වැව් මාළු වේලීම- මාළු වේලෙන ක්‍රම



මාළු වේලීම මගින් සිදු කරන්නේ එය කල් තබාගැනීමයි. බොහෝ විට මෙය අතිරික්තය අපතේ නොයවා ප්‍රයෝජනයට ගැනීමක් ලෙස දක්වන්නට පූළුවන්.

නමූත් වැව් මාළු අතිරික්තයක් නැහැ. ඉල්ලුමට අවශ්‍ය තරමට හෝ වැව්මාළු සැපයීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා වැව් මාළු වේලීම කර්මාන්තයක් ලෙස සිදු කරනවා නම් මිස අතිරික්තය රැකගැනීම සඳහා එය සිදු කරන්නට බැහැ.

අනෙක් කාරණය මූදු මාළුවලට වඩා ඉක්මනින් වැව් මාළු නරක් වෙනවා. ඒ නිසා අලෙවියට තබා පසූව වේලන්නටත් බැහැ. ඒ නිසා වේලනවා නම් අලූත් වැව් මාළු එයට යොදා ගත යූතුයි.

මාළු වේලීමේදී සෑම මාළුවාම එකම කාලයක් තුළදී එකම ප්‍රමාණයට වියලෙන්නේ නෑ. එයට හේතුව මාළුවා තුළ ඇති ජල ප්‍රමාණය හා මේදය ප්‍රමාණයයි.

වැව් මාළුවාට ඝනකම් හමක් පිහිටනවා. මූදු මාළුවාගේ හම එතරම් තදට පිහිටන්නේ නෑ. ඝනකම් හම මත තෙල් ආදී පෝෂ්‍ය පදාර්ථත් පිහිටනවා. මේ හම නිසාද වැව් මාළුවා වේලෙනවා අඩූයි. නමූත් හම ඉවත් කර වියලීමත් ප්‍රායෝගික නැහැ.

මාළු වේලීම පළමූ ක්‍රමය

මාළුවා ගෙන ඉතාම පිරිසිදු වතුරෙන් මඩ, කුණූ ඉවත් වීමට හොඳින් සෝදන්න. හිස කොටස ඇදයට කපා කරමලය හා ඇතුළත කොටස් සමග ඉවත් කරන්න. මාළුවාගේ බඩ පැත්තෙන් කැපූමක් යොදා අතුනූබහන් හා අපිරිසිදු කොටස් සියල්ල ඉවත් කරන්න. නැවත. හොඳින් සෝදාගන්න.

සෝදාගත් මාළුවාගේ හරහට වෙන් නොවන ලෙස ඉරි ගසා පෙති කපා ගන්න. ඒ පෙති වෙන් නොවන ලෙස තිබිය යූතුයි.

ප්‍රමාණයෙන් විශාල මාළුවෙකු නම් මාලුවා කොටස් දෙකකට පලා ගන්න. නැතිනම් පෙති වෙන් වෙන්ව කපාගන්න. කුඩා මාළු පෙති වෙන් කිරීම අවශ්‍ය නෑ.

පෙති කැපීමෙන් ඉරි ගසා වෙන් කිරීමෙන් බලාොපරොත්තු වන්නේ මාලුවාගේ ශරීරයේ ඇති ජලය ඉවත් කිරීම හා ලුණූ ද්‍රවණය ඇතුළට කාවැද්දීමයි.

ලූණූ ද්‍රාවණය

මේ සඳහා ලූණූ කුඩූූ හෝ ලූණූ කැට යොදා ගන්නට පූළුවන්. ලූණූ කැට යොදා ගන්නේ නම් වතුර ලීටර් එකකට ලූණූ කැට ග්‍රෑම් 300 ක් දිය කරගන්න. ලූණූ කුඩූ යොදාගන්නේ නම් මාලු කිලෝ 5 ට ලූණූ කුඩූ කිලෝ එකක් යොදා ගන්න.

ලූණූ කැට දිය කරගත්තේ නම් පිරිසිදු කර කපාගත් මාළුවා එම ජලයට දමා පැය 8 ඃ 12 අතර කාලයක් තබන්න. ලුණූ කුඩූ යොදාගන්නේ නම් එය මාළුවාගේ සෑම කොටසකටම හොඳින් තැවරෙන ලෙස ලූණූ දවටා ගන්න. එයද පැය 8 ඃ 12 ක් තබන්න.

ලූණූ ද්‍රාවනයේ ඇති සාන්ද්‍රණය නිසා මාළුවා තුළ ඇති ජලය පිටතට එනවා. එසේම ලුණූ මාළුවා තුළට හොඳින් කාවැදීම සඳහායි පැය 8 ඃ 12 ක් තබන්නේ.

මාලූ වියලීම

පැය 12 ක් පමණ තැබූ මාලු එකවර තද අව්වට දමන්නේ නෑ. තද අව්ව නිසා මාලූවාගේ පිටපොත්ත කවරයක් වගේ ඝනවෙනවා. ඇතුළත ඇති මස වියලෙන්නේ නෑ. ඒ නිසා මාළු නරක් වෙනවා. මාළු මූලින්ම වියලෙන්නට දෑමිය යූත්තේ උදේ අව්වටයි. එසේ දිනයම තබා සවස එකතු කර තබා නැවත පසූදින උදයේ අව්වට දමන්න. මේ ආකාරයට දින 10 ක් පමණ මාලු වේලාගත යූතුයි. ඔබ මාලුවා මත තැවරුවේ ලූණූ කුඩූ නම් එය වියලෙන්නට දමන විට ලුණූ ගසා ඉවත් කළ යූතුයි. නැතිනම් ලූණූරස වැඩිවෙනවා මෙන්ම තිත්ත රසයක් ද ඇති වෙනවා.

මාලු වේලාගත යූත්තේ පිරිසිදු ස්ථානයක තබායි. සතුන්ගෙන් අපවිත්‍ර නොවන ස්ථානයක් ඒ සඳහා තෝරාගන්න.

වැව් මාලූ වේලීම දෙවන ක්‍රමය

අනූරාධපූරය වැනි ඈත පළාත්වල මාලු වේලීම සඳහා දුම් මැස්සක් පිලියෙල කරනවා. මැස්සක් සාදා ඒ මත මාලු අතුරාගෙන මැස්සට යටින් විවිධ දර වර්ගවලින් දුම් ගස්සනවා. මේ දුම නිසා රත්වන මාළු ටිකෙන් ටික වියලෙන අතරම දුම් ගැසීමට භාවිත කළ දර වර්ගවල ඇති විවිධ සංයෝග නිසා මාලුවල රසයක්ද ඇතිවෙනවා. මෙසේ දුම් ගැසීමට යොදාගන්නා විවිධ දර වර්ග ගැන දෑනට පරීක්ෂණ පවා පැවැත්වෙනවා. ඒ වඩාත් සූදුසූ දර වර්ග මොනවාදැයි සොයා ගැනීම සඳහායි.

මාලු වියලාගත් පසූව ජල වාෂ්ප ඇතුළු නොවන ලෙස හොඳින් පැකටි කරගත යූතුයි. නැතිනම් ජලය සමග කරවල තුළ ඇති ලුණූ දිය වීම නිසා කරවල තෙත ගතියකින් යූතු වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment