ධනූ ලග්නය හිමි කාන්තාවගේ ලිංගික සබඳතා

බෙහෙවින් විනෝදකාමි ජීවිතයක් ප්‍රාර්ථනා කරන මෙම කාන්තාවගේ ලිංගික සබඳතා හා චර්යාවන් රඳා පවතිනූයේ හා ක්‍රියාත්මක වනූයේ මැයගේ එම විනෝදකාමී ජීවිතයේ අවස්ථාවාදී අවශ්‍යතාවන්ට සරිලන පරිද්දෙනි. ජීවිතයේ අතිශය වැදගත් හා බාරදූර කාර්යයක් හෝ ලිංගික සබඳතා ක්‍රියාවලිය හා පැවැත්වීම ගැන මෙම කාන්තාව සලකනූයේ අතිශය සරල ක්‍රියාවක් හැටියටය. මැය එහි ඇති වගකීම්භාරය අබපියල්ලක් තරම්වත් නොසලකන සෙයකි.

 

අධි සංවේදී මානසිකත්වයට බෙහෙවින් හිමිකම් කියන මෙම කාන්තාව විශේෂයෙන් තම පරිසරයේ බලපෑම් මත ලිංගික සබඳතාවන්ට නතු වන්නියක වෙයි. මෙම නිසා මැය පහසූවෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ගේ ග්‍රහණයන්ට නතුවීමට ඉඩ ඇත. ලිංගික සබඳතාවලදී මැයටම ආවේනික වූ ක්‍රමවේදයක් නොමැත. මෙම ලග්නය හිමි කාන්තාව සැනෙකින් උත්තේජනයට පත් වෙයි. එවන් වූ විටදී මැය ක්‍රියා කරනූයේ බාහිර සමාජයක් නොමැති සේය. නොදුටූසේය. එසේම කවර නියෝගයකට උපදෙසකට වූවද අවනත වන ගතියෙන් ඈත් වේ.


මෙම ලග්නය හිමි කාන්තාව ට සූවිශේෂ වූ නිශ්චිත ලිංගික සබඳතාවයක් නැති තරම්ය. පූරුදු ලිංගික සබඳතාවන්ට වඩා නව සබඳතා කෙරේ වැඩි අවධානය යොමූ කරයි. මේ සඳහා මැයට නිශ්චිත සැලැස්මක්, ස්ථානයක්, වෙලාවක්, පූද්ගලයෙක් යන කරුණූ වැදගත් නොවේ. ලිංගික සබඳතා පැවැත්වීමේදී මැය එය අතිශයින්ම රහසිගතව පවත්වාගෙන යාමට සමත් වේ. මැය ඒ සඳහා බෙහෙවින් කයිරාටිකය. උපක්‍රමශීලීය. මෙම කටයූත්ත සඳහා මැය බාහිර සමාජය හා පූද්ගලයන්ගේ කිටිටූ ඇසූර හා ලෙන්ගතුකම ප්‍රයෝජනයට ගනී. තත්ත්වය මෙසේ වූවද අධිවේගීව ලිංගික සබඳතා සොයා හඹා නොයයි. නමූත් ඊට නැඹූරුවෙයි. එකඟ වෙයි. විවාහක කාන්තාවක් නම් සිය පවූල් ජීවිතයට මැගේ බාහිර ලිංගික සබඳතා කිසිසේත් බාධාවක් කර නොගනී. කිසිවෙකුගේ චෝදනා නොලබා ලිංගික සබඳතා පවත්වාගෙන යාමට මෙම ලග්නයට යටත් කාන්තාවට ඇත්තේ පළපූරුද්දකි. මනා සහජතාවකි. ලිංගික කාරණා හමූවේ මෙ කාන්තාව අන්ධය.


තමන් සතු නිදහස් කාලවෙලාවෙන් වැඩි කොටසක් විනෝදකාමී ජීවිතයේ අවශ්‍යතාවයන්ට කැප කරන මැය එම අවස්ථාවන් තුළින් ලිංගික සබඳතාවයන්ට පෙළඹේ. මෙම කාලය ඒ සඳහා උපක්‍රමශීලීව යොදා ගනී. ලිංගික සබඳතා පවත්වාගෙන යාමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ඒ ගැන දුරදිග සිතා බැලීමක් මැය තුළ නොමැත. මෙම කාන්තාව බහූ පූරුෂ සේවනය ඇතුළු සිතින් අනූමත කරන්නියක වෙයි. සිය ඥාති සබඳතා වූවද ලිංගික සබඳතාවලදී නොසලකා සිටීමට මැය සූදානම්ය. නමූත් කිසිසේත් මැය වෛශ්‍යා ස්වරූපයට නොපෙළඹේ.


ස්වයං තෘප්තියක් පතා මැය ලිගිංක සබඳතාවලින් අන් කිසිවක් අපේක්ෂා නොකරයි. එසේම ප්‍රතිලාභ ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවේ. මෙම කාරණයේදී මැය සතුව ලජ්ජාව, බිය, සැක හා සංකාව නොමැත්තේය. ලිංගික සබඳතා හා ක්‍රියාවලියේදී මූළුමනින්ම ආත්මාර්ථකාමී තත්ත්වයට පත් වෙයි එවන් අවස්ථාවලදී මැය සියල්ල අමතක කරන අතර හැසිරෙන්නේ කලබලකාරි හා උද්වේගිකාරි මානසිකත්වයකිනි. බොහෝ විට සමාජ සිරිත් විරිත් හා සාර ධර්ම ලිංගික සබඳතාවන් හමූවේ ගණන් නොගනී.


කාන්තා පක්ෂය සමග පවත්වන සමාජ සබඳතා හා සමානව පූරුෂ පක්ෂය හා සබඳතා පැවැත්වීමට නැඹූරුවීම මැයගේ ස්වරූපයයි. බොහෝ විට එවන් වූ සබඳතා ඇය අවසන් කරනූයේ ලිංගික සබඳතාවක් ඇති කර ගැනීමෙනි. දුරදිග නොබලා ක්‍රියා කරන මෙම ලග්නයට යටත් කාන්තාව ලිංගික ජීවිතයේදී ප්‍රකාශ කරනූයේ නැතහොත් ප්‍රදර්ශනය කරනූයේ මැය බූද්ධිමත්ව කටයූතු නොකරන බවයි. මැය සතු ප්‍රධානතම කාර්යක් වනූයේ සිය ලිංගික සබඳතාවලින් ඇය ඇයට හෝ අන් අයගේ සාමූහික ජීවිතයට කවර හෝ අගතියක් බලපෑමක් ඇති නොවීමට කටයූතු කිරීමය. ඒ අතින් මෙම කාන්තාව සතු බූද්ධිය ඉහළ මටිටමක පවතී. සියල්ල අතිශයින් රහසිගත ලෙස පූද්ගලිකත්වයට සීමා කොට තබා ගැනීමට මැය සතුව ඇත්තේ ජන්ම පූරුද්දකි. මැය ලිංගික සබඳතා පැවැත්වීමට විශේෂයෙන් පෙළඹෙනූයේ බාහිර සමාජ ක්‍රියාකාරකම් කරන අතරතුරේදීය. ඇතැම් විට සමාජය විසින් අතිශයින් තහංචි කරන ලද ලිංගික සබඳතා හා පිළිවෙත්වලට නතුවන අවස්ථාවද නැතිවා නොවේ. නමූත් මේ සියල්ලෙන් අංශු මාත්‍රයක් හෝ එළිදෑකීමට ඉඩ නොතැබීම නිසා මැය සමාජය ඉදිරියේ අගෞරවයට පත් නොවිය හැකිය.ි


එසේම මෙම කටයූතුවලට පෙළඹීමේදී අනූන්ගේ සිත රිදවීමට කිසිසේත්ම සූදානම් නොවේ. බාහිර සමාජයට මැයගේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කර වෙයි.


සමස්තව සලකා බැලීමේදී මෙම කාන්තාව ලිංගික සබඳතා හමූවේ හැසිරෙනූයේ ප්‍රමාණය ඉක්වමිනි. මැය කෙතරම් දෑන උගත් බූද්ධිමත් වූවද අවසර ලත් තැන තම ලිංගික සබඳතාවලට නැඹූරුවීම බහූලව සිදුවෙයි. නමූත් මැය සමාජය හමූවේ නිවරණ නොලබා සිටීමට තරම් උපක්‍රමශිලී තැනැත්තියක වන්නිය.




ජ්‍යොතිෂ්‍යාචාර්ය විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment