කුඩා දරුවන් සිටින ස්ථානවල සූරතල් බල්ලන් ඇතිකිරීම

 


කුඩා දරුවන් සිටින නිවාසවල සූරතල් සතුන් සිටීම විශේෂයෙන්ම බල්ලන් සිටීම පිළිබඳව විවිධ මත වෙති. ඇතැම් අය කියන්නේ එය දරුවන්ගේ සෞඛ්‍යයට හානිකර බවය. එමෙන්ම එය අනතුරුදායක බවය. සූරතල් සතුන් නිවෙස්වල සිටීමෙන් විවිධ රෝග දරුවන්ට සෑදීමට ඉඩ ඇති බව ද පැවැසේ.


එහෙයින් දරුවන් සිටින නිවාසවල සූරතල් සතුන් සිටීමෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව පූළුල් අධ්‍යනයන් කර තිබේ. විශේෂයෙන් දරුවන් හා බල්ලන් අතර ඇතිවන සහසම්බන්ධතාව පිළිබඳව අධ්‍යනය කර තිබේ. එයට අනූව, සූරතල් බල්ලන් වෙතින් දරුවන්ට අසීමිත ආදරයට අමතරව, ගුරුවරයකු ලෙසින් වගකීම් දැරීම හා සෙසූ අයට ගෞරවය දැක්වීම පිළිබඳව ඉගැන්වේ. එහෙයින් සූරතල් බල්ලන් සමග වැඩෙන දැරවන් සෙසූ දරුවන්ට වඩා ආත්මාභිමානයකින් යූක්ත වන අතර, ප්‍රබල සමාජ හැකියාවන්ටද හිමිකම් කියනූ ඇත.


නමූත් දරුවන් සූරතල් බල්ලන් සමග කල් ගෙවද්දී මාපියන් විසින් ක්‍රියාවට නැඟිය යූතු උපක්‍රමයන් කිහිපයක්ම වෙයි. මන්ද සූරතල් බල්ලන් යම් පමණකින් අනතුරුදායක වීම හා බෝවීමට හැකි රෝගයක් පිළිබඳව ද අවබෝධයක් මාපියන්ට තිබිය යූතුවේ. ඒ සඳහා මෙම උපදෙස් කෙරෙහි ඔබ සැලකිලිමත් වන්න.


1 දරුවකුගේ වයස අවූ. 5 ට අඩූනම් ඔහූව සූරතලයට නිවසේ ඇති කරන බල්ලෙකු සමග තනිවම තබා යෑම නොකළ යූතුවේ. මන්ද එම දරුවන් නොදැනූවත්කමින් බල්ලාගේ කෝපය ඇවිස්සෙන දේ සිදුකිරීමට හැකිය. උදාහරණයක් ලෙසින් කොතරම් සූරතලයට සිටියද ආහාර ගැනීමේදී බල්ලන් කෝපයට පත්වේ. දරුවකු නොදැනූවත්කමින් බල්ලෙකු ආහාර ගන්නා විටදී ඌට කරදර කළොත් හෝ එම ආහාරය ඇල්ලීමට ගියොත් ඌ සපාකෑමට හැකිය.


එයින් අදහස් කෙරෙන්නේ සූරතලයට ඇති කරන බල්ලන් ආදරයෙන් තොරවීම නොවේ. ඌ තම ආහාරය උදුරාවී යන බියකින් එම සැපීම සිදුකෙරේ.


2කුඩා දරුවන් සිටින නිවෙසක බල්ලාට නිදහස් හා සාමකාමී තැනක කල් ගෙවීමට ඉඩ සලසා දීම අවශ්‍යය. යම් ස්ථානයකට හෝ කූඩූවකට ඌ පූරුදු කළ විටදී අවශ්‍ය වූ විටෙකදී ඌට එතැනට යැවීමට හැක. මන්ද දරුවන් දඟලන විටදී හෝ කෑ කෝ ගසද්දී ඇතැම් විට බල්ලන් එයට නූරුස්නා තත්ත්වයක් ඇතිවේ. එමෙන්ම, කූඩූවක හෝ නිදහස් තැනක විවේකීව සිටියදී බල්ලාට කරදර නොකිරීමේ අවබෝධයක් ද දරුවන්ට ලබාදීම අවශ්‍ය වේ. විවේකයට බාධා කිරීම බොහෝ බල්ලෝ නූරුස්සති.


3තවද දරුවන්ගේ යම් යම් හැසිරීම් බල්ලාගේ හැසිරීම්වලට සෘජූවම බලපාන බව ද දරුවන්ට ඔබ අවබෝධ කරදීම වැදගත් වේ. එනම් සූරතල් බල්ලන්ට පවා ස්වභාවයෙන් යම් හඬක් හෝ සැකකාර හැසිරීම් කෂණිකවම හැඟේ. එහෙයින් කෙඳිරි ගෑම්, වෙනස් හඬවල් හා පූද්ගල හැසිරීම්වලට ප්‍රතිචාර දක්වීමක් ලෙසින් ඌ සපා කෑමට ඉඩ තිබේ. එහෙයින් දරුවන් සැමවිටම බල්ලාගේ සැකයට හෝ වෙනස්වීමක් යන හැඟීමකට ලක් නොවිය යූතුය.


4බල්ලන්ගේ වලිගය, අත පය ආදිය සමග සෙල්ලම් කිරීමට දරුවන්ට ඉඩ නොදීම අවශ්‍ය වේ. මෙය වැඩිහිටියන්ද ආදර්ශයට ගත යූත්තකි. ඇතැම් අවස්ථාවලදී උගේ වලිගය හෝ අතපයින් ඇල්ලීම ගැන බල්ලන් ප්‍රිය වූවද, උගේ හැඟීම් වෙනස්වන මොහොත හඳුනාගැනීම අසීරුය. එමෙන්ම තමාගේ සෙල්ලම් බඩූ හා ඇඳුම් ආදිය බල්ලන්ට මූවෙහි රඳවාගෙන එහේ මෙහේ යෑමට පෙළඹවීමද දරුවන් අතින් සිදු නොවිය යූත්තකි. මන්ද දරුවන් උගේ මූවින් ඒවා ඇදීමට ගියහොත් ඌ කෝපයට පත්වීමට හැකිය.


5නිවසේ වරින්වර සූරතලයට ඇති කරන බල්ලන්ගේ ස්වභාවය එකිනෙකට වෙනස් බව දරුවන්ට වටහා දෙන්න. ඇතැම් බල්ලන් කුමන කරදරය කළද, එය ඉවසා සිටීමට පූරුදු වූවද, සමහරක් විට කෂණිකවම කෝපයට පත්වේ. බල්ලන් එකිනෙකාට වෙනස් හෙයින්, නිවසේ පෙර සිටි බල්ලාගේ ස්වරූපයට අලුතින් ගෙන ආ බල්ලා ගැන සිතීම වරදකි. බොහෝ බල්ලන් දරුවන් සමග සූරතල් වීමට හෝ සෙල්ලම් කිරීමට ප්‍රිය වූව ද, සමහරක් බල්ලන් එසේ මිතුරු නොවේ. සමහර බල්ලන් පිටස්තර බල්ලෙකු දුටූවද, උදහසට පත් නොවේ.


මෙම මූලික රීතීන් ඔබේ දරුවාට ඉගැන්වූ විටදී ඔවූන්ට බල්ලෙකු සමග කදිම සබඳතාවක් ගොඩනඟා ගැනීමට හැකිවේ.


නමූත් කුඩා දරුවන් නිවසේ සිටියදී ඔබ සූරතලයට ඇති කරන බල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානය යොමූ කළ යූතුවේ. මූලික වශයෙන් නිසි කලට ඌට අවශ්‍ය එන්නත් හා ඖෂධ ලබාදීමෙන් බල්ලාට වැළඳෙන රෝග වැළකේ. උදාහරණයක් ලෙසින් බල්ලෙකුගේ සිරුරෙහි මැක්කන් සිටීමෙන් ඌ රෝගීවීමට අමතරව එය දරුවාගේ සෞඛ්‍යයටද බලපානූ ඇත. එහෙයින් ඒ සඳහා නිවැරදි ප්‍රතිකාරය ලබාදීමට ඔබ පෙළඹිය යූතුය.


තව ද, බල්ලන් සැමවිටම තම දහදිය පිට කිරීම හා දාහය නිවාගන්නේ දිව එළියට දැමීමෙනි. එයින් සිදුවන්නේ උගේ කෙළ සැමතැනම වැහැරීමය. දණ ගාන වයසේ දරුවන් සිටියදී, ඔවූන් ගැවසෙන සීමාවෙන් බල්ලාව ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එයට අමතරව කුඩා දරුවන් බල්ලාගේ ආහාර භාජනයට අත පෙවීමට හා එයින් කොටසක් ගෙන කටෙි දමා ගැනීමද සිදුවීමට ඉඩ තිබේ. එය වැළැක්වීමට අවශ්‍ය පියවර ඔබ විසින් ලබාගත යූතුමය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment