කුල කාන්තාව කියා ඇය හඳුන්වනූ ලැබූවේ ඇයි?

පවූලක මංගල අවස්ථාවක් සිදුවෙනවා කියන්නේ දියණියකගේ හා පූතණූවෙකුගේ අලුතින් ඇරඹෙන බැඳීමක ආරම්භයක් විදිහට පෙන්වා දීමට පූළුවන්. ඥාති හිත මිතුරන් පිරිවරා ගෙන සිදුකරන විවාහ මංගල්‍යයේදී කැපී පෙනෙන අයූරින් දිස්වෙන්නේ මනාලියයි. මෙසේ අන් අය ඉදිරියේ රැජිණියක් ලෙස සිටින මනාලියගේ සූවිශේෂී අංගයක් වන්නේ මංගල මාල හත පැළඳීමයි. මංගල දිනයේදී මෙම ආභරණ කටිටලයට විශේෂයක් දක්වන්නේ ඇයි? එහි ඇති වැදගත්කම පිළිබඳව හා ඔබ එය පළඳාගෙන සිටින්නේ එහි තිබෙන අර්ථය පිළිබඳව දැනූවත් වෙමින් ද යන වග ගැන කතා බහ කරමූ.


අතීතයේදී සිංහල චාරිත්‍ර වාරිත්‍රවලට මූල් තැන දෙමින් මංගල උත්සවය සිදු කළා. විශේෂයෙන් සිංහල ක්‍රමයට පැවතුන චාරිත්‍ර අද වනවිට ඉතිරිව පැවතෙන්නේ උඩරට ප්‍රදේශවල පමණයි. මෙම මංගල චාරිත්‍ර විවිධ ප්‍රදේශවල සිදු කළ ද අකැප නෑ. නමූත් උඩරට ප්‍රදේශවල මෙම චාරිත්‍ර පරම්පරාවටම පැවතගෙන එන නිසා උඩරට චාරිත්‍ර ලෙසට අද සලකනූ ලබනවා.

විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. විදේශීය අය සිංහල උඩරට ක්‍රමයට විවාහ වෙන්න බොහෝ කැමැත්තක් දක්වනවා එයට හේතුව එහි තිබෙන සිරිත් විරිත් වගේම ඇඳුම් පැළඳුම්වල තියෙන සංකීර්ණභාවය නිසාවෙනි. උඩරට මනාලිය අඳින ඇඳුමට පළඳින මාල හතට සූවිශේෂී තැනක් අදවනවිටත් හිමිවෙනවා. එය චාරිත්‍ර වාරිත්‍ර එක්කම පැළඳිය යූතු දෙයක් විදියටයි පැරැන්නන් සලකනූ ලැබූවේ.

වැඩි වශයෙන් ප්‍රභූ පැලැන්තියේ අයයි චාරිත්‍රාණූකූලව හෙළ සිංහල ක්‍රමයට විවාහ මංගල්‍ය ඉටූ කළේ. සාමාන්‍ය ජනයා අතර ද චාරිත්‍ර අඩූ වැඩි වෙමින් නිසි පරිදි ඉටූ කරනූ ලැබූවා. එසේ පැවත ආ සිරිත් විරිත් අද දක්වාම පැවත එන බවක් දකින්නට පූළුවන්.

දෙදෙනෙකු අතර විවාහයක් ඉටූවන්නට නම් එදා ඉඳලාම කරුණූ කාරණා බොහොමයක් තිබූණා. මඟුල් නිවසක මූලික අරමූණ තමයි තම වර්ගයා බෝකිරීම හෙවත් ප්‍රජනන කාර්ය සඳහා බැඳීමක් ඇතිකරවීම. පසූ කාලයේදී තමාගේ කුල පරම්පරාව

රැකගැනීමත් හේතුවෙන් තමයි පරම්පරා දෙකක් අතර විවාහවීමක් සිදුවූණේ.

ප්‍රභූ පැලැන්තිවල මෙසේ සිදුවූවත්, සාමාන්‍ය ජනයා අතර මෙම චාරිත්‍ර අරමූණූ සිදුවන විට ලඝූවීමක් සිදුවෙනවා. කුල පරම්පරාව රකිනවා කියන කාරනාව තුළදී අප පවසනවා, "උයනවා" කියලා. එහි තේරුම පූරුෂයෙකු විසින් කාන්තාවක් විවාහ කර ගන්නවා කියන්නේ තමාටම කියලා ආහාර සකස් කර දීමට කෙනෙකු ඉන්නවා කියන එකයි. කාන්තාව පැත්තෙන් මෙය බලන විට ඇය සිතන්නේ ඇයට හව්හරණක් රැකවරණයක් ලැබී, ඇය තනි නොවූණ බවකි.

විවාහ කටයූත්තක් ඉටූකිරීමේදී ඒ සඳහා දෙදෙනෙක් සූදුසූ දැයි අපේක්ෂා කර බැලීමක් සිදුකරනවා.

උදාහරණයක් විදියට යමක් කෙනෙකුට දෙන විට එය ලබාදීමේදී දෙන කෙනාගේ සිත පිරිසිදු විය යූතු වගේම දානය ලැබෙන පූද්ගලයා ඊට සූදුසූ විය යූතු වගේ ගැහැනිය හා පිරිමියා උපරිම මටිටමින් ගැළපිය යූතුයි. එම ගැළපීම බලන බාහිර අංග රාශියක් තියෙනවා.

එනම් දෙදෙනා අයිති පවූල් සංස්ථාවල ස්ථාවරත්වයක් තිබීම පිරිමියෙකු නම් තමා ගෙන එනූ ලබන බිරිඳව රැකගැනීම හා ඇයට පූර්ණ ආරක්ෂාව ලබාදීමත් දරුවන් පෝෂණය කිරීමට ආදායමක් තිබිය යූතුයි. ඒ වගේම එම පූරුෂයාගේ ශක්තියට තවත් ශක්තියක් වන ගැහැනියක් තමයි තෝරාගනූ ලැබූවේ. බොහෝ විට පූරුෂයාගෙන් ආපේක්ෂා කරන ශක්තිය නීරෝගී බවයි. කාන්තාවකගෙන් රුව, ගුණ, තාරුණ්‍ය, සූන්දරත්වය යන ආකර්ෂණීයත්වය තිබිය යූතු බවයි අපේක්ෂා කළේ.

පැරණි සමාජයේ කාන්තාවකගේ ඉහළින්ම සලකනූ ලැබූවේ ගුණ යහපත් කමයි. ඒ නිසා තමයි... ඔවූන්ව කුල කාන්තාවන් වශයෙන් හඳුන්වා ඇත්තේ.

විවාහ අපේක්ෂිත යූවළක් අතර සාමාන්‍ය ආර්ථික ශක්තියක් තිබිය යූතුයි. ඔවූන්ට වෙනම කුටූම්භයක් ඒ කියන්නේ පවූලක් වශයෙන් ජීවත්වීමට හැකියාවක් තිබිය යූතුයි. කුටූම්භය කියලා අදහස් කරන්නේ මෙතනදී නිවස කියන තේරුම නොවේ. පවූලක් කියන අදහසයි.

බාහිර ලකෂණ හෙවත් කුලගොත් විචාරය තිබිය යූතුයි. ඒ කියන්නේ සමාජ සූූදුසූකම් බැලීමයි. කුලය ගැන කතා කරන විට අද සමාජයේ බොහෝ අය මෙය වෙනස් අර්ථයකට තේරුම් ගන්නවා. අද හඳුන්වනූ ලබන කුලය වෘත්තිය අනූව තෝරාගෙන උස් පහත් කමින් සලකනූ ලබනවා. එහෙත් අතීතයේ රැකියාව තෝරාගනූ ලැබූවේ තමා වෙසෙන පරිසරය අනූව ආදායමක් ලබාගන්නට හැකි වෘත්තියක් තෝරා ගැනීමයි. උදාහරණයක් විදිහට කියනවා නම් මැටි තියෙන ප්‍රදේශවල ජීවත්වන උදවිය මැටි කර්මාන්තයට නැඹූරු වෙනවා. ලෝහ තියෙන ප්‍රදේශවල ලෝහවලින් වැඩ කටයූතු සිදු කරගනී. ජල ප්‍රදේශවල වෙසෙන අය ධීවර කර්මාන්තයේ නියැලෙනවා. කුඹූරු තියෙන අය කුඹූරු වැපිරීම සිදු කරනවා. තමන් විසින් තමාගේ දෛනික අවශ්‍යතා සඳහා පරිභෝජනය කර අතිරික්තය අන් අය අතර හූවමාරු කර ගැනීමක් සිදු කළා.

යකඩ කර්මාන්තයක නියැලෙන පූද්ගලයෙකු මැටි කර්මාන්තයේ නියැලෙන පවූලකින් විවාහයක් කර ගැනීම ගැළපෙන්නේ නෑ කියල කියනවා. එයට හේතුව තමයි යකඩ කර්මාන්තයේ නියැලී සිටින කෙනෙකුට මැටි නිර්මාණය කිරීමට අපහසූයි. කුඩා කාලයේ සිට පවූල් පසූබිම හූරුවී තිබෙන්නේ මැටි වෘත්තියටයි. ඔවූන් පිටස්තරයින්ව හවූලට ගත්තේ නැහැ.

පවූලේ අයෙකුමයි සහය ලබාදුන්නේ. මෙන්න මේ පවූල් දෙක අතර මෙම වෘත්තීන් දෙකම හූරු වී නැති නිසා තමයි ගැළපෙන්නේ නැති බව පවසා තිබෙන්නේ. මේ නිසා තමයි ඔවූන් කරන රැකියාවට සමාන පවූලකින් විවාහයක් කර ගැනීමට පෙළඹී තිබෙන්නේ. පැරණි අයඅද වගේ නෙමෙයි. මේ පිළිබඳව සාධාරණ ලෙස සොයා බැලුවා.

දරුවන් දෙදෙනෙකුගේ අලුතින් ආරම්භ කරන කුටූම්භය සාර්ථක ලෙස පවත්වා ගෙන යෑමට හැකියාව තිබේද කියලා කපූරාළ කෙනෙකුව යොදවලා එම පවූල්වල සූදුසූකම් සොයා බැලීමක් ද සිදුකළා. කපූරාළට අමතරව කේලම් කරුවෙකු කියලා හඳුන්වනූ ලබන පූද්ගලයෙකුව මනමාල මහත්තයාගේ නිවසට හා මනාලියගේ නිවසට යැවීමක් ද සිදු කළා. එසේ සිදු කළේ පවූල්වල තොරතුරු සොයා බැලීම සඳහායි.

විවාහයකදී බාහිරෙන් පමණක් නොව, අද වගේම අභ්‍යන්තර ගැලපීමක් සොයා බැලීමක් සිදුකළා. එදා සමාජය තුළත් ශාස්ත්‍රානූකූල ක්‍රමවේදයක් වන පොරොන්දම් බැලීම සිදු කළා. දෙදෙනාගේ කේන්ද්‍රවල දෙදෙනාටම ගැලපෙන අයූරින් මූලික අංක 20 ක් බලා දෙදෙනාගේ සබඳතාවයට ගැළපෙන ලකුණූ තිබෙනවාද කියලත් සොයා බැලීමක් සිදු කළා. ඉන් අනතුරුව තමයි විවාහය සිදුකළේ.

ඒ වගේම දෙදෙනාගේ පාරිශුද්ධත්වය පිළිබඳවත් සොයා බැලීමක් සිදු කළා. පිරිමියා පිළිබඳව සොයා බැලුවත්, මත භේදයට ගැටලුවක් පැනනගින්නේ නෑ. ඇතැම් විට පිරිමි ළමයා පිට ගමක සබඳතා ඇති දරුවන් සිටින කෙනෙකු වන්න පූළුවන්. විවාහයක් සිදුවෙලා නෑ. පිතෘත්වය ගැන සොයා බලන විට එය අවතක්සේරුවට ලක්වී අලුත විවාහවීමට සිටී නම් එය අවූල්වීමට පූළුවන්. ඒ හේතු කොටගෙන අලුතින් විවාහ සිදු නොවන්නට පූළුවන්.

නමූත් කාන්තාවකට මේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අද වගේ විවාහය ලියාපදිංචි වනවිට ගැටලු නොවූණත් කාන්තාවගේ පාරිශූද්ධත්වය වසන් කරන්න බෑ. ඇයට ගැටලු පැන නගිනවා.

කාන්තාවගේ පාරිශුද්ධිය නොමැති බව දැනගත්විටදී කාන්තාව තුළ වගේම ඇයගේ පවූල තුළ තිබෙන විශ්වාසය නැතිවී යනවා. එතැනදී ඇය පිළිබඳව තිබෙන වටිනාකම අඩූ තක්සේරු වෙනවා. කුටූම්භය පවත්වා ගෙන යෑමේදී ගැටලු පැනනැගීමක් ද සිදුවෙනවා.

පැරණි සමාජය තුළ සියලුම දෑ ලිහිල්ව තිබියදීත් කාන්තාවකට බලපෑම් ඇති කරන එකම සාධකය පාරිශුද්ධත්වයයි. කුල කාන්තාව ලෙස හඳුන්වන්නේ ඇයගේ පාරිශුද්ධත්වය තිබෙනවා නම් පමණකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment