නිතර සෙමි රෝග ඇතිවීම හෘද රෝගයක් තිබෙන බව කියන ලක්ෂණයක්ද?

 

නිතර ඇතිවන කැස්ස, හතිය, ඇදුම, සෙම්ප්‍රතිෂ්‍යාව බොහෝ විට සෙම් රෝග ලෙස හඳුන්වනූ ලබනවා. මෙවැනි රෝග තත්ත්ව ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අසාත්මිකතාවන්. ඒ කියන්නේ පරිසරයේ දූවිලි ගතිය වැඩිවීම හඳුන්කූරු, මදුරු කොයිල් මගින් වහනය වන දුම්, වාහන මගින් පිටවන දුම් වැනි විෂ දුම්වර්ග ආශ්වාස කිරීම වන්නට පූළුවන්. ඒ වගේම සීත කළ විවිධ පාන වර්ග හෝ සීත කළ විවිධ කෑම වර්ග ආහාරයට ගැනීම මගින් පෙනහළු කරා දිවෙන නාලවල ඇතුළත ඇති ශ්ෂේමල පටලය ඉදිමීමත් ශ්ෂේමල සෑදීම ඉහළ යාමත් නිසා ඔවූන්ට හතිය කැස්ස හෝ සෙම්ප්‍රතිෂ්‍යාව ඇතිවන්නට පූළුවන්.


විශේෂයෙන්ම නගර ආශ්‍රිතව ජීවත් වන ළමූන් නිතරම දූවිලි පිරි වායූගෝලයට නිරාවරණය වීමත් නිසා ඔවූන්ට නිතර නිතර සෙම්රෝග තත්ත්ව ඇති වෙනවා.


අනෙක් අතට හෘදය වස්තුවේ උපතින් ඇතිවන සමහර අසනීප තත්ත්ව (හදවත් බිත්තිවල සිදුරු. කපාටවල ඇතිවන අසාමාන්‍යතා) වලදීත් නෙහළුවල ඇති පීඩන වෙනස්කම් නිසා හතිය ගතියක් හෝ කී්‍රඩාකිරීම්වලදී ඉක්මනින් මහන්සියට පත් වීමක්ද ඇතිවිය හැකිය.ි ඒ කියන්නේ හෘදය වස්තුවේ උපතින් ඇතිවන රෝගී තත්ත්වයක් වූවත් පිටතට ප්‍රකාශය වන්නේ සෙම් රෝග තත්ත්වයක් ලෙස වන්නට පූළුවන්. සූදුසූකම්ලත් වෛද්‍යවරයෙකුට මෙම වෙනස හඳුනාගන්නට පූළුවන් නිසා ඔබ ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යූතු නැහැ.


කෙසේ වෙතත් බොහෝ උදවිය සෙම් රෝග වැළදුණද ඒ පිළිබඳව වැඩි අවදානමක් නම් දක්වන්නේ නැහැ. ඉහත සඳහන් රෝගී තත්ත්වයන් ඔබගේ දරුවාටත් තිබේ නම් එයට සූදුසූ වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර ලබා ගැනීම නූවණට හූරුය.



වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි
හෘද රෝග ඒකකය, ජාතික රෝහල කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment