි ඇති වෘකෂයන්ද ගෘහකර්මාන්ත සඳහා නොකැපිය යූතුය. එමෙන්ම ඒවැනි වෘකෂ ගෘහ කර්මාන්තය සඳහා කිසිම විටෙක යොදා නොගත යූතුය. එයින් අනිසි ප්‍රතිඵලය උදාවන බව පූරාණ වාස්තු විද්‍යාවේ සඳහන්වේ. නිවාස සමීපයෙහි රෝපණය කළයූතු වෘකෂ, නිවස සමීපයෙන් බැහැර කලයූතු වෘකෂ සහ ගෘහ කර්මාන්තය සඳහා යොදාගතයූතු දැව වර්ග පිළිබඳ ඉදිරියේදී නවලිය සොඳුරු කැදැල්ල තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමූ. මෙවැනි වූ කරුණූ අධ්‍යනය තුළින් ලබාගන්නා වූ දනූමෙන් ඔබේ සොඳුරු කැදැල්ලටද වාසනාව උදාකරදීම අපේ අරමූණයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment