ඔසප් දෝෂවලට ගුණ කෝමාරිකා

 


මදය ආලේප කරන විට පොත්ත ගාවන්න එපා

ඔබගේ සිරුරට ගුණදායක බව හා සූවදායක බව ලබාදෙන කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණය අතිමහත්ය. තරුණ යූවතියන්ට ලැදියාව දක්වන මෙය කුමාරි යන නමින්ද හඳුන්වනූ ලබයි.


ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව වැනි රටවල බහූලව දැකිය හැකි මෙම පැළෑටිය යාපනය වැනි ශුෂ්ක ප්‍රදේශවල වඩාත් හොඳින් වැඩේ. මේ නිසා එහි තිබෙන ඖෂධීය ගුණය ගැන ඔබගේ දැනූම පොතට එකතු කරන්නැයි අපගේ මේ සූදානම.


කෝමාරිකා සිරුරේ අභ්‍යන්තරයට මෙන්ම ශරීරයේ බාහිරටද ගුණදායක වේ. බැලූ බැල්මට ඔබට ප්‍රිය උපදවන මෙය ශීත ශාකයක් ලෙස හඳුන්වන්නට පූළුවන.


මෙහි ප්‍රධාන වශයෙන් ඇලොව් පදාර්ථ, අම්ල පදාර්ථ සහ වාෂ්පශීලී තෙලක් අන්තර්ගතවේ. කෝමාරිකා මදයත් රසවත් වෑංජනයක් සාදා ගන්නට හැකිවන අතර අපස්මාර රෝගය, අම්ල පිත්ත රෝගය, අක්මා රෝග, සෙංගමාලය, ප්ලීහාව, (පපූ ආශ්‍රිත රෝග) ශරීරයේ ඉදිමූණූ අවස්ථාවලදී, දේශීය ආයූර්වේදයේ ඖෂධ සඳහා යොදාගනූ ලබයි. එමෙන්ම මානසික රෝග සූවකිරීම සඳහා ද කෝමාරිකා (කුමරි) තෛලය යොදාගනූ ලබනවා.


කෝමාරිකාවල අඩංගුවී තිබෙන සිසිලස නිසා සිරුර පිළිස්සූණූ විට කෝමාරිකා කැබැල්ලක් ගෙන ශරීරයේ ආලේප කිරීමෙන් වියළි බව හා දැවිල්ල අඩූවී සහනයක් ලැබෙන අතර මූත්‍රා පිට කිරීමට අපහසූ අවස්ථාවලදී ද කෝමාරිකා ආහාරයට ගැනීමෙන් ගුණ ලබාදේ.


විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ කාන්තාවන්ට පැන නගින ඔසප් දෝෂ සම්බන්ධයෙන් ඖෂධයක් හැටියට භාවිතයට ගන්නා කෝමාරිකා ඔබගේ දෑස්වලටද යෝග්‍යය බවයි.


සමට නිරතුරුවම තෙතමනය රඳාපවත්වා ගැනීමට උපකාරී වන මෙය ඔබගේ කෙස් කළඹට ඉතාමත් ගුණදායකය. හිසේ හටගන්නා ආසාදන තත්ත්වයක්වන හිස් හොරිවලට ප්‍රතිකර්මයක් ලෙසට කෝමාරිකා සමග දෙහි යූෂ ස්වල්පයක් දමා හිසේ ගැල්වීමෙන් ගුණ වන අතර කෙස් කළඹ වර්ධනයටද එය උපකාරී වේ.


කෝමාරිකා ආලේප කිරීමේදී ඔබට පැන නගින ගැටලුව වන්නේ එය ගල්වන විට සම කැසීමකට ලක්වීමයි. එයට හේතුව ඔබ කෝමාරිකා මදය සමග එහි පොත්ත සමේ ගැල්වීමෙන් කැසීමට ලක්වීමයි. මේ නිසා සමට, මදය පමණක් ගැල්වීමට වග බලාගත යූතුය.


මෙවැනි මාහැඟි ඖෂධ පැළයක් ඔබට ආර්ථික වටිනාකමක් ද ලබාදෙන අතර කෝමාරිකා පැළයක් ඔබගේ ගෘහයේ පැළකර ගැනීමට අමතක කරන්න එපා.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment