අම්මාගේ උණුසුම ලබන්නට නිතරම දරුවා මවගේ තුරුළේ තබාගන්න



අතීතයේදී  දරුවා සේදීමට හෝ තැවීම සිදු නොකරන අතර, අතීතයේදී දරුවන් උපන් විගස නාවා පිරිසුදු කර ඇත.

දරුවා ඉපදෙන විට, තෙත සහිත ඉටි වැනි ද්‍රව්‍යයක් දරුවාගේ සම මත රැඳී පවතී. Verme caseasa) මේවා දරුවා ගර්භාෂය තුළ සිටින තරලය (උළුබ තරලය) මඟින් ළදරු සමට හානි වීම වැළැක්වීමටත්, විෂබීජ නාශකයක් ලෙසත් කටයුතු කරයි.

ආදී කාලයේදී දරුවා නාවා, මේ සියල්ල ඉවත් කළද ඉහත කී වැදගත්කම් මෙන්ම උෂ්ණත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද නිසා සේදීමක් නොකරන අතර, පිස දැමීම මඟින් වැඩිපුර ඇති කොටස ඉවත් කරයි. දින දෙක තුනක් ගත වීමේදී දරුවා පිස දමන විට මේවා ඉවත්ව යනු ඇත. ඒ වන විට ඔබේ කිරිකැටියා ඔබ කුසෙන් ඔබ්බෙහි ඇති පරිසරයට හුරුවෙමින් සිටින බැවින් එහි ගැටලුවක් නැත.

ලෝකයේ උතුම්ම පදවිය ඒ ඔබ ලද මව් පදවියයි.එහි අරුත රැඳෙන්නේ ඔබ ඔබේ දරුවාට ලබාදෙන මව්කිරි නිසයි. දසමසක් කුස දරා සිට ඉන් නොනැවතී, තම ලේ කිරට හරවා දීම තුළින් තම කිරි කැටියාට ලබාදෙන වාසි පිළිබඳව අපි ඊළඟ සතියේ කතා කරමු.

උපතේ බර අඩු ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය අඩු වීම (Hypothermia) ඇති හැකියාව වැඩිය. ඔවුන්ගේ ශරීර බර ඒකකයක් හා සසඳන විට ශරීර පෘෂ්ඨය (Body surface) වැඩි නිසා, උෂ්ණත්ව හානිය වැඩිය.

තවද සමට යටින් ඇති මේද ස්ථරය (Subcutaneous fat) අඩු වීම ද හේතුවකි.

ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස අඩු වූ විට දරුවා තුළින් දැකිය හැකි ලක්ෂණ කීපයකි. ඒවා නම්,

 අලස බව (Lethargy)

 උද්දීප්ත්‍යතාවය (Irritability)

 කිරි උරාබීම අඩු වීම (Poor Feeding)

 හුස්ම ගැනීමේ අපහසුතා - Breathing difficult

 බර

ළදරුවෙකුගේ ශරීර උෂ්ණත්වය රැක ගැනීම සඳහා කළ හැකි විශේෂිත ක්‍රමවේදයක් ඇත. එය Kangaroo mother care (කැන්ගරු ක්‍රමය) ලෙස හඳුන්වයි.

මෙහිදී මවගේ සමට ළදරුවාගේ සම ගැටෙමින් උණුසුම ආරක්ෂා කරයි. ශරීර උෂ්ණත්වය අඩු වේ යැයි සැක සහිත ළදරුවන් සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීම යෝග්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන ජාතික මාර්ග නිර්දේශයේද සඳහන් කොට ඇත. කැන්ගරුවෙකු තම පැසෙහි පැටවා දමා ගෙන සිටින ආකාරයට රෙදි මඟින් දරුවා මවට සම්බන්ධ කිරීම මෙහිදී සිදු කරයි. එක වරකට පැයක් පමණ කාලයක් මෙසේ තැබීම සිදු කරයි. මෙම කැන්ගරු ක්‍රමය භාවිතයේදී අත්පත් වන වාසි රැසකි. එනම්,

 උණුසුම ලැබිම හා උෂ්ණත්ව හානිය අඩු වීම

 මව්කිරි නිෂ්පාදනය වැඩිවීම

 ස්වසන පද්ධතිය ආශි‍්‍රත ආසාදන ඇතිවීම අඩු වීම

 දරුවාගේ ශරීර බර වැඩි වීම

 මව හා දරුවා අතර ඇති මානසික බැඳීම

(Emotional bonding) වැඩි වීම.

 රෝහලේගත කිරීමට සිදුවන කාලය අඩු වීම

මීට අමතරව මඳ වශයෙන් උෂ්ණත්වය අඩු වීමට ලක් වූ ළදරුවෙකු හට කළ හැකි සාත්තුව වන්නේ,

කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 -28 අතර තබා ගැනීම. එනම් විදුලි පංකා හා වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක නොකිරීම.

 තෙත ඇඳුම් ඉවත් කර උණුසුම් ඇඳුම් ඇන්දවීම

 නොකඩවා මව්කිරි ලබාදීම

ශරීර උෂ්ණත්වය අඩු වීම ළදරුවන්ට එන ප්‍රධාන ගැටලුවක් වන අතර, එය බහුල ගැටලුවක් ද වන නිසා මව්වරුන් මේ පිළිබඳව සැලකිලිමත් වීම හා දැනුවත් වීම ඉතා වැදගත්ය.

ළදරුවාට අවශ්‍ය තරල ප්‍රමාණය නොලැබී යාම නිසාද මෙම තත්ත්වය ඇතිවිය හැකි බැවින් මව්වරුන් තම දරුවාට මව්කිරි ලබා දීමට උනන්දු වීම අත්‍යවශ්‍ය වූවකි.




හෙද නිලධාරිනි පළමුවන ශ්‍රේණිය කලමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිනී - පේරාදෙණිය: ප්‍රියංගිකා අඹගස්පිටිය



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment