නිය පොත්තේ පාට වෙනස්වෙලා පූංචි අවලස්සනක් ඔබටත් එය ප්‍රශ්නයක්ද?

නියපොත්තට ඇතිවන දිලීර ආසාදනවලට අමතරව නියකන්න ලෙස අපි හඳුන්වන කොටසෙත් යම් යම් රෝග ඇතිවිය හැකියි. නියකන්නට ඇතිවන ආසාදන තත්ත්ව නිසාත් නියපොත්තේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පූළුවනි.
 

නියකන්න ලෙස හඳුන්වන කොටසේ යටින්නේ නියපොත්ත පටන්ගන්නේ. එම කොටස අපි නේල් ෆෝල්ටි කියලා හඳුන්වනවා. නේල් ෆෝල්ටි එක යටින් තියෙන නේල් මැක්ටිස් කොටසින් පටන් ගන්න. නියපොත්තේ යම්


වැරැද්දක් වූණාම, එහෙමත් නැත්නම් අසාදනයක් වූණාම ප්‍රදාහයක් ඇතිවූණාම නියපොත්තේ යම් යම් වෙනස්කම් ඇතිවෙනවා. නමූත් නියපොත්තට වැළඳෙන දිලීරවලදී නියකන්නට කිසිදු හානියක් වෙන්නේ නෑ.


මෙතනදී වෙන්නේ නියපොත්තේ පාට වෙනස්වීම, නියපොත්ත විරූපී වීම, නැතිනම් හැඩය වෙනස්වීම වැනි දේවල්. මෙවැනි තත්ත්ව වලදී ප්‍රතිකාරය කරන්නේ නියපොත්තට නෙවෙයි. ප්‍රතිකාරය කළ යූත්තේ නියකන්නට.


කලින් අපි සඳහන් කළ නිය ආසාදන සහ නිය කන්න ආසාදනයවීම නිසා හටගන්නා නිය පොත්පත් වෙනස්වීම් වෙන්කර හරිහැටි හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. වෛද්‍යවරයෙකුට මෙය බොහොම පහසූවෙන් කරන්න පූළුවනි.


නිය ආසාදනයක් හෝ ප්‍රදාහයක් ඇතිවන අවස්ථාවලදී නියකන්න ඉදිමෙනවා. නියකන්න සහ නියපොත්ත අතර යම් හිඳසක් ඇති වෙනවා. නියපොත්ත සහ නියකන්න අතර තියෙනවා කි්‍යූටිකල් කියලා ගම් වර්ගයක් මෙය විනාශවෙලා යනවා. එවිටයි නියපොත්ත සහ නියකන්න අතර යම් හිඳසක් ඇති වෙන්නේ. මෙය ප්‍රතිකාර මගින් නිටිටාවට සූව කළ හැකි රෝගී තත්ත්වයක්.


මෙම රෝගී තත්ත්වය බහූලව දකින්න පූළුවන් වෙන්නේ ගෘහණියන් අතරයි. ගෘහනියන් නිතරම අත වතුරේ දමාගෙන ඉන්න නිසා නියපොත්ත සහ නියකන්න අතර තිබෙන කි්‍යූටිකල් ගම් එක විනාශවෙලා යනවා. නියපොත්ත සහ නියකන්න අතර ඇතිවන හිදෑසට බැක්ටීරියා, දිලීර ගිහිල්ලා නියකන්න ඉදිමිලා පැසවන්න පටන් ගන්නවා. මෙවැනි රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත්ම දෙය තමයි අත වතුරින් ආරකෂා කරගන්න කටයූතු කරන එක. ගෙදර වැඩ කටයූතු කරන ගෘහණියන්ට බොහොම අමාරු වැඩක් වතුරින් ඈත්වෙලා ඉන්න එක. නමූත් කරන්න සිද්ධ වෙනවා. අපි අහලා තියෙනවා රෝගීන් ඇවිල්ලා කියනවා කොච්චර බෙහෙත් කළත් සූව වෙන්නේ නැහැ කියලා. මෙයට ප්‍රධානම හේතුව අතේ නියකන්න වියලිව නොතිබීමයි. වෙනත් විකල්ප ක්‍රම පාවිච්චි කරලා අත වියළිව තබා ගැනීම තුලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පූළුවන්.


නියකන්න අසාමාන්‍ය ලෙස කළු වෙන එකත් රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවන්. රක්තයා ලෙස හඳුන්වන රෝග තත්ත්වය ශරීරයට ඇති වූණාමත් ශරීරය මහත්වෙන කෙනෙකුගෙත් නියකන්න කළු වෙනවා. නැතිනම් ශරීරයේ තැනින් තැන කළු වන සෙබේරිස් මෙලනොසිස් කියන රෝග ඇතිවන විටත් නියකන්න කළු වෙනවා. හැබැයි නියකන්න කළු වෙනකොට වෙන්නේ ඊට යටින් ඇතිවන නියපොත්තක් කළු වෙන්න ගන්නවා.


තනි නියපොත්තක කළුපාට ඉරක් තිබූණත් එය ටිකක් සැලකිය යූතු දෙයක් වෙනවා. මොකද මෙලනින් අඩංගු ෙසෙල වලින් සමන්විත මෙලනිමෝ කියන තත්ත්වය ඉතාම කලාතුරකින් ඇති වෙන්න පූළුවන්. නමූත් නියපොත්තට එන සෑම කළු පාට ඉරක්ම මෙලෙනිමෝ එකක් කියලා වරදවා වටහා ගෙන බියක් ඇති කර ගන්න එපා. තනි නියපොත්ත කළු එක ඉරක් තියෙනවා නම් අනෙක් නියපොතුවල එවැනි ඉරි නැත්නම් එවැනි කෙනෙක් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමූවෙලා පරීකෂා කරගෙන ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙය ඉතාම වෙනස් රෝගී තත්ත්වයක්. එම නිසා රෝග විනිශ්චය හරිහැටි සිදුවීම ඉතාම වැදගත්.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment