"ප්‍රභානි අපි මොකද කරන්නේ"
"මන්දන්නේ නෑ සූභා, මොනව කරන්නද කියලා. අපි බලෙන් වගේනේ මිනිහට කතාව බාර දුන්නේ. බාර දෙනකොටත් කී සැරයක් කිව්වද එයාට පිරිසක් ඉදිරියේ කතා කරලා පූරුදු නැහැ කියලා"
"ඒකනේ, මමත් හිතුවේ නැහැ මිනිහා මෙච්චරකටම බය වෙලා වැඩේට නෑවිල්ලා ඉඳීවි කියලා"
"දෑන් ඉතින් මොනවා කරන්නද වෙන අතක් බලා ගනිමූ. දෑන්ම දෑනගත්ත නිසා මොනවා හරි කරන්න බලමූ"
මෙවැනි සිදුවීම් සමාජය තුළ බහූලව දක්නට ලැබෙනවා. මෙය අපි කටවහරේ හඳුන්වන්නේ සබකෝලය යනූවෙන්. මනෝ විද්‍යාත්මකව මෙම තත්ත්වය සමාජ භීතිකාව ලෙස හඳුන්වනවා. ඕනෑම පූද්ගලයකුට තම තමන්ගේ ජීවිතවල සබකෝලයක්, ලජ්ජාවක් තියෙන්න පූළුවනි. නමූත් කෙනකු මෙම තත්ත්වය නිසා තමන්ගේ දෛනික වැඩකටයූතු අතපසූ කර ගන්නවා නම් මෙය මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වනවා. මෙතැනදී ඇතිවන ගැටලුව තමයි පිරිසක් මැද වැඩ කිරීම එහෙමත් නැත්නම් කටයූතු කිරීමේ අපහසූතාව. තනියම ඕනම දෙයක් කරන්න අපහසූ නැති කෙනකුට පිරිසක් ඉන්න තැන සමහර විට කතා කරන්න, සිංදුවක් කියන්න, සමහර විට කන්න පවා නොහැකි වෙන්න පූළුවන්. තවත් සමහරු මට හමූවෙලා තියෙනවා පිරිසක් ඉන්න තැනකදී තමන්ගේ අත්සන පවා යොදන්න බැරි. ඔහූට ඕනෑම වෙලාවක තනියම තමන්ගේ අත්සන යොදන්න පූළුවන් නමූත් පිරිසක් ඉදිරියේ දී අපහසූතාවයට පත් වෙනවා. මෙතනදී ඇතිවන ගැටලුව තමයි එම ස්ථානයේ ඉන්න හැමෝම තමා ගැන අවධානයෙන් ඉන්නවා කියලා හිතන එක. එතනදී ඔවූන් හිතන්නේ අනෙක් පිරිස තමා ගැන අවධානයෙන් ඉඳලා තමාගේ යම් කිසි අඩූවක් වැරැද්දක් දකීවි කියලා.
ඇත්තෙන්ම මෙවැනි තැනකදී සමාජ භීතිකාවෙන් පෙළෙන පූද්ගලයා ගැන කාගේවත් අවධානය යොමූ නොවෙන්න පූළුවන්. නමූත් ඔහූ එහෙම හිතලා කටයූතු කරනවා. අතිශයින්ම තමන් සංවේදී වෙනවා අනෙක් අය තමා කෙරෙහි අවධානයෙන් ඉන්නවා කියන හැඟීම ගැන. ඒක නිසා මෙවැනි අවස්ථා මඟ හරින්න බලනවා. මෙය සාමාන්‍යයෙන් කරන දෙයක්. නැත්නම් එම අවස්ථාවට මූහූණ දෙන්න ඉන්න කෙනෙක් එම අවස්ථාවට මූහූණ දෙන්න ඉස්සරවෙලා ඉඳලාම වෙනත් සංකීර්ණ තත්ත්වවලට පත්වෙනවා. අපි හිතමූ හවස රැස්වීමකදී පිරිසක් ඉදිරියේ යමක් ඉදිරිපත් කරන්න තියෙනවා කියලා. නමූත් ඊට ඉස්සරවෙලා ඉඳලා ඔහූ කලබල වෙනවා. එයත් මෙහි ලක්ෂණයක්. අනික තමයි එම අවස්ථාව මඟ හරිනවා. නෑවිල්ලා ඉන්නවා. බොරු හේතු ඉදිරිපත් කරමින් වැඩය මග හරිනවා. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ගන්න පූළුවන්. මේ සඳහා මනෝ ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ඒ සඳහා සූදුසූ වෛද්‍යවරයෙක් හමූවෙලා ප්‍රතිකාරවලට යොමූවීම ඉතාම වැදගත්.
හූඟක් වෙලාවට මෙම තත්ත්වය මතු වෙන්නේ යෞවන වයසේදී. ගැහැනූ සහ පිරිමි දෙපාර්ශවයටම මෙම රෝගී තත්ත්වය එක සමානව බලපාන්න පූළුවනි. එම නිසා මෙවැනි රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් ප්‍රතිකාරවලට යොමූ වීම ඉතාම වැදගත්. එතනදී ලබා දෙන මනෝ චිකිත්සක ප්‍රතිකාරවලින් බොහෝ දුරට කරන්නේ පිරිසක් ඉදිරියේ කටයූතු කිරීමට ක්‍රම ක්‍රමයෙන් රෝගියා යොමූ කිරීමයි.
පාසල් වයසේදී දරුවන් යම් යම් බාහිර වැඩ කටයූතුවලට යොමූ කිරීමෙන්, විවිධ වැඩසටහන්වලට ඉදිරිපත් කිරීම තුළින් සබකෝලය ක්‍රමක්‍රමයෙන් අඩූ කරගන්න පූළුවනි. නැතිනම් ඔහූ යෞවනත්වයට පත්වීම සමග සමාජය තුළ ක්‍රියාකාරීවීමේදී මෙම තත්ත්වය එකපාරටම පැන නැඟීමෙන් ඔහූගේ ජීවිතය ආපස්සට ගමන් කරන්න පූළුවන්. පොඩි කාලේ ඉඳලා දරුවන්ව ඉදිරිපත් කිරීම්වලට යොමූකිරීමෙන් සහ දෙමාපියන් ගෙදරදී ඊට ඉඩකඩ ලබාදීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගන්න පූළුවන්. නමූත් පොඩි කාලෙදි හොඳින් ඉදිරිපත්වීම් කළ දරුවන් පවා වැඩිහිටි වියට පත්වීමේදී ඇතැම් විට මෙම තත්ත්වයට පත්වෙන්න පූළුවන්.
මානසික රෝග විශේෂඥ වෛද්‍ය
නීල් ප්‍රනාන්දු
0 comments :
Post a Comment