හොඳටම සෙම හැදිලා බෙහෙත් ගත්තා. ඒත් තාම අඩූවක් වෙලා නෑ-සෙම නසන එළුකිරි

 

හොඳටම සෙම හැදිලා බෙහෙත් ගත්තා. ඒත් තාම අඩූවක් වෙලා නෑ. දැන්නම් මට බෙහෙත් බීලම ඇතිවෙලා. ඇතැම් විට අපේ නිවෙස්වල මවූවරු මෙවැනි දේ පවසනවා ඔබ අසා ඇති.


මේ නිසා ඔබට ගැටලුවක් පැවැති ප්‍රශ්නයකට පූංචි විසඳුමක් ලබාදීමටයි මේ සූදානම. ඒ තමයි, සෙම නසන එළුකිරි පිළිබඳව ඔබගේ දැනූම පොතට එක්කරන්නටයි. ඔබ අප කවූරුත් වාගේ පූරුදු වී සිටින්නේ ලෙහෙසියට හා පහසූවටත් බෙහෙත් අලෙවිසලකින් හෝ වෛද්‍යවරයකු හමූවී බෙහෙත් ලබා ගැනීමනේ. ඔබ මොහොතකට හෝ කල්පනා කර බැලුවද, අපේ රටෙිම දේශීය වශයෙන් ස්වාභාවිකවම ලබාගත හැකි ඖෂධත් තිබෙන බව. ඔබ එළු කිරිවල තිබෙන ඖෂධීය වටිනාකම ගැන මොහොතකට හෝ දැන සිටියේ නම් සෙම සඳහා බෙහෙත්වලට විරාමයක් තබනවා නොඅනූමානය.


එළුකිරි අද අප එතරම් සැලකිල්ලක් නොදැක්වූවත් අපේ රටෙි පැරණි මූතුන්මිත්තන් එහි ගුණය ගැන ඉතා හොඳින් දැන සිටින්නට ඇත. එළුකිරි වීදුරුවක් පානය කරන්නේ නම් ඔබට පෝෂණ ගුණය බහූලව ලැබෙන අතර මෙය ඉතා ශක්ති ජනක ආහාරයක් ලෙස හැඳින්වන්නට පූළුවන්.


මෙහි මේදය බහූල වන නිසා කෙසඟ සිරුර පෘෂ්ටිමත් කිරීමට, රුධිර වඩවා ලන පානයක් හැටියට එළුකිරි හඳුන්වනවා. එළුකිරි එළකිරිවලට සමාන බවක් දක්වන අතර විවිධ වෙනස්කම්වලින් ද හෙබිය. එළකිරි පානයෙන් සෙම ඇති කරනවා සේම, එළුකිරිවල සෙම නැසීමේ ගුණය අන්තර්ගත වේ.


ඒ වගේම එළකිරි සීත ගුණයෙන් යූතුවන හා එළුකිරි උෂ්ණ ගුණයෙන් යූතුය. තව ද ඇඳුම රෝගය දුරු කිරීමේ හැකියාවද සතුය.


තවත් වැදගත් කරුණක් නම් එළුකිරි පානය කෂය රෝගීන්ට සූදුසූ බවයි. කෂය රෝගයෙන් පෙළෙන රෝගීන්ට එළුකිරි ඉතාමත් සූදුසූ බව ආයූර්වේදයේ සඳහන් වෙයි.


සිංහල ආයූර්වේදයේ එළු ලොම් පූළුස්සා ඖෂධ සඳහා යොදා ගනී. ඖෂධ සඳහා නිෂ්පාදනය කරන තෙල් වර්ග සඳහාද එළුකිරි යොදා ගැනේ.


ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල, බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment