පාඩම් කරන කිසි දෙයක් මතකයේ රැඳෙන්නේ නැහැ කියන්නේ ඇයි?

මතකය අලූත් කිරිම තුළින් මතක ශක්තිය ඇතිකර ගන්න පූළුවන්

 
ඇතැම් පාසල් දරුවන්ට එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයූතුවල නිරතවෙලා ඉන්න ඕනෑම කෙනකුට පාඩම් කටයූතු නිතර නිතර අමතක විය හැකියි. තවත් කෙනකුට යම් දෙයක් තිබ්බ තැනින් සොයා ගන්න මතක නැති වෙන්නත් පූළුවනි. අමතක වීම කියන සිද්ධිය ඕනෑම කෙනකුට වෙන්න පූළුවනි. මෙය මානසික රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය නොහැකියි.


අමතක වීමට බොහෝවිට හේතු වෙන්නේ හොඳ සිහියෙන් වැඩ නොකිරීමයි. වෙනත් විදිහකින් කිව්වොත් අවධානයෙන් වැඩ නොකිරීමයි. මෙවැනි තත්ත්වයක් යටතේ කරන කියන දේවල් මතකයේ ලියාපදිංචි වෙන්නේ නැහැ.


මතක ක්‍රියාවලියේ පළමූ අදියර වෙන්නේ මතකය ලියාපදිංචි වීම. දැන් අපි හිතමූ කෙනෙක් පාරේ එනකොට නොයෙක් වාහන හමූවෙනවා, මිනිසූන් හමූවෙනවා කියල. හැබැයි එම පූද්ගලයාට එම සියල්ලම මතක හිටින්නේ නැහැනේ. නමූත් අපි දන්න හඳුනන කෙනෙක් දැක්කොත් එම පූද්ගලයා හමූ වූ බව, ඔහූ සමග කතා කළ පූවත් මතක හිටිනවා. මෙතනදී අවධානයෙන් අපි කරන කටයූත්ත මතකයේ රැඳෙනවා. කඩයකට බඩූ ගන්න ගියත් අප මිළදී ගන්න බඩූව මිසක්, බඩූව විකුණන පූද්ගලයා ගැන මතක නැහැනේ. යම් කෙනෙක් බඩූව විකුණපූ කෙනා ගැන විස්තර ඇහූවොත් කියන්න මතක නැහැ. හැබැයි ගත්ත බඩූව ගැන විස්තර කියන්න පූළුවනි. මතකය සඳහා ඉතාම වැදගත් දෙය තමයි අවධානයෙන් යූතුව කටයූතු කිරීම. මතකයේ ලියාපදිංචි නොවීමට බලපාන කාරණා බොහොමයක් තියෙන්න පූළුවනි. එයින් එක හේතුවක් තමයි ගොඩක් දේවල් ඔළුවේ වැඩ කිරීම. සමහර වෙලාවට කෙනකුට කරදර ප්‍රශ්න තියෙන්න පූළුවනි. ඒවා ගැන හිතමින් වෙනත් වැඩක් කිරීම තුළ එය අමතක වෙන්න පූළුවනි. සමහර විට අපි වැඩක් කරන්න ඇත්තේ පූරුද්දට වගේ වෙන්න ඇති. එමනිසා අපි ඒ වෙලාවේ කරපූ වැඩේ මතක නැතිවෙන්න ඇති.


අනෙක් හේතුව තමයි නින්ද අඩූවීමත් බලපාන්න පූළුවනි. නින්ද අඩූවීමෙන් අවධානය අඩූවෙනවා.


එහෙමත් නැත්නම් අපි කරන වැඩේට සැළකිල්ල අඩූ වූණාමත් එම කාරණාව මතකයේ ගබඩා වෙන්නේ නැහැ. අපි සැළකිල්ලෙන් කරන වැඩ පමණක් මතකයේ ලියාපදිංචි වෙනවා. අපි පාරේදී රිය අනතුරක් සැළකිල්ලෙන් බැලුවොත් ඒක අපට මතක හිටින්නේ අන්න ඒ නිසයි.


ඕනෑම කෙනෙක් අවධානයෙන් යම් වැඩක් කරන්නේ නැත්නම් එවැනි කාරණා මතකයේ ලියාපදිංචි වෙන්නේ නැහැ.


පාසල් දරුවන්ට මේ කාරණාව අත්‍යවශ්‍යයි. මොකද පංති කාමරය තුළදී තමන්ගේ ගුරුවරයා පහදා දෙන සියලු කාරණා අවධානයෙන් යූතුව ඇහූම්කන්දීම ඉතාම අවශ්‍යයයි. ළඟ ළමයත් එක්ක කතා කරමින් එහෙමත් නැත්නම් වෙනත් පොතක් බලමින් වැනි ක්‍රියාකාරකම්වල නිරතවෙමින් ගුරුවරයාට ඇහූම්කන් දීමෙන් විෂය කරුණූ මනසට නොයන්න පූළුවනි. එවැනි විටෙක තමයි අපි කියන්නේ සිහියෙන් වැඩ කරන්න කියල.


නමූත් අපට අවධානයෙන් වැඩක් කිරීම, සිහියෙන් වැඩ කිරීම දියූණූ කරගන්න පූළුවන්. කොහොමද මෙම තත්ත්වය දියූණූ කරගන්නේ කියන එක ප්‍රශ්නයක්.


මෙම තත්ත්වය දියූණූ කරගන්න හොඳම මාර්ගයක් තමයි භාවනා කිරිම. භාවනාව තුළින් අපි ඉගෙන ගන්නවා සිත එක්තැන් කර ගන්න සහ තමන්ගේ සිත පාලනය කරගන්න. තවත් තියෙනවා සංයම ව්‍යායාම ලෙස හඳුන්වන ගත, සිත සැහැල්ලු කරගන්න මාර්ගයක්. කරදර ප්‍රශ්න තියෙන අයට සංයම ව්‍යායාමවලට යොමූවීම තුළින් සහනයක් ලබාගෙන කටයූතු කරන්න පූළුවනි. ඊට එහා ගියාම මතක ශක්තියට කෙළින්ම බලපාන කාරණා මූල් කරගෙනත් අමතකවීම වෙන්න පූළුවනි.


උදාහරණයක් විදිහට දරුවෙක් අද පාඩම් කරන දෙයක් අද හොඳට මතකයි. හැබැයි පාඩම් කරලා නිකං හිටියොත් අමතකවීමේ ඉඩකඩ වැඩියි. දවස් ගතවෙන්න ගතවෙන්න මතකය කෂය වෙන්න පූළුවන්. මෙම තත්ත්වය නවත්වන්න දැන් ක්‍රම සොයාගෙන තියෙනවා. යම් දරුවෙක් අද යම් දෙයක් පාඩම් කරලා එය පැය විසි හතරක් ඇතුළත නැවත මතක් කිරීමෙන් මතක තබා ගැනීමේ ශක්තිය වැඩිවෙනවා. නැවතත් එම පාඩම දවස් හතකින් බලන්න අවශ්‍යයි. ඊට පස්සේ නැවතත් මාසයකින් බලන්න. නැවතත් මාස හයකින් මතකය අලුත් කර ගැනීම තුළින් එම විෂය කොටස් මතකයේ රඳවා ගැනීම කරන්න පූළුවනි.


හරියටම මෙම ක්‍රියාවලිය කුඩා දරුවකුට ප්‍රතිශක්තිය ඇති කරන්න එන්නත් ලබාදීමට සමාන කළ හැකියි. පළමූ දවසේ දරුවාට ලබාදෙන එන්නතම සති හතරකින් නැවතත්, ඉන් පසූව සති අටකින් එන්නත් කිරීම තුළින් ප්‍රතිශක්තිය අලුත් කිරීම සිද්ධ කරනවා වගේ මතකය අලුත් කිරීම තුළින් මතක ශක්තිය වැඩි කරගන්න පූළුවනි.


මීට අමතරව මතකය පිළිබඳ විවිධ ගැටලු පැන නගින්න පූළුවනි. විශේෂයෙන් කෙලින්ම මොළයට බලපාන කාරණා නිසා මතකය අඩූවෙන්න පූළුවනි. මෙය වයසත් සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. බොහෝ දෙනෙකුට වැළඳෙන මෙම රෝග තත්ත්වය "ඩිමෙන්චියා" ලෙස හඳුන්වනවා. මෙහි ප්‍රධානම රෝග ලකෂණය වන්නේ මතකය අමතක වීමයි. මෙහිදී වයසත් සමග කෙනෙකුගේ මතක ශක්තිය ක්‍රමයෙන් අඩූවෙන්න පූළුවනි. තවත් කෙනෙකුට ඔවූන් ගන්නා මත්ද්‍රව්‍ය නිසාත් මතක ශක්තිය දුර්වල වන අවස්ථා තිබෙනවා.




මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment