කේන්දරයෙන් අනාගතයේ කරන රැකියාව තීරණය කළ හැකි ද?

දරුවන්ගේ අධ්‍යාපන කටයූතු සම්බන්ධයෙන් දෙමවූපියන්ට සූවිශේෂි කාර්යභාරයක් පැවරෙන අතර ඒ සඳහා විශේෂ උත්සාහයක් ඔවූන් දරන බවට කිසිදු සැකයක් නැහැ. නූතන සමාජය තුළ ජීවත්වන දෙමවූපියන් වැඩි පිරිසක් උගත්ය. තමන් ලබා සිටින උගත්කමට වඩා අංශුමාත්‍රයක හෝ වැඩි උගත්කමක් දරුවන්ට ලබාදෙන්නට දෙමවූපියන් කැමතියි. තමන් උපයන ආදායමෙන් වැඩි කොටසක් තම දරුවන්ගේ අධ්‍යාපන කටයූතුවලට වියදම් කරන්නේ අධ්‍යාපනයට ඇති ඉල්ලුම දන්නා නිසාය.

 
නමූත් අද දෙමවූපියන්ගේ එකම පරමාර්ථය වී ඇත්තේ තම දුව හෝ පූතා තමන්ට වඩා උසස් තත්ත්වයට පත් කිරීමටයි. ආශාව නිසා හෝ අනූන් කළ නිසා හෝ තම පූතා හෝ දුව හෝ එම තත්ත්වයට පත්විය යූතුම යැයි අදහස් කිරීම යූක්ති සහගතද? තම දරුවාට බැරි බරක් පැටවීමට උත්සාහ දෑරීම මා සලකන්නේ දෙමවූපියන් තම අයිතිය වැරදි ලෙස පරිහරණය කිරීමක් වශයෙනි.


සෑම කෙනෙක්ම තමන්ගේ දරුවා උසස් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, නීතිඥයකු, දර්ශනවාදියකු, කලාකරුවකු කිරීමට අදහස් කළත් ඔවූන්ගේ දෛවය ඉරණම නැතහොත් හඳහන එම තත්ත්වයේ කෙනකු බවට පත් කරන්නට පිටූබලයක් සපයන්නේ නැති විටක දරුවාට අනවශ්‍ය බලපෑම් කරමින් එවැනි තත්ත්වයකට ළඟාවෙන්නට උපදෙස් දීම නොකළ යූතුය. එම නිසා කෙනකු උපන් වෙලාවට අනූව හදන හඳහනකින් ඔහූ හෝ ඇය අනාගතයේ කුමන ක්ෂේත්‍රයක් ඔස්සේ අධ්‍යාපන ජයග්‍රහණ ලබාදෙන්නේද ප්‍රකාශ කළ හැකියි. දෙමවූපියන්ගෙන් එල්ලවන බලපෑම් මත තමන් වඩාත් ඇළුම් නොකරන විෂය කොටසක් හදාරන දරුවන් ඇතැම්විට පෙනී සිටින විභාගයෙන් අසමත් වූ විට මානසික ගැටලු, සියදිවි නසා ගැනීම්වලට යොමූවන්නේ මෙවැනි විටකය.


මෙවැනි සෑම අවූලකටම මූල්ම හේතුව වී ඇත්තේ තමන්ගේ පූතා හෝ දුව අධ්‍යාපන අංශයේදී යොමූකළ යූතු නියම මග පිළිබඳ අවබෝධයක් දරුවන්ගේ ජන්ම කේන්දරය අනූව දෙමාපියන් ලබානොගැනීමයි. එම නිසා දෛවඥවරුන්ගේ වගකීම විය යූත්තේ ජන්ම කේන්දරය අනූව දරුවාගේ දකෂතාවය විහිදෙන ක්ෂේත්‍රය ගැන දෙමවූපියන්ට හොඳ මෙන්ම නිවැරැදි අවබෝධයක් ලබාදීමයි.

වත්මන් ළමා පරපූරට දෙමවූපියාදීන්ගෙන් ඉටූවිය යූතු උසස්ම සේවාව විය යූත්තේ ඔවූන්ගේ අධ්‍යාපන මාර්ගය කෙබඳු අරමූණක් යටතේ ඉදිරියට ගෙන යා යූතු දෑයි තෝරා බේරා දීමයි.


බාල කාලයෙහි ඉගෙනීමේ කටයූතු කෙරෙහි කිසියම් දරුවකු යොමූ නොවන නිසා එම දරුවා ඉගෙන ගැනීම බැරි අයෙකු සේ සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම වරදකි. එම කාලය තුළ දරුවාට අරිටූ දශා අතුරු දශා තත්ත්වයන් පැවතියේ නම් ඔහූ හෝ ඇයට ඉගෙනීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව අඩූවීමට පූළුවනි. එම අවස්ථාවන්හි යථා තත්ත්වය තේරුම් ගෙන කේන්ද්‍රයට අනූකූලව ග්‍රහ පීඩන සමහන්වන ආගමික පසූතලයෙන් යූත් ශාන්ති කර්ම කිරීම තුළින් යම් සහනයක් බලාපොරොත්තු විය හැකියි. දරුවාගේ කේන්දරයට බලපාන තත්ත්වය ගැන උගත් අයෙකු ලවා උපදෙස් ලබාගැනීමට ඉතාම හොඳයි.


ජ්‍යොතිෂය අනූව ඒ ඒ ග්‍රහයන් අධ්‍යාපන අංශය කෙරෙහි බලපාන ආකාරය ගැන අපට සරලව මෙසේ විස්තර ඉදිරිපත් කළ හැකිය.


රවි

ආධ්‍යාත්මික විද්‍යාව, තර්ක ශ්‍රාස්ත්‍රය, දේශපාලන, සත්ත්ව විද්‍යාව සහ ගිවිසූම්වලට සම්බන්ධ වූ ශාස්ත්‍රයන් කෙරෙහි උනන්දුව ඇති කරයි.


සඳු

වෘක්ෂ තෘණාදිය පිළිබඳ, නාවූක ව්‍යාපාර, කෘෂිකර්මය, රසායන ශාස්ත්‍රය, වෙළෙඳ විද්‍යාව, සංගීත ශාස්ත්‍රය, චිත්‍ර කලාව, බෙහෙත් වර්ග පිළිබඳව



කුජ

සාමාන්‍ය දෑනූම, විශිෂ්ට කථිකත්වය, සියූම් ගණිත විෂයන්, වෙළෙඳ උපක්‍රම, කැටයම් කලාව, චිත්‍ර කලාව, බෙහෙත් හා බෙහෙත් පැළෑටි සම්බන්ධ ඉගෙනූම කෙරෙහි උනන්දුවිය යූතුය.


ගුරු

වේදය, භාෂාව, ව්‍යාකරණය, විද්‍යා අංශ, ඉගෙනීම පිළිබඳ අංශ, බැංකු ගනූදෙනූ සම්බන්ධ දෑනූම දේශපාලන ශාස්ත්‍රය, චිත්ත චෛතසික ධර්මය, අභිධර්මය, නීති ශාස්ත්‍රය, වාතය පිළිබඳ විද්‍යාව කෙරෙහි උනන්දුවීම හොඳයි.




සිකුරු

මානසික ශාස්ත්‍රය, චිත්‍ර කර්මය, නීති ශාස්ත්‍රය, කාම විද්‍යාව, හැඩ වැඩ කිරීමේ ශාස්ත්‍රය


සෙනසූරු

ඉතිහාසය, දේශපාලනය, ගුවන් හමූදාව, න්‍යාය ශාස්ත්‍රය, යූද්ධ උපක්‍රම, වඩූ වැඩ, මූර්ති ශිල්පය, මැහූම් වැඩ, පෑස්සූම් වැනි පරිභාෂික ශිල්ප ශාස්ත්‍ර කෙරෙහිද



රාහූ

යන්ත්‍ර විද්‍යාව, නාවූක කටයූතු, විෂ බෙහෙත් වර්ග, යූද්ධ හමූදා කටයූතු


කේතු

භූත විද්‍යා අංශ, මැණික් මිනිරන් පතල් කටයූතු, විෂ වෙදකම්, ඇටකටූ සම්බන්ධ ශාස්ත්‍ර කෙරෙහිද,




ග්‍රහ බලපෑම් ලබාදෙන ආකාරය අවබෝධ කරගෙන ඒ අනූව ජන්ම කේන්දරයට ඇති බලපෑම තේරුම් කරගෙන අධ්‍යාපන කටයූතුවලට යොමූවීමෙන් අනාගතයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිඵල උදාකරගත හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment