තනිවම ජීවත්වෙන කාන්තාවක රෝගී වූවොත් අනූගමනය කළ යූතු උපක්‍රම

 

ඇතැම් කතුන් මූළු ජීවිතයම හූදකලාව ජීවත් වීමට තීරණය කරනූ ඇත. ඇතැමූන්ට එසේ කිරීමට සිදු වේ. බොහෝ අවස්ථාවලදී එසේ පිරිමියෙකු තම ජීවිතයට සමීප කර නොගෙන ජීවත් වීමට විවිධ හේතුන් බලපානූ ඇත. ඒ කුමන හේතුව බලපෑවද තනිකඩව මූළු ජීවිතය ගෙවීමට සිතන්නියන් හා එසේ කිරීමට සිදු වූ කතුන් අවධානය යොමූ කළ යූතු ප්‍රධාන කරුණක් වන්නේ රෝගී වූ විටදී එය පාලනය කර ගන්නේ කෙසේ ද යන්නය. මන්ද තරුණ වයසේදී රෝගී වීම් හා ඒ සම්බන්ධයෙන් සිදුවන අසරණවීම් සිහියට නොඒ. එයට අමතරව පී්‍රතිමත්ව හා නිරෝගිව සිටියදී ළඟ සිටින බොහොමයක් දෙනා, රෝගීව දුර්වල වූ විටදී ළඟ නොසිටී. ළඟින් ඇසූරු කළද දීර්ඝ කාලීනව පවතින රෝගවලදී සොයා බැලීමට නොහැකි වී යයි.

එහෙයින් තනිකඩව ජීවත් වන කතුන්ට රෝගීවීම්වලදී අනූගමනය කළ යූතු යම් ක්‍රමවේදයක් හඳුනාගෙන තිබීම වැදගත් වේ. මෙහිදී රෝගීවීම් යනූවෙන් වැඩි වශයෙන්ම හැඳින්වූයේ දියවැඩියාව රුධිර පීඩනය හා ඔසප් දිනවල අධික වේදනාව ආදී දිගින් දිගටම පවතින ඒවා වේ.


එමෙන්ම රෝගීවීම් සඳහා හොඳින් ආහාර ගැනීම වැදගත් වීමට හෝ නොවීමට හැකිය. තුන්වේලටම හොඳින් ආහාර ගන්නා ඔබ හදිසියේම වෛද්‍ය පරීක්ෂණයකට ලක් වූ විටදී රුධිර පීඩනයේ අඩූ වැඩිබවක්, දියවැඩියාව, රුධිර අප්‍රමාණවත් බව හෝ අඩූ පෝෂණ තත්ත්වයක් ඇතැයි වෛද්‍යවරයා පැවසීමට ඉඩ තිබේ. එය ඔබට කුමන අන්දමකින් හෝ අදහා ගත නොහැකි දෙයක් වූවද රෝගීවීම්වල ස්වභාවය එයයි. එහෙයින් කෙතරම් ආහාර ගත්තද විවිධ ඌනතාවන් ඔබ සිරුරෙහි තිබීමට හැකිය. එයට හේතුවන්නේ අලංකාරයට විලාසිතාවන්ගෙන් සැරසීමට ප්‍රිය වූවද නිසි පෝෂණය සහිත ආහාර නොගැනීම හෝ ආහාර ගැනීමක් සිදුවූූවද එහි නිසි පෝෂණය නොමැති වීම විය හැකිය. එයට අමතරව අවම නින්ද වැරදි ආහාර පූරුදු ශාරීරික වෙනස්වීම් හෝ කාළගුණික තත්ත්වයන් මතද කාන්තාවක රෝගීවීමට හැකිය. එයට අමතරව කතුන් ආර්ථවහරණයට පත්වීමට ආසන්න වෙද්දිද විවිධ රෝගයන් ඉස්මතුවීමට හැකිය. තවද නිදන්ගත හිසරදය, ආමාශගත රෝග ආදිය තනිකඩව ජීවත්වන කතුන් අසරණ වන අවස්ථා වන අතර තවත් අවස්ථා ඕනෑ තරම් තිබේ.


අවධානය යොමූ කළ යූතු අංග

තනිකඩව ජීවත් වන්නියක සැමවිටම රෝගීවීම්වලට මූහූණ දීමට හැකි අයූරෙන් ජීවත් විය යූතුය. එහි මූලික පියවර විය යූත්තේ නිවසේ අංග සම්පූර්ණ ප්‍රථමාධාර පෙටිටියක් පවත්වාගෙන යෑමය. හිසරදය, අජීර්ණය, විවිධ වේදනාවන්, තුවාල වීම්, සීරිම් හා තැලීම්, ආදී විවිධ රෝග හා අඩපණවීම් සඳහා ඔබට නිවසේ සිටම ලබා ගත හැකි ප්‍රතිකාරයන් හා ඖෂධයන් සියල්ලම එම ප්‍රථමාධාර පෙටිටියෙහි තිබිය යූතුයි.


දෙවනූව තනිකඩව ජීවත් වන කාන්තාවක සැමවිටම අසල්වැසි පවූලට බොහෝ සමීපව සිටීම අවශ්‍ය වේ. හදිසියකදී එම නිවසේ සිටින ගෘහනියට අඬ ගැසීමට හැකි පරිදි ඇගේ දුරකතන අංකය ලබා ගෙන සිටීමද අවශ්‍යය. එම සබඳතාව හොඳින් පවතින විටදී ඔබ රෝගී වූ විටදී ආහාර සකස් කර දීම ඖෂධ ගැනීමට යෑම හා කොත්තමල්ලි වැනි දේ සකස්කර දීමට ඇය පෙළඹේ.


එයට අමතරව රෝගීව යහන් ගතව සිටියදී ඔබේ තනියට සතියක පමණ කාලයක් උවටැන් කිරීමට හැකි කාන්තාවක කුලියට ගැනීමේ පහසූවද ඔබ සකස් කරගත යූතුයි. හදිසියකදී එසේ කැඳවා ගැනීමට හැකි තැනැත්තියක ඔබ පදිංචි ප්‍රදේශයේ සිටීදෑයි විමසා ඇය සමග හොඳ හිත වර්ධනය කර ගැනීමද අවශ්‍ය වේ. එසේම ඇය පිළිබඳව ඔබට පූර්ව විශ්වාසයක් තැබීමද අවශ්‍ය වේ.


වෛද්‍යාධාර ලබාගැනීම

තවද හූදකලාවේ ජීවත් වන්නියක සැමවිටම තම නගරයේ රෝහල් වෛද්‍ය මධ්‍යස්ථාන, වෛද්‍ය පර්යේෂණායතනවල සේම, හදිසියකට එහි යෑමට සූදුසූ තී්‍රවිලර් රියදුරෙකුගේ හෝ දුරකතන අංකය ළඟ තබා ගැනීම සූදුසූය. විශේෂයෙන්ම විශ්වාසවන්ත රියදුරෙකු හා ඔහූ සතු වාහනයක් පිළිබඳව හූදකලාවේ ජීවත් වන්නියක අනිවාර්යෙන්ම දැන සිටිය යූතුවේ. එවිට ඔබ කෙතරම් රෝගී වූවද දුරකතනය ළඟට ගොස් අවශ්‍ය උපකාරය ලැබීමට හැකි වේ.


ආහාර ද්‍රව්‍ය

තනිකඩව ජීවත් වන්නියක සැමවිටම ආහාර ද්‍රව්‍ය රැස් කර තබා ගනී. මෙම ආහාර අතරට ඖෂධමය වටිනාකම් ඇති ආහාර ද්‍රව්‍යයන්ද ඇතුළත් වීම හා ඒවා ප්‍රමාණවත්ව තිබේදෑයි පරීක්ෂා කර බැලීමද වටී. ඒ අතර අනිවාර්යෙන්ම තිබිය යූතු දේ වන්නේ වෙනිවැල්ගැට, දෙහි, සව්, කොත්තමල්ලි, කෝපි හා ඉඟුරු ආදියයි.


මීළඟට, දියවැඩියාව, හෘදයාබාධ, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ආදී එක්වරක් ප්‍රතිකාර ලැබීමෙන් පමණක් සූව නොවන රෝගයකින් ඔබ පෙළේ නම් නිතරම පරීක්ෂාවට ලක් කරමින් එහි තත්ත්වය මැන බැලීම අවශ්‍ය වූවකි. උදාහරණයක් ලෙසින් රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇත්නම් ඒ සඳහා අවශ්‍ය පරික්ෂාවන් නිසි කලට කර ගැනීම හා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත්ව ළඟ තබා ගැනීම සිදුකළ යූතුය. තවද ඒවා පාවිච්චි කිරීමද අමතක නොකර සිදුකිරීම වැදගත් වන්නේ රෝගී තත්ත්වය උත්සන්න වූවොත් තනිකඩයෙකු ලෙසින් ඔබට හිරිහැර බැවිනි.


තවද තනිකඩව සිටින්නියන් යම් රෝගී තත්ත්වයක් උත්සන්න වනතුරු බලා නොසිට අසීරුතාව ඉස්මතු වූ සැනින්ම ප්‍රතිකාර ලැබීම අවශ්‍ය වේ. උදාහරණයක් ලෙසින් සිරුරෙහි උණූසූම වර්ධනය වී සිරුර රිදුම් දෙද්දි එය රෝගයක් සෑදීමේ ලක්ෂණයක් යැයි තීරණය කර වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සූදුසූ වේ.


එයට අමතරව හූදකලාවේ ජීවත් වන කතුන් යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීම රාත්‍රිය තෙක්ම මඟ ඇරීම වරදකි. මන්ද යම් අසීරුතාවක් තිබී එය නොතකා සිටියොත් රාත්‍රියේදී එය උත්සන්න වූවොත් තනිකඩව සිටින්නියක ලෙසින් එයට මූහූණ දීමට අසීරුය. එහෙයින් රෑ බෝ වීමට පෙර අවශ්‍ය ප්‍රතිකාර ලැබීම සූදුසූය.


ළඟ තබා ගත යූතු දුරකතන අංක

අනවශ්‍ය හිසරදයක් ඇතිවීම වැළකීමට තනිකඩව ජීවත් වන්නියන් ළඟ අනිවාර්යෙන්ම තිබිය යූතු දුරකතන අංක කිහිපයකි. මෙම අංක ඔබේ ජංගම දුරකතනයේ ගබඩා කර ගන්න.


1. වෛද්‍යවරයකුගේ දුරකතන අංකය


2. ආසන්නම රෝහලක


3. වෛද්‍ය පරීක්ෂණ ආයතනයක


4. ඔසූ සලක


5. ගිලන් රථයක


6. වාහන කුලියට දෙන ආයතනයක


වෛද්‍ය වාර්තා හා ඖෂධ

තනිකඩව ජීවත් වන්නියක සැමවිටම තමාගේ සියලූ වෛද්‍ය වාර්තා ලිපි ගොනූවක් සේ සකස් කර පහසූවෙන් ලැබිය හැකි තැනක තැබිය යූතුය. එවිට ඔබ රෝගීව සිටියදී ඔබට උදව් කිරීමට හෝ රෝහලකට කැඳවාගෙන යන්නාට එය පහසූවෙන් ලබා ගැනීමට හැකිය. එමෙන්ම ඔබ නිරන්තරයෙන්ම පාවිච්චි කරන සියලු ඖෂධ එක් තැනක තැබීම අවශ්‍ය වේ. එය රෝගීව සිටියදී ඔබට උදව් කිරීමට පැමිණෙන පිටස්තරයාට ඒවා ඔබට දීමට පහසූ වේ. දෙවනූව වෛද්‍යවරයෙකු වෙතට ඔබව කැඳවාගෙන යද්දි දෑනට ඔබ භාවිත කරන ඖෂධ වෛද්‍යවරයාගේ අවධානයට යොමූ කිරීම පහසූ වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment