ඕනෑම කොණ්ඩයක් පර්ම් කිරීම හෝ රීබොන්ඩිං කිරීම සූදුසූද?

 

අතීත ලලනාවන් තම රූපලාවන්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමූ කර තිබෙන බව නොරහසකි. ඔවූන්ගේ පංච කල්‍යාණිය අතරින් වැඩි අවධානයක් තම කේෂ කල්‍යාණියට ලබාදුන් බව ඔබ අප කවූරුත් දන්නා කරුණකි.

එමෙන්ම කාන්තාවන්ද හිසකෙස් සඳහා වැඩි අවධානයක් යොමූකර ඇති අතර වරින් වර තම හිසකෙස් විවිධ විලාසිතාවන්ට හැඩකර ගන්නට යොමූවී සිටිනවා. අදවන විට හිසකෙස් විලාසිතා අතුරින් ප්‍රධානයි.


මේ නිසා සූදුසූ හිසකෙස් රීබෝංඩිං සහ පර්ම් කිරීම ඕනෑම කෙස් කළඹකට සූදුසූ ද නැද්ද යන්න පිළිබඳව දෑනගතයූතු වෙනවා. ඔබේ හිස කෙස් වෙනස් කිරීමක් සිදු කරන්නේ නම් මේ සඳහා කරුණූ කිහිපයක් ඔබගේ අවධානයට යොමූවීම වැදගත් වෙනවා.


හිසකෙස් රීබෝංඩිං කළත් පර්ම් කළත් මේ සඳහා යොදාගත යූතු ක්‍රීම් සහ ලෝෂන් වර්ග තිබේ. මේවා උපයෝගී කරගෙනයි මෙය සිදුකරනූ ලබන්නේ. කෙසේද යත් මේ කුමන වර්ගයක වූවත් රසායනික ද්‍රව්‍ය අඩංගු බව ඔබ දෑන ගත යූතුයි. ඒ නිසා අපට ඕනෑම කොණ්ඩයකට පර්ම් කිරීම හෝ රීබෝංඩිං කිරීම සූදුසූ ද නැද්ද යන්නට පිළිතුරක් දීමට අපහසූයි. මෙම ක්‍රී්ම සහ ලෝෂන් සෑම හිසකෙස් වර්ගයකටම එකසේ නොගැලපෙන අතර එය ගැල්වීමට හිසකෙස් පරීකෂා කර බැලිය යූතුවෙනවා.


එසේම ඕනෑවට වඩා තුනී හිසකෙස් ඇත්නම් හෝ හිස මතුපිට තුවාල, බිබිල ඇතිනම් අධික ලෙස හිස්හොරි ඇතිනම් එවැනි හිසකෙස් වලට පර්ම්කිරීම හෝ රීබොංඩිං කිරීම සූදුසූ නැහැ. එයට හේතුව එවැනි ආසාධන තිබේ නම් රසායනික ද්‍රව්‍ය එක්වූ විට හිසට හානිකර තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසාවෙනි. එවැනි ආසාත්මික තත්ත්වයන් නොමැති නම් නිරෝගී හිසකෙස් තිබේ නම් පර්ම් කිරීම හෝ රීබෝංඩිං කිරීම සූදුසූ වන අතර අපගේ හිසකෙස් වල තෙතමනය ආරකෂා කරගෙන මෙය සිදුකළ යූතු වේ.


පර්ම් කිරීම හා රීබෝංඩිං කිරීමේදී එයට පෙර හිසකෙස්වල ආරකෂා වීමට ගැල්විය යූතු ක්‍රීම් වර්ග සහ ලෝෂන් වර්ග වෙළෙඳපොලේ මිලදී ගැනීමට තිබෙනවා.. ඔබ මේවා තෝරාගන්නා සෑම අවස්ථාවකදීම ප්‍රමිතියෙන් යූතු දෑයි බැලීම වැදගත් වන බව මතක තබා ගන්න.


රීබෝංඩිං වලදී ඔබගේ හිසකෙස් අයන් කිරීමක් සිදුකරයි. විවිධ අයන් වලින් හිසකෙස් අයන් නොකරන අතර රූපලාවන්‍යයේදී හිසකෙස් අයන් කිරීම සඳහා වෙනම හිසකෙස් සඳහාම වෙන්වූ අයන් එකක් තිබේ. එමගින් උෂ්ණත්වය පාලනය කිරීමට හැකිවන හා කෙස්වලට හානියක් ඇතිනොවේ.


මෙම ක්‍රම සිදුකිරීමෙන් පසූ හිසකෙස්වල තෙතමනය ආරකෂා වීමට යෙදිය යූතු ආලේපන ලෝෂන් වර්ග තිබෙන අතර ඒවා ගැල්වීමට සිහිතබා ගතයූතු වෙනවා.


ඔබට හිසකෙස් අයන් කිරීම තනිවම කළ නොහැකිවේවි. මේ නිසා ඔබට මෙවැනි හිසකොස් වෙනස් කිරීමක් සිදුකිරීමට අවැසි නම් මෙය ආවාට ගියාට නොකර මනා වැටහීමක් තිබෙන රූපලාවන්‍යාගාරයකට ගොස් සිදු කරගැනීමෙන් හිසට හා හිසකෙස් වලට සිදුවන හානිය අවම කරගන්නට හැකිවෙනවා.



රූපලාවන්‍ය ශිල්පිනී පද්මිනී රාමනායක
චමීලියා නිරෝෂනී රාමනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment