වලව්වේ සම්බෝල මීට පෙර කාලා තියෙනවද?




පොලොස් වාරයේ   රසට කන්න පොලොස්  වෑංජනයක් හදමූ

පොලොස් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් කිලෝ 1


පොල් ගෙඩි 1 1/2 දිය කිරි, මිටි කිරි


මිරිස් කුඩූ


කහ කුඩූ


ලුණූ


රතු ළුෑනූ ග්‍රෑම් 50


කරපිංචා කිනිත්තක්


කුරුඳු පොතු කැබැල්ලක්


ගොරකා කැබලි 3 ක් පමණ


උළුහාල් ස්වල්පයක්


බැදගත් දුරු ස්වල්පයක්


කරි කුඩූ


උම්බලකඩ කුඩූ මේස හැඳි 2


රම්පේ කැබැල්ලක්.


සාදන ක්‍රමය

පොලොස් කපා කහ, ලුණූ, මිශ්‍ර වතුරට දමන්න. අඟල් 1 1/2 පමණ කැබලි වඩා හොඳයි. කරි කුඩූ, කහ කුඩූ, මිරිස් කුඩූ කබලේ බැදගන්න. දිය කිරි, මිටි දමා ගන්න. දුරු, ගොරකා සහ පොලොස් හැර ඉතිරි සියල්ලම එයට දමා ලිප තබන්න. මෙය රත්වන විට පොලොස් කැබලි හා ගොරකා දමාගන්න. මෙය උතුරන තෙක් තැම්බෙන්න හරින්න. උතුරන විට ගින්දර අඩූ කරන්න., උඩින් දුරු දමාගන්න. අඩූ තරමින් පැය 6 ක් මෙය මඳ ගින්නේ තැම්බෙන්නට හරින්න හිඳීගෙන එනවිට උඩින් තෙල් මතුවෙනවා. මේ තෙල් ඉවත් කරගන්න. මෙය නියම අයූරින් හදා ගන්නවා නම් බෝතල්වල අසූරා අවූරුදු දෙකක් තබාගන්නට පූළුවන්.


වලව්වේ සම්බෝල

වලව්වේ සම්බෝල හෙවත් කොප්පරා සම්බෝල හදන ක්‍රමයයි මේ. පොල් ගාන විට කැඩෙන, ඉලිප්පෙන පොල් කැබලිවලින් මේවා හදන්නට පූළුවන්. පෙර කාලයේදී වලව්වල එකතුවූ කොප්පරා පොල්වලින් මේවා සෑදූ නිසයි මේ නම ලැබිලා තියෙන්නේ. ඉතිරි වූ පොල් අවන් එකේ දමා පූළුස්සා එකතුකර තබා ගැනීමෙන් මෙය සාදා ගන්නට පූළුවන්.


රතු ළුෑනූ හෝ ලොකු ළුෑනූ හීනියට කපා ගැඹූරු තෙලේ බැදගන්න.


උම්බලකඩ


කෑලි මිරිස්


ලුණූ


කොප්පරා හෝ පූළුස්සා ගත් පොල්


මේ සියල්ල එකට දමා වංගෙඩියේ කොටාගන්න. මෙයට දෙහි ස්වල්පයක් එකතු කරගන්න.


වම්බටූ මෝජූ


අවශ්‍ය ද්‍රව්‍ය


වම්බටූ හීනියට කපා කර කර ගා හැපෙන තරමට බැදගන්න. පිච්චෙන්නට දෙන්න එපා.


විනාකිරෙන් අඹරාගත් අබ මේස හැඳි 3


කහ කුඩූ තේ හැඳි 1/2


ගම්මිරිස් කුඩූ තේ හැඳි 1


අමූමිරිස් කරල් 15 (බාගෙට නැටිට කපා අච්චාරුවලට මෙන් සාදාගන්න.)


සීනි මේස හැඳි 1 1/2


කුඩා රතු ළුෑනූ ග්‍රෑම් 200


වියළි හාල් මැස්සෝ ග්‍රෑම් 100 (ඔළු කඩා සෝදා)


ලුණූ, විනාකිරි


අඹ චටිනි.


සාදන ක්‍රමය

හාල් මැස්සෝ බැදගන්න. ළුෑනූ හා මිරිස් උනූන් ගස්සා ගන්න. (උණූ තෙලට දමා ඉක්මණින් ගන්න.) අඹරාගත් අබ, කහ, ගම්මිරිස්, සීනි මේස හැඳි 1 1/2, ලුණූ, විනාකිරි දමා කලවම් කරන්න. එයටම, අඹ චටිනි මේස හැඳි 2 පමණ අඹරා එකතු කරගන්න. ලුණූ රස බලා එයට හාල් මැස්සෝ වම්බටූ, ළුෑනූ, මිරිස් එකතුකර කලවම් කරන්න.


වැලි තලප

හාල් පිටි ස්වල්පයක් ගෙන එයින් කැට සාදාගන්න. වතුර ස්වල්පය බැගින් ඉසිමින් සිහින් කැට සාදාගත යූතුය. කල් තියා ගැනීමට අවශ්‍ය නම් පොල් නොදා පිටිටූ සෑදිය යූතුයි. දැන් මෙයින් පිටිටූ තම්බාගෙන උණූවෙන්ම ලිහා ගන්න.


සීනි හා කරඳමූංගු, කරාබූ නැටි දමා ලිප තබා යන්තම් උණූ කර උකුවීගෙන එනවිට පිටිටූ දමා මිශ්‍ර කරගන්න. පත් පැණි වනතෙක් තබන්න එපා. එවිට සවි වෙන්නට පූළුවන්. මිශ්‍රණය ලෑල්ලක් මත තුනී කර කපාගන්න. ගම්මිරිස් කුඩූ ස්වල්පයක් ද එකතු කිරීම හොඳයි.


උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

උළුඳු ග්‍රෑම් 500


අමූ මිරිස් ස්වල්පයක්


දුරු ස්වල්පයක්


ළුෑනූ ස්වල්පයක්


තෙල් (බැද ගැනීමට)


සාදන ක්‍රමය (


උළුඳු පැය 6 ක් පෙඟෙන්නට තබා වතුර ඉවත් කරගන්න. විනාඩි 10 ඃ 15 පසූව වතුර නොදා අඹරාගන්න. සිහින්ව ලියාගත් අමූ මිරිස්, දුරු, කරපිංචා, ළුෑනූ දමා කලවම් කරන්න. මෙය එවේලේම බැදගත යූතුයි. රවූමට හැඩ කර මැදින් සිදුරක් තබා සාදාගෙන බැදගන්න. හොඳින් පිපෙනවා. පිපෙන ද්‍රව්‍ය හෝ වෙනත් පිටි වර්ග දැමීම අවශ්‍ය වන්නේ නෑ.




පබිලිස් සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment