අවශ්‍ය වූ විටෙකදී සැණෙකින් ඔබේ නිවසේදී වැදගත් ලියවිල්ලක් සොයා ගැනීම පහසූකර ගැනීමට නම්...

 




වැදගත් ලියකියවිල්ලක් හෝ බිල්පතක් තැබූ තැනකින් වහා අතට ගැනීමට නොහැකිවීම ඔබේ සිත ආතතියට පත් කරවන්නකි. කාර්යාලයේදී ද ලිපි ගොනූවක් හෝ අදාළ රාජකාරී ලිපියක් සොයා ගැනීමට අසීරුවීම රාජකාරීය ප්‍රමාදයට හේතුවේ. කාමරය, නිවස හා කාර්යාලීය මේසය අවූල්ව තිබීමෙන් ඔබ සැමවිටම අසීරුවට, ප්‍රමාදයට හා කෝපයට පත් කරවන්නකි. නමූත් ඒ වෙනූවට බිල්පත් ලිපි ගොනූ, පෑන් පැන්සල් දිනපොත් පිටූ ඇමූණූම් යන්ත්‍රය ආදිය එක්තරා රිද්මයකට තැන්පත්කර තිබේ නම් සියලු දේ සොයා ගැනීම අසීරු නොවේ.


මෙසේ යම් දෙයක් නිවැරදි ස්ථානයේ නොතබන හා තැබූ තැනකින් යම් දෙයක් ක්ෂණිකව සොයා ගැනීමට අසීරු අයට යම් මානසික තත්ත්වයක් ඇතැයි මනෝ විශ්ලේෂකයන්ගේ මතය වේ. ඔවූන් වගකීම් නොදරන සෑමවිටම මානසික ආතතියකින් පසූවන්නෝය. එමෙන්ම කාර්යාලයේදී කටයූතුවලදී අසංවිධානාත්මක ස්වරූපයක් පෙන්නූම් කරන්නෝ එම ස්වභාවය නිවසේදී ද පෙන්නූම් කෙරේ.


නිවසේ අපිළිවෙල

නිවස තුළ වටිනා දේ සූරක්ෂිතව තැබිය යූතුවේ. ඒ ඔප්පූ තිරප්පූ, ක්‍රෙඩිටි කාර්ඩ් බිල්පත්, දුරකතන, විදුලි ජල බිල්පත් ආදියද වෙති. නිවසේදී එම වටිනා ලියකියවිලි ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය වූ විටෙකදී ලබා ගැනීමට පහසූම මඟ වන්නේ එකින් එක සඳහා ලිපි ගොනූ සකස් කිරීමය. එයට


රැඳවූමක්ද දැමීමෙන් සෑම බිල්පතකම හා ගෙවීම් කළ රිසිටි පතද ඊට අමූණා දැමීමට හැකිය. මීළඟට ඔබ කළ යූත්තේ උසින් වැඩි පළලින් අඩූ රාක්කයක් මිළදී ගෙන බැංකු, ක්‍රෙඩිටි කාර්ඩ්, ජල, විදුලි බිල්පත් ආදී වශයෙන් අංශවලට බෙදා එහි තැන්පත් කිරීමය. අලුත් බිල්පත් හා ගෙවීම් කුවිතාන්සියද එයට ලද සැණින්ම ඇමිණිය යූතුය. එවිට අවශ්‍ය වූ විටෙකදී එය සෙවීම පහසූය. එයට අමතරව පෑන්, පැන්සල්, මකන කෑල්ල, අඩි රූල, ඇමනූම් යන්ත්‍රය ආදී දේ එහි පිළිවෙලකට තබන්න. ලිපි ද්‍රව්‍ය තැන්පත් කිරීමට වෙනම ලාච්චූවක් හෝ පෙටිටියක් තිබීම අවශ්‍යවේ. එවිට අවශ්‍ය යමක් සෙවීම පහසූවේ.


සේප්පූවක් හෝ රාක්කයක් මිළදී ගැනීමේදී

ලිපි ද්‍රව්‍ය තැන්පත් කිරීමට සේප්පූවක් හෝ රාක්කයක් මිළදී ගැනීමට පෙර එය තැන්පත් කර තැබිය යූතු ස්ථානය ඔබ තීරණය කළ යූතුවේ. එය ලියන කාමරයේ හෝ ඉඩ ඇති තැනක රඳවා තැබීමට හැකිය. මූලින්ම ඉඩ මැනගන්න. එයට ගැළපෙන රාක්කයක් මිළදී ගැනීමට නොහැකි නම් අලුතින් එකක් සාදා ගන්න. තවද එය රතු, සූදු හා තැඹිලි වැනි දීප්තිමත් වර්ණයකින් යූතු නම් එයින් ඔබේ නිවසට අලංකාරයක් ද එක්වේ.


නිවසේ ලාච්චූවක යම් යම් අවශ්‍ය ලියකියවිලි රඳවන්නේ නම් මසකට වරක් හෝ එය පිිරිසිදු කිරීම හෝ පිළිවෙලට තැබීම අවශ්‍ය වේ. තවද, සැමවිටම සියලු දේ තැන්පත් කළ යූත්තේ තේමාවක් යටතේය. එම තේමාවන් ද ගැළපීම අනූව එක්ව තිබිය යූතුය. උදාහරණයක් ලෙසින් බැංකු ගිණූම් ප්‍රකාශය එකට තබද්දී ඒ අද්දර තැබිය යූත්තේ ක්‍රෙඩිටි කාර්ඩ් බිල්පත්ය. ඒ සියල්ල බැංකුවලට සම්බන්ධ වූ ඒවා වේ. එමෙන්ම ජල විදුලි දුරකතන බිල්පත් එක ළඟින් තැබිය යූතුවේ.


බොහෝ අවස්ථාවලදී අප නිවෙසේ ලාච්චූ රාක්ක හෝ සේප්පූ තුළ වරින්වර අනවශ්‍ය දේ රැස්වේ. ඒ අප කළබලයට යම් යම් දේ ඒ තුළට දැමීමෙනි. එහෙයින් වරින්වර ඒවා විමසා බලා අනවශ්‍ය දේ ඉවත් කිරීමෙන් අවශ්‍ය දෙයක් සෙවීම පහසූවේ.


උප්පැන්න, විවාහ හා අධ්‍යාපන සහතික, ඔප්පූ, මිළදී ගැනීම් කුවිතාන්සි ආදිය නිතරම අතට ගැනීමට සිදුනොවේ. එහෙයින් ඒවා තැබිය යූත්තේ නිතර නොඅඳින ස්ථානයකය. ඒවා තැන්පත් කිරීමේදී වඩාත් සූදුසූ ක්‍රමය වන්නේ පවූලේ සාමාජිකයන්ගේ හා නිවසේ ලිපිගොනූ ලෙසිනි. වත්මන් වෙළඳ පොළේ ඒවා රැඳවිය හැකි ප්ලාස්ටික් කවර අලෙවියට ඇති අතර ඒවා මිළ අධිකද නොවේ. එවිට ඔබේ තොරතුරු අවශ්‍ය වූ විටදී ඔබේ නමට හිමි ලිපි ගොනූව ගත හැකිය. දෙවනූව නිවසේ වීදි රේඛා සහතික හෝ ඔප්පූව පරීකෂා කර බැලීමට අවශ්‍ය වූ විටදී කළ යූත්තේ එම ලිපි ගොනූව අතට ගැනීම පමණි. මේ අයූරෙන් ඔබට වෛද්‍ය වාර්තා, රක්ෂණ ඔප්පූ ආදී වශයෙන් ද වෙන් කර තැබීමට හැකියි.


වටිනා ලියකියවිලි තැන්පත් කිරීමේදී

වටිනා හා රහස්‍ය ලියකියවිලි සාලයේ රාක්කයක් තුළ තැන්පත් කිරීම වරදකි. ඒවා තැබිය යූත්තේ යතුරකින් අඟුළු දැමිය හැකි කැබිනෙටිටූවක කාමරයේය. ලියකියවිලි සම්බන්ධයෙන් ඔබ අවධානය යොමූ කළ යූතු මීළඟ කරුණූ වන්නේ එය කාවූන්, කැරපොත්තන් ආදීන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමයි. ඒ සඳහා යම් රසායනිකයක් දැමීමට ඔබට සිදුවේ. එමෙන්ම කඩදාසි ආහාරයට ගන්නා කෘමින්ගේ පැමිණීමක් සිදුවී ඇත්දැයි ඔබට වරින්වර පරීකෂා කර බැලීමට සිදුවේ.


ලිපිගොනූ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණූ

1 නව තාකෂණයේ දියූණූව තුළින්ද ඔබට වැදගත් ලිපිගොනූ පරිගණක ගත කළ හැකිය. එමෙන්ම බිල්පත් හා එහි ගෙවීමද පරිගණකයේ සටහන් කර තැබීමට හැකිවේ.


2සියලුම වැදගත් ලියකියවිලි ඡායා පිටපත් ගෙන ඒවා වෙනම ආරක්ෂාකර තබන්න. එයට අමතරව ඒවායේ අංක වෙනම සටහන් කර තබන්න. එය වඩාත් සූරක්ෂිතය.


කාර්යාලයේ ලිපි ගොනූ

කාර්යාලයේ මේසය මත අවශ්‍ය ලියකියවිලි රඳවා ගැනීමේදී අදාල දිනයේදී කටයූතු කළ යූතු ලිපි ගොනූ එක් පැත්තකද, සෙසූ ඒවා, අනෙක් පැත්තෙහිද තබාගන්න. සෑම ලියවිල්ලක්ම පසූවට කල් නොතබා ලිපි ගොනූවෙහි ඇමූණූම කළ යූතුය. රහස්‍ය ලියකියවිලි අඟුළු දැමිය හැකි ලාච්චූවක දැමීම කරද්දී එහි ඡායා පිටපතක් ගෙන අන් ස්ථානයක ප්‍රවේශමට තැබීම ඔබේ යහපතට හේතුවේ.


නිතර භාවිත නොකරන ලිපිගොනූ එකට රැස්කර අන් ස්ථානයක රඳවන්න. සේවය නිමා වෙද්දී මේසය පිළිවෙලකට තැබීමද පසූ දිනයේදී යහපත් මානසිකත්වයෙන් කටයූතු කිරීමට පහසූවකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment