ගලනාලය, ආමාශය, බඩවැල් තුවාල වෙලාද ?


තුවාල සුව කර ගන්නට නම් මෙන්න පිළියම්


  • මිරිස් තුනපහ කුළු බඩු ද්‍රව්‍ය, ආහාරවලට පමණට වඩා යොදන්නට එපා.
  • තෙල් අධික ආහාර හොඳ නැහැ. (ගැඹුරු තෙලේ බැදීම, තෙම්පරාදු කිරීම)
  • ආහාර ගත් පසු පැය 03ක් යනතෙක් නිදා ගැනීමෙන් වළකින්න.
  • ආහාර එක්වර විශාල ප්‍රමාණයක් ගන්න එපා. කුඩා ප්‍රමාණයෙන් කිහිප වරක් ගැනීමට පුරුදු වන්න.
  • ආහාර හොඳින් සපා කෑමට පුරුදු වන්න. අඩුම වශයෙන් පැය 1/4ක් වත් එක් ආහාර වේලක් ගැනීමට ගත කරන්න.
  • නිදාගන්නා ඇඳ ඉහ මත අඟල් 4 -5ක් පමණ උස් වන සේ ඇඳේ කකුල්වලට ගඩොල් කැට තබා උස් කර තබන්න.
  • ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වළකින්න. ඉලාස්ටික් දැමූ ඇඳුම් නම් වඩාත් යෝග්‍යය.
  • දිනකට දියර වර්ග ලීටර් 2.5 ක් 3 ක් පානය කරන්න.
  • තේ කහට, කෝපි, චොකලට්, මාමයිට්, ආහාරයට ගන්නට එපා.
  • දුම්පානය, මධ්‍යසාරය, බුලත්විට සම්පූර්ණයෙන්ම නතර කරන්න.
  • රතු කැකුළු හාල් බත්, එළවළු ,අධික කෙඳි සහිත ආහාර, පලතුරු, පැපොල්, කෙසෙල් වැනි පලතුරු ආහාර ජීර්ණ පද්ධතියට යෝග්‍ය වන ආහාර වේ.
  • මානසික විවේකය තුවාල සුව වීමට උදව් වේ.
  • එදිනෙදා ව්‍යායාම්වල නිරතවීම යෝග්‍යය
  • ස්ථුල ශරීරයක් ඇත්නම් බර අඩුකර ගැනීමට හැකි බැවින් එය රෝග සුවකර ගැනීමට ද බෙහෙවින් උපකාර වේ.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment