දියවැඩියාවට කොහොඹ කොළ තම්බා පානය කිරීම සූදුසූද?



අග්නි දිග ආසියාතික රටවල උපත ලැබූ බව විශ්වාස කරන කොහොඹ ශ්‍රී ලංකාවේ ශුෂ්ක ප්‍රදේශවල හොඳින් වැඩෙන ශාකයක් ලෙස පෙන්වා දීමට පූළුවන්.

කොහොඹ ගසේ සියලුම කොටස් වන කඳ, මූල්, පොතු, කොළ, බීජ, දලු, ජීව විද්‍යාත්මක ගුණයක් හා පලිබෝධ නාශක ගුණයක් ඇති ශාකයක් විදිහට පෙන්වා දිය හැකියි.

මෙම ශාකය පරිසරයට මෙන්ම ජනයාගේ නීරෝගී පැවැත්මට ඉතා හිතකර විෂබීජ පළවා හැරීමේ බලය හිමි ඖෂධීය ශාකයක් ලෙස මිනිසූන් විශ්වාස කරන අතර එහි යම් සත්‍යයක් ද ඇති බව පැවසීමට පූළුවන්.

මන්ද තුවාල සේදීම සඳහා, පැපොල, සරම්ප වැනි රෝගී අවස්ථාවන්හිදී විෂබීජ නාශකයක් විදියට භාවිතයට ගන්නා බැවිනි.

කොහොඹ මිනිසූන්ගේ දද, කුෂ්ඨ, බිබිලි ආදී රක්තය දූෂණය වී සෑදෙන සමේ රෝගවලටද ගුණදායක ඔසූවක් වෙනවා. සිංහල ආයූර්වේදයේදී කෂාය, අරිෂ්ඨ වර්ග සෑදීම සඳහා කොහොඹ කොළ, නැටි, පොතු, මූල් යොදා ගනී. මෙය ඔසූවක් විදිහට භාවිත කරන්නේ තිත්ත රස නිසා විය යූතුයි. අප සිරුරේ අභ්‍යන්තරය පිරිසිදු වීම සිදුවන්නේ, කොහොඹ තෙල් ආදියත් ගැබිනි මවූවරුන්ට හා කුඩා දරුවන්ට දුම් ඇල්ලීමට යොදාගන්නේ එහි තිබෙන විෂබීජ නාශක ගුණය හා ඖෂධයක් ලෙස ප්‍රකට නිසාවෙනි.

මෑතකදී විවිධ සමාගම් කොහොඹ ශාකසාර යොදා සබන්, ක්‍රීම් වැනි විවිධ නිෂ්පාදන සිදුකරන්නේ එහි සැබෑ වටිනාකම දන්නා හෙයිනි.

කොහොඹ කොළත් කෂායවලට අන්තර්ගත නිසා එම කොළ තම්බා පානය කිරීමෙන් ගැටලුවක් ඇති නොවෙයි. තම්බා පමණක්ම නොව මෙම කොළ යූෂ කිරි සමඟ මිශ්‍රකර පානය කිරීමද පැරැන්නන් සිදු කළා. එයින් රක්තය පිරිසිදු වන බව සැබෑය. නමූත් කොහොඹ කොළ තම්බා පානය කිරීම අවැසි නෑ. පළපූරුදු වෛද්‍යවරයෙකු ලවා කෂාය ලබාගෙන පානය කිරීම වඩා ප්‍රතිඵල දායක යැයි ආයූර්වේද වෛද්‍යවරයෙකු හැටියට පවසනවා. මෙසේ කොහොඹ කොළ තම්බා පානය කිරීම සිදු කරන්නේ අප තුළ තිබෙන පරම්පරාගත මතය හේතුවෙනි.

ඇතැම් පූද්ගලයන් රුධිරය පිරිසිදු කර, දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කිරීමේ හැකියාව කොහොඹ කොළ සතුව පවතින බව විශ්වාස කරනවා. මේ නිසා තම්බා පානය කිරීමට පෙළඹී තිබෙනවා.

මා මෙතනදීත් ඔබගෙන් අහන්න කැමති ආයූර්වේදයත් දියූණූ මේ කාලයේදී දියවැඩියා රෝගයට ඖෂධ නැතිනම් පමණක් කොහොඹ කොළ පානය කිරීම හොඳයි. කොහොඹ කොළ මෙම රෝගයට සූදුසූ බව පවසන්නේ තිත්ත නිසා විය යූතුයි. පානය කළාට නම් වරදක් මා දකින්නේ නෑ.

ආයූර්වේදයේදී මධූමේහ චිකිත්සාවක් තියෙනවා. දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය 65ඃ115 අතර වැඩිවීමක් සිදුවී තිබෙනවා නම් පමණි. ඇතැම් විට මෙය වෙනස් වන්නට පූළුවන්. 115 වඩා තරමක් වැඩි වී නම් ප්‍රතිකාර ගැනීමට ඕනේ නැහැ. එය ආහාර පාලනය මගින් පාලනය කරගත හැකි වෙනවා. ආහාර පාලනය කළවිටදීත් සීනි පාලනය වී නැති නම් තමයි වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. වයස අවූරුදු 40 ක නම් ඔබ රුධිර පරීකෂාවක් කර ගැනීම වඩා වැදගත්. ඉන් අනතුරුව වසර 2 කට පමණ වරක් රුධිර පරීකෂාවක් කර ගැනීම වඩා හොඳයි.

දියවැඩියා රෝගය වැළඳී ඇතිනම් නිතර නිතර මූත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. තුවාල වී තුවාලය සූවනොවීම, ඇස් පෙනීම අඩූවීම, වකුගඩූ අමාරු, හෘදයාබාධ ආදී රෝග ලකෂණ දකින්නට පූළුවන්. දියවැඩියා රෝගීන් අප වෙත පැමිණෙන්නේ මෙන්න මේ ඉහත රෝග ලකෂණ සමඟිනි. ඒ නිසා අපිට අපගේ රෝගීන්ට මෙවැනි අවදානම් තත්ත්වයකදී කොහොඹ කොළ තම්බා පානය කරන්න කියලා පවසන්න බෑ. මධූමේහ රෝගය කියන්නේ තරමක බරපතල රෝගී තත්ත්වයක්. සිහිකල්පනාවෙන් පාලනය කරගත යූතුයි.

ඔබට දියවැඩියා රෝගය ඇතිනම් වහාම වෛද්‍යවරයකු වෙත පැමිණ ඖෂධ ලබාගැනීමෙන් මේ තත්ත්වය අවම කරගන්නට හැකියාව ලැබෙනවා. තමන්ගේ සිරුරේ සීනි ප්‍රමාණය අනූව සිදුකළ යූතු නිසා නිවැරදි ලෙස ඔසූ ලබාගත යූතු වෙනවා. ආයූර්වේද වෛද්‍යවරුන් ළඟ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර තිබෙන බැවින් කොහොඹ කොළ තම්බා පානය කිරීම මා අනූමත කරන්නේ නෑ. ඔබට අවශ්‍ය නම් සතියකට වරක් හෝ දෙවරක් මෙය තම්බා පානය කිරීම වරදක් නොවන බව පවසා සිටිනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment