වැඩිහිටියන්ට නිතර ඇතිවන කොන්දේ කැක්කුම වෙනත් රෝග රැසකට ආරම්භය විය හැකියි



වයසට යන්න යන්න මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා එක එක රෝග වැළදෙනවා. අපේ වැඩිහිටියන් නිතර දෙවෙලේ කියන කතාවක් තමයි ඇඟ රිදෙනවා, කකුල රිදෙනවා එහෙමත් නැත්නම් අත, කොන්ද රිදෙනවා කියන නැත්නම් එක. මෙයින් බහූල වශයෙන් වැඩිහිටියන් කියන වේදනා විඳින තත්ත්වය වෙන්නේ කොන්දේ කැක්කුම. අද අපි කතා කරලා බලමූ වැඩිහිටියන්ට ඇති වන කොන්දේ කැක්කුම ගැන.

මැදි වයසට යද්දිත්, වයස්ගත වෙද්දිත් කොන්දෙ කැක්කුම විවිධ හේතු මූල්කරගෙන ඇති වෙන්න පූළුවනි. මෙම තත්ත්වයන්ට වඩාත් මූල් වෙන්නේ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය.

අද කාන්තාව කියන්නේ ගෙදර තුළ, සමාජය තුළ බොහොම කාර්යබහූල තැනැත්තියක්. එයින් රාජකාරීවල නිරතවන කාන්තාවන් එකම ඉරියව්වක පැය ගණන් සිටිමින් රාජකාරි කිරීම තුළ ඇයට කොන්දේ ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවයඉතා වැඩියි. මෙතනදී පූටූවක් මත හිඳගෙන රාජකාරි කරන කාන්තාවක් නම් ඇය ඉදගෙන ඉන්න ඉරියව්ව නිවැරදිව පවත්වාගෙන යාම සෘජූ ඉරියව්වක ඉදගෙන මේසය තුළට පූටූව රැගෙන වාඩිවීම ඉතා වැදගත්. තමන්ගේ කොන්ද පූටූ ඇන්දට සමාන්තරව තබාගෙන කටයූතු කිරීම වෙනත් විදියකින් කිව්වොත් කොන්ද අංශක අනූවක් ආකාරයට පවත්වාගෙන යාම ඉතාම වැදගත්. කොඳු ඇට පවා කාලයත් එක්කම ගෙවීමක් සිදුවෙනවා. එවැනි වැඩිහිටියන්ට තමයි ඔස්ටියෝ ආතරයිටීස් කියන රෝග තත්ත්වය ඇතිවෙන්නේ.

වැඩිහිටි අවදියේදී තමන් සෞඛ්‍ය සම්පන්න අතින් හොඳින් ඉන්න නම් දවසකට විනාඩි කිහිපයක්වත් ව්‍යායාමවල නිරතවීම ඉතාම වැදගත් වෙනවා. මේ ව්‍යායාම කරන්න කියලා නිකම් ආවට ගියාට කරලා වැඩක් නැහැ. එය නිසි පූහූණූවක් යටතේ හරියාකාරව ඉටූ කිරීම ඉතා වැදගත් වෙනවා. නිසියාකාරව ව්‍යායාම නොකිරීමෙන් වැඩිහිටියන්ට නැති ලෙඩ පවා ඇතිවෙන්න පූළුවනි. තරුණ ළමයි වූනත් කායවර්ධන ව්‍යායාමවල අඩංගු වෙන බර ඉසිලීම පවා නිසි උපදේශකවරුන් යටතේ ක්‍රියාත්මක නොකිරීමෙන් වෙනත් වේදනාවන්, ලෙඩ ඇති වෙන්න පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment