නියපොතු රැකගත්තේ නැතිනම් රෝග බොහොමයක් ඇතිවෙන්න පූළුවන්

මූූහූණට තරම් සැලකිල්ලක් නොදෑක්වූවාට ශරීරයේ සෑම කොටසක්ම පිරිසිදුවත්, නිරෝගීවත් තබා ගැනීම, ඉතාම වැදගත්. එම නිසා ඔබේ අතේ සහ පාදයේ නියපොතු වලට පවා අවදානයක් සැලකිල්ලක් යොමූ කිරීම ඉතා වැදගත්.
 

නියපොතු ආසාධනයට එහෙමත් නැත්නම් විවිධ රෝග වලට ලක්විය හැකියැයි ඔබ නොසිතන්නට ඇති. නමූත් නියපොත්ත ආශ්‍රිතව විවිධ රෝග හටගන්නා බව ඔබ අසා ඇති. අද අපි කතා කරන්නේ නියපොත්ත ආශ්‍රිතව හටගන්නා රෝග පිළිබඳවයි.


නියපොත්ත ලෙස අප හඳුන්වන්නේ සමෙන් ව්‍යූත්පන්න වන කොටසක්. අපේ සමේ අපිචර්මයේ අඩංගු ෙසෙල විශේෂ තමයි නියපොත්තේ තියෙන්නේ. ඇතැම් අය නියපොත්ත අජීවි කොටසක් එහෙමත් නැත්නම් මැරුණූ කොටසක් ලෙස හඳුන්වනවා. එය වැරදියි. නියපොත්ත සජීවී කොටසක් ලෙස හඳුන්වන්න පූළුවන්. නියපොත්තේ මූල හෙවත් සමට යටින් කොටසට පෝෂණය ලැබෙන්නේ රුධිර නාලවල ගමන් කරන රුධිරයෙන්. නියපොත්ත මැරුණූ එකක් ලෙස හඳුන්වන්න බැහැ ඇත්තටම. නමූත් නියපොත්තේ කෙළවරට වන්නට සජීවි තත්ත්වය නැති වෙන්න පූළුවන්.


සමහර පූද්ගලයින් වයසට යෑමත් සමග නියපොතුවල දිග අතට පොඩි ඉරි වගේ දෙයක් හටගන්නවා. මෙය සාමාන්‍ය දෙයක්. මෙය රෝගයක් නොවෙයි. බොහෝ දෙනකුට ආරෙට යන තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්න පූළුවන්. යම් පවූලක අම්මලා තාත්තලාගෙ මෙම තත්ත්වය තිබූණොත් දරුවන්ගෙත් තියෙන්න පූළුවනි.


බොහෝ වෙලාවට මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වෙන්නේ වයස අවූරුදු හතළිහෙන් පසූවයි. මෙම තත්ත්වයට බෙහෙත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. මෙයින් නියපොත්තට හානියක් ඇති වෙන්නෙත් නෑ.


ඊළඟට නියපොතුවල බහූලව තියෙන රෝගයක් තමයි දිලීර නිසා නියපොතු ආසාදනයන්. අපි මෙම රෝගය ඔනිකොමයිකොසිස් ලෙස හඳුන්වනවා. මෙතනදී වෙන්නේ දිලීරයක් මඟින් නියපොත්ත ආසාදනය වීමයි. මෙවැනි තත්ත්වයකදී නියපොත්තේ විවිධ වෙනස්කම් ඇති වෙනවා.


මෙතනදී නියපොත්ත ඇඟිල්ලේ සමට ඇලිලා තියෙන නියකන්න ලෙස අපි හඳුන්වන කොටසින් වෙන් වෙනවා. නියපොත්ත හරහා අපට සූදු පැහැයක් එහෙමත් නැත්නම් දුඹූරු හෝ කළු පැහැයක් දෑකගන්න ලැබෙනවා. මෙම අවස්ථාවේදී බොහෝ විට වේදනාවක් දෑනෙන්නේ නෑ. කැසීමක් ඇතිවෙන්නෙත් නෑ. එකම දෙය තියෙන්නේ නියපොත්තේ පෙනූමට යම් බලපෑමක් ඇතිවෙලා තිබීම පමණයි. නමූත් ඔනිකොමයිකොසීස් ලෙස හඳුන්වන රෝගී තත්ත්වය දිගටම තියෙන්න හැරියොත් නියපොත්ත යටින් දිලීර පැතිරිලා ගිහිල්ලා මූළු නියපොත්තම ආසාදනය වෙන්න පූළුවන්. එවිට සම්පූර්ණ නියපොත්තෙම පාට වෙනස් වෙනවා. එය අපි හඳුන්වනවා නේල් ඩිෆොම් කියලා. මෙම තත්ත්වය හරියටම හඳුනාගත යූතුයි.


මෙවැනි රෝගියකු වෛද්‍යවරයෙක් වෙත පැමිණි විට මූලින්ම කරන්නේ නියපොත්තේ කෑල්ලක් කපලා දිලීරය හඳුනා ගැනීමේ පරීීකෂණයකට භාජනය කරන එක. එතනදී කරන්නේ නියපොත්තේ කොටසක් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට දාලා නියපොත්තේ කෙරටින් ප්‍රමාණය දියකර හැරලා නියපොත්ත තුළ තිබෙන දිලීර ඉතිරි කරන එක. දිලීර තන්තු මාධ්‍ය තුළ ඉතිරි වෙනවා. එම තන්තු පරිකෂා කිරීමෙන් රෝග විනිශ්චය කළ හැකියි.


ඊට අමතරව අවපැහැ වූ දිලීර අඩංගු නියපොතු කැබලි රෝපණ මාධ්‍යයක් තුළට දෑමිමෙන් දිලීරය වැවෙන්න ගන්නවා. එම ක්‍රමයෙනූත් දිලීරය හඳුනාගන්න පූළුවන්. මෙම පරීකෂණ දෙකම ලංකාවේ ප්‍රධාන රෝහල් වල සිදු කරනූ ලබනවා. මෙම රෝගයත් සාමාන්‍යයෙන් හැදෙන්නේ වැඩිහිටි අයට. දරුවන්ට නියපොතු ආසාධන වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම අඩූයි. දරුවන් තුළ නියපොතු ආශ්‍රීත රෝග බොහෝ විට ඇති වෙන්නේ දරුවන්ගේ ප්‍රතිශක්ති ඌනතාවය එක්කයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment