හර්නියා සැත්කමට පෙර සූදානම


"සිරිදාසට වයස අවූරුදු හැටක් පමණ වෙනවා. රස්සාව විදිහට කළේ කුඹූරු වැඩ... ඉඩ ලැබෙන හැම වෙලාවකම සිගරටිටූවක් නැත්නම් දල්වාගෙන හිටින එක ඔහූගේ පූරුද්දක්.. දැන් කාලෙක ඉඳලා විටින් විට ඇතිවන කැස්සකුත් සිරිදාසට තියෙනවා. මේ අතරේ සිරිදාසගේ යටි බඩ ප්‍රදේශයේ ඉකිලිවලට ඉහළින් උදරයේ ගෙඩියක් වැනි යමක් මතු වූණා. කහින වෙලාවට මේ ගෙඩියේ ප්‍රමානය වැඩි වූණා... ඇඳේ හාන්සි වූණා ම ගෙඩියේ ප්‍රමානය අඩූවෙනවා... නැතිනම් නොපෙනී යනවා ගමේ රෝහලට අලුත් වෛද්‍යවරයෙකු පත්වෙලා ආවෙ ඔන්න ඔය අතරේ, දරුවන්ගේ බලකිරීම හින්දා ම සිරිදාස තම අසනීපය ගැන වෛද්‍යවරයාට පැවසූවා. රෝගියා පරීකෂා කරලා බැලුවට පස්සේ ඔහූට හර්නියා අසනීපය තිබෙන බව වෛද්‍යවරයා නිගමනය කළා. ඉන්පසූව සිරිදාස ව නගරයේ මූලික රෝහලක් වෙත යොමූ කළා.

මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යොමූ වූණ සිරිදාසට ශල්‍යකර්මය සඳහා දිනයක් ලබාදුන්නා. ශල්‍යකර්මයට කලින් දවසේ උදේ වාටිටූවට පැමිණෙන ලෙස නියම කළා. ශල්‍යකර්මයට පෙර දිනයේ වාටිටූවට පැමිනි සිරිදාව වෛද්‍යවරුන්ගේ පරීකෂාවට ලක්වූනා. ඊට පස්සේ අතින් රුධිරය ලබාගත්තා. මූත්‍රාත් ලබාගත්තා. තව විවිධ පරීකෂාවන්ට ලක්වෙන්න වූණා. ඊට පස්සේ තමයි ශල්‍යකර්මය කළේ... උදේ වාටිටූවට ගිහිල්ලා ශල්‍යාගාරයට ගිහින් එදා ම හවස ගෙදර එන්න හිතන් හිටපූ සිරිදාසට මේක මහා ප්‍රහේලිකාවක්..."

සිරිදාස විතරක් නොවෙයි... මේ රටෙි බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ශල්‍යකර්මයක් කර ගැනීමට රෝහල් ගතවූ පසූව එදා ම ශල්‍යකර්මය කරගෙන එදාම නිවසට යාමට පූළුවන් බවයි. එහෙත් ශල්‍යකර්මයක් සිදු කිරිම එසේ ආවාට ගියාට කළ හැකි කටයූත්තක් නොවෙයි. ශල්‍යකර්මයකට පෙර ඊට මූහූණ දීමට හැකි පරිදි රෝගියා සූදානම් කිරීම ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් කටයූත්තක්....

රෝගියාගේ වයස, රෝගයේ තත්ත්වය පැතිරීම ශල්‍යකර්මයේ ස්වභාවය, නිර්වින්දන වර්ගය, (සම්පූර්ණයෙන්ම සිහි නැති කරනවා ද නැතිනම් අදාළ ප්‍රදේශය පමණක් හිරි වටිටනවාද යන්න...) රෝගියාට පවතින වෙනත් කායික රෝගාබාධ (දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය ආදී...) වැනි සාධක රැසක් සැලකිල්ලට ගෙනයි රෝගියෙකු ශල්‍යකර්මයක් සඳහා සූදානම් කිරීමට සිදු වන්නේ.. වයස අවූරුදු තිහක නීරෝගී තරුණයෙකුගේ හර්නියා වැනි ශල්‍යකර්මයකට පෙර හා වයස අවූරුදු හැටක පමණ දියවැඩියාවෙන් හෝ හෘදයාබාධයකින් පෙළෙන කාන්තාවකගේ හර්නියා ශල්‍යකර්මයකට පෙර ඔවූන් සූදානම් කරන අන්දම වෙනස් වෙන්නේ මේ නිසයි.

ශල්‍යකර්මයෙන් ශල්‍යකර්මයට රෝගීන් සූදානම් කිරීම වෙනස් ආකාරයකට සිදුවෙයි නිදසූනක් ලෙස, හර්නියා ශල්‍යකර්මයකට සාමාන්‍ය නීරෝගී පූද්ගලයෙකු සූදානම් කිරීමේදී ශල්‍යකර්මයට පෙර දින රෝහල් ගත කරගැනීම සිදුවෙයි. කෙසේ නමූත්, රෝගියා පළමූව පරීකෂා කළ දිනයේදීම ඔහූගේ හර්නියා තත්ත්වය ඇතිවීමට බලපාන ලද බාහිර සාධක හඳුනාගෙන ඒවායෙන් වැළකීමට උපදෙස් ලබා දිය යූතුවේ. තරබාරු බව, දුම්පානය, මත්පැන් පානය, බර ඉසිලීම, දිගු කල් පවතින කැස්ස, මළබද්ධය ආදී හර්නියා ඇතිවීමට හේතුවන බැවින් මේ සම්බන්ධව වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාදිම වැදගත්ය. නිදසූනක් ලෙස, දිගු කලක් තිස්සේ කැස්ස පවතින රෝගියෙකුට, කැස්ස සූව නොකොට හර්නියා ශල්‍යකර්මය සිදු කිරීම නිශ්ඵල ක්‍රියාවකි.

හර්නියා ශල්‍යකර්මයට පෙර උදරයේ මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාමවලට යොමූ කිරීම ද වැදගත්ය. හර්නියා ශල්‍යකර්මයේ ස්වභාවය ද කල්තියා තීරණය කළ හැකි ය. මේ ශල්‍යකර්මය සිදු කරන ආකාරය, එය සිදු කරන ශල්‍ය වෛද්‍යවරයා අනූව වෙනස් විය හැකි අතර, දැනට බොහෝවිට භාවිතා වන්නේ හර්නි්යාව හෙවත් උදර කුහරය තුළින් පැමිණ තිබෙන නෙරායාම යළි ඇතුළට දමා, උදරයේ මාංශපේශීවල දුර්වල වූ ස්ථානය අවශෝෂණය කර නොගන්නා නූල්වලින් (නයිලෝන් හෝ ප්‍රෝලීන්වලින්) මැසීම හෝ ප්‍රෝලීන් දැලක් දමා මැසීමයි. (මඑසහ රඑපඅඉර)

ශල්‍යකර්මය සඳහා රෝගියාගේ අවසරය හා කැමැත්ත ලබාගැනීම ශල්‍යකර්මයට පෙරාතුව කළ යූතුය. මෙහිදී ශල්‍යකර්මයේ ස්වභාවය එහි අතුරු ආබාධ ආදිය ගැන රෝගියා දැනූවත් කොට, ඉන්පසූව රෝගියා කැමැත්ත ලබාදෙන්නේ නම්, එය ලිඛිතව ලබාගැනීම වැදගත්ය.

රෝගියාගේ මූත්‍රා පරීකෂණයෙන් වාටිටූවේදී කළ යූතුය. මෙමගින් රෝගියාට දියවැඩියාව පවතින්නේදැයි අවබෝධයක් ලබාගත හැකිය. වෙනත් රෝගයකට රෝහල් ගත වන බොහෝ රෝගීන් දියවැඩියාව පවතින බව දැනගන්නේ මේ මූත්‍රා පරීකෂාවේදී වන බැවින් මේ සඳහා මූත්‍රා සාම්පලයක් ලබාදීම ඉතා වැදගත් වේ. මීට අමතරව රුධිරයේ හිමොග්ලෝබින් මටිටම පරීකෂා කරයි. ශල්‍යකර්මයට මූහූණ දෙන රෝගියාගේ වයස අවූරුදු හැටට වැඩිවනවිට රුධිරයේ යූරියා මටිටම (ඊඹඃ, අයන මටිටම හා සීනි මටිටම සඳහා පරීකෂණ සිදු කිරීමත්, පපූූවේ එක්ස් කිරණ ඡායාරූපයක් හා හෘදයේ විද්‍යූත් සටහන් පතක්  ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙයි. කෙසේ වූවත්, වයස අවූරුදු හැටට අඩූ රෝගියෙකු වූව ද, පෙනහලු හා හෘද වස්තුව ආශ්‍රිත රෝග පවතින විට පසූව සඳහන් කළ පරීකෂණවලට ලක්විය යූතුය. එවන් විටෙක හෘදයේ එකෝ පරීකෂණයක් මෙන්ම ව්‍යායාම ඊසීජී (ුභඑරචඉසඑ ුඡඝ) සටහනක් ද ඇතැම් විට අවශ්‍ය වෙයි.

ශල්‍යකර්මයට පෙර දිනයේ රාත්‍රියේ දහයේ (10 චපඃ සිට නිරාහාරව සිට පසූදා උදේ ශල්‍යකර්මයට රෝගියා යොමූ කිරීම සිදු කරයි. ශල්‍යකර්මය සිදු කරන ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම ද බොහෝවිට සිදු කරයි. හර්නියා ශල්‍යකර්මයකින් අනතුරුව අවම වශයෙන් මාස 3 ක් වත් ගතවන තුරු අධිකව වෙහෙසීමෙන් හා බර උසූලන කටයූතුවල නිරතවීමෙන් වැළකිය යූතුය. මීට අමතරව කැස්ස, මළබද්ධය ආදියෙන් වැළකී සිටියයූතුය. කෙඳි සහිත ආහාර ගත යූතුය. ප්‍රමාණවත් තරම් ජලය (අවම වශයෙන් දිනකට පිරිසිදු ජලය ලීටර් 3 ක් වත්) පානය කළ යූතුය. ශල්‍යකර්මයෙන් පසූව වෛද්‍ය උපදෙස් හා අවශ්‍යතාව මත ශල්‍ය වෛද්‍ය සායනයට පැමිනිමද වැදගත්ය.

වෘෂණ කෝෂ ඉදිමීම සඳහා සිදු කරන ශල්‍යකර්මවලට පෙර හා පසූ සූදානම් ද මීට සමාන වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment