ජානමය හේතු නිසාත් ඇසේ සූද ඇතිවෙන්නට පූළුවන්

දරුවාට නොයෙක් හේතූන් මත උපතේදී ඇසේ සූද ඇති විය හැකි අතර එය කුඩා කලම වෛද්‍යවරයකුට නොපෙන්නූයේ නම් පසූකාලයේදී නොයෙකුත් සංකූලතා ඇති වෙන්නට පූළුවන්. උදාහරණයක් හැටියට පෙන්වා දිය හැකි වන්නේ දරුවාට කතාබහ කරන අවස්ථා වලදී දරුවා ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමූ කිරීමටයි. ඇසේ සූද හෙවත් කැටරැක්ටි රෝගය එක් ඇසකට පමණක් නොව ඇස් දෙකෙහිම වැළඳීමට ඉඩ ප්‍රස්තාව ඇති බව අමතක නොකළ යූතුයි.


ඇසේ සූද ඇතිවීම ගැන පසූගිය සතියේ සාකච්ඡා කළ කරුණූ පමණක් නොව තවත් ගැටලු තිබෙනවා. එනම් දරුවාගේ ශරීරයේ ලවණ වල ගැටලු තත්ත්වයන් ඇතිවීම හා පරම්පරා ජානමය ගැටලු ද ඒ සඳහා හේතුවෙන්නට පූළුවන්.


ඇසේ සූද ඇතිවූ විගස ඇතැම් විට යම් පෙනූමක් ලැබෙන අතරම මෙය වැඩිවී වර්ධනය වූ විට පෙනූම අඩූවිය හැකියි. මෙහිදී අනිවාර්යයෙන්ම ඇසේ සූද ඉවත් කරගත යූතුබව අමතක නොකරන්න.

ඇසේ සූදට ප්‍රතිකාර වශයෙන් සැත්කමක් කිරීමට සිදුවෙනවා. මෙහිදී ඇසේ කාචයට පැලුමක් දමා කාචය ඉවත් කර කාචයක් දමා පෙනූම ලබා ගැනීමයි. මෙයට බිය විය යූතු නොවේ. මෙහිදී ඇසට කාච දෑමීම අවබෝධයකින් යූතුව කළ යූත්තක් සේම එසේ නොවීමෙන් හොඳින් තිබෙන ඇසත් දුර්වලවන්නට හැකියාව තිබේ.


සූද ඇස් දෙකේම ඇති වන්නේ නම් එයට එක සමාන කාච තිබෙන කණ්ණාඩි භාවිත කළ යූතු වෙනවා. එයට හේතුව එක් ඇසකට කාච දෑමීමෙන් එයට වැඩි පෙනූමක් ලැබෙන අතර එයට සමාන ලෙස අනෙක් ඇසටද පෙනීම ලබාදිය යූතු වීමයි. එසේ නොමැති වීමෙන් පෙනීම දුර්වලවීමට ඉඩ ඇති නිසායි. ඇතැම් පූද්ගලයන් ඇස් වලට සිවිකාච පැළඳීමක් සිදු කරනවා. නමූත් එය පැළඳීම තරමක් අපහසූ කාර්යක් වෙනවා. එය පළඳින්නේ නම් එම කාචය හොඳින් ආරකෂා කරගත යූතු වෙනවා. එයට හේතුව සිවිකාචය නිතර ගැලවී යෑමට ඉඩ තිබෙන නිසාවෙනි. එය නැවත ඇස තුළට දෑමීමේදී ඇස තුවාල වීමටද පූළුවන්. මේ නිසා ඔබ කළයූතු හොඳම දේ වන්නේ ඇසේ සූද තිබේ නම් අකෂි වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ගෙන ප්‍රතිකාර ලබාගැනීමයි.


අයස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරී අකෂි රෝහල,
කොළඹ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment