කරවූණූ තෙල් හිසේ ගැල්වීමෙන් හිසකෙස් යනවාමයි

 


හිසකෙස් ගැලවී යාම සිදුවන්නේ ලෙඩකට විතරක්මය කියල හිතන්නත් එපා. කෙස් යෑම සාමාන්‍යයෙනූත් සිදුවෙනවා. කෙස් යෑම සියයට අසූවකට විතරම තියෙනවා. පීනස් රෝගයේ සිට පිළිකාවක් ඇති ලෙඩා දක්වා කෙස් ගැලවීම සිදුවෙනවා. වෛද්‍යවරයාගේ හරි රූපලාවන්‍ය ශිල්පියාගේ, ශිල්පිනියගේ ළඟට එන කෙනාගේ අවස්ථාව, තත්ත්වය දැනගැනීම ඉතා වැදගත්. සිරුරෙහි ඇති උෂ්ණත්වයටත් කෙස් යෑම සිදුවෙනවා. දින දෙක තුනක් නාන්නෙ නැතිව හිටියත් කෙස් යනවා. ස්ත්‍රී පූරුෂ දෙපකෂයටම මේ තත්ත්වය පොදුයි.


හිසට හූරුවූණ තෙල් හැර වෙනත් තෙලකට මාරු කළාමත් කෙස් යනවා. මාරු කරන ලද අලුත් තෙලට හූරුවූණාම කෙස් යෑම නවතිනවා. තෙලක් ගන්න විට විශ්වාසයක් තියෙන තෙල් පිළිවෙළකට සිඳින්න ඇතැයි කියල සිතන්න පූළුවන් තැනකින් විතරක් ගන්න ඕනි. තෙල් ක්‍රමාණූකූලව සිඳලා නැත්නම් ඒ තත්ත්වයත් කෙස්යෑමට බලපානවා. තෙලක් සිඳින විට අවස්ථා තුනක් තියෙනවා. තෙල සිඳිනවිට කරවූණොත් ඒ තෙල හිසට හොඳ නෑ.


තෙලක් සිඳින විට ඇතිවන අවස්ථා තුන මෘදුපාක, සමපාක සහ කරපාක යනූවෙන් හැඳින්වෙනවා. "පාක" යනූ පැසවීමයි. කරවූණ තෙල්වලට කෙස් යනවා. හිසේ දැවිල්ල, ඇස්වල දැවිල්ල ඇතිවෙනවා. ඒනිසා ප්‍රමිතියක් ඇති තෙල් ගන්න නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ආයූර්වේද උපදෙස් ගන්න ඕනි.


කෙස් පැහෙනවා කියල මා හමූවන්න ආව කෙනකුට මම පාවිච්චි කරන්න කියල තෙලක් නියම කළා. එයා මට කියනවා. තෙල් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සෙදි තමයි මගේ හොඳට තිබූණ කෙස් ඉදෙන්න පටන්ගත්තේ කියල. එකත් එකටම මෙයාට පීනස තියෙන්න ඇති. එයා ශීතල තෙලක් පාවිච්චි කරන්න ඇති. ඉතින් කෙසේ ඉදෙන්න පටන් ගත්තා. මම නියම කළ තෙල ගාන්නත් බයයි. වෛද්‍යවරයෙක් ළඟටම ගිහිල්ලා ඕනි තෙලක් නියම කරගන්න. එතකොට ඉතින් බයවෙන්න දෙයක් නෑ,

ආයූර්වේද වෛද්‍ය නිල්මිණි ප්‍රේමතිලක
ජයන්තිපූර, කුරුණෑගල.
සාකච්ඡා කළා මෙත්සිරි බී. හේරත්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment