දැඩි වේදනාකාරිබවකින් යුත් මුත්‍රාශයේ ගල්






මිනිසාගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගී තත්ත්ව ගණනාවක් වර්තමානය වනවිට දැක ගැනීමට හැකි අතර, මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශි‍්‍රත කලාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක් හිමි කර ගනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇතිවන ගල් අශ්මරි ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ඝන වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ඇතිවන ගල් ද තිබෙන අතර, ඒවා පිත්ත අශ්මරී ලෙසින් ද හැඳින්වේ.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව මෙවැනි ගල් ඇති වීමට බලපාන හේතු අතර අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වා දිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරත වීම සමඟම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කතාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍රවේග ධාරණයත්න් ද මීට බලපාන තවත් හේතුවකි.

සුවපත් දිවියක් ගත කරනවා කියන්නේ කායිකව මෙන්ම මානසිකව ද යහපත් තත්ත්වයෙන් ජීවත් වීමයි. නමුත් විවිධ හේතු සාධක නිසා අපේ සුවපත් භාවයට ගැටලු ඇති වෙන්නේ අපටත් නොදැනීමයි. බටහිර වෛද්‍ය ක්‍රමයන්ගෙන් විසඳුමක් නොලද විට ඉන් පසු බහුතරයක් ජනතාව ආයුර්වේදය දෙසට හැරීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී තිබෙනවා. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත සුවපත්ව ගත කරනු ලැබේ. එවැනි ප්‍රතිකාරවල පවතින විස්මිත බව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව සුව කළ හැකි මුත්‍රා මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇති වීමේ රෝග පිළිබඳ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

මුත්‍රා ගල් ඇති වූ විටදී රෝගියා මුහුණ දෙන අපහසුතා අතර මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකියි. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශය දක්වා ගමන් කරන වේදනාවක් හටගත හැකියි. විශේෂයෙන්ම මුත්‍රා ගල් ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පිරිමි පාර්ශ්වයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට ද තද කැක්කුමක් ද ඇති වේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරි වැටෙන ස්වභාවයක් ද බොහෝවිට දැකගත හැකි වේ. මෙවැනි ලක්ෂණ මෞත්‍ර ලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.


මීට අමතරව මුත්‍රා පිට කිරිම් ආශි‍්‍රත රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකි වේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්වභායක් ද දැකගත හැකි වේ. තවද ශුක්‍ර නාළ අවහිර විමෙන් විවිධ පීඩාවන් ඇති කරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ඝන වීම නිසා ඇතිවන ස්ඵටික ශුක්‍ර නාලවල සිරවී ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇති වීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත් කරයි. රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා මුත්‍රා ගල් පිටවන අවස්ථා ද දැකගත හැකි වේ.

මුත්‍රා මාර්ගය හරහා එවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණ දීමට සිදුවන අපහසුතා අතර මුත්‍රා මාර්ග හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරීමකට ලක්විය හැකිය. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකි. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකියි. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශි‍්‍රතව තද වේදනාවක් ද ඇතිවිය හැකියි. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක් ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීමද බොහෝදුරට දැකගත හැකි වේ.

ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හිදී රැකියාවක් කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කසාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙළෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්ටාවටම සුවපත් කිරීමට පෑලියගොඩ රන්පත රුවන් රත්නායක වෙද මහතා සුදානම්ව සිටී.


මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකියි. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශි‍්‍රතව තද වේදනාවක් ද ඇතිවිය හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment