විවාහයක් දෙදරා යන්න විරුද්ධ දශා ලැබීමත් හේතුවක් වෙනවා


පොරොන්දම් ගැලපීමේදී දශා ගැලපීම් පිළිබඳව අවධානය යොමූකළ යූතුවේ. විවාහ අතර මඟදී දෙදරා යන්නේ දෙදෙනාට විරුද්ධ දශා ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පොරොන්දම් ගැලපී කෙරෙන විවාහ කළයූතු නම් (දශා නොගැලපී) විරුද්ධ දශාවන්හී දෙදෙනා දෙතැනක වාසය කළ යූතුයි. ආරකෂාවන් පැළඳීම සිදුකළ යූතුවේ. විරුද්ධ දශා නිමාවන තුරු විවාහ නොවී සිටීමට වූවද දෛවඥවරයා උපදෙස් දෙනූ ලබයි.


සමාජයේ පවතින මතයක් වන්නේ පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැලපීම විවාහය සඳහා ගැලපේ යන්නයි. නමූත් අවශ්‍යයෙන්ම ගැලපිය යූතු නැකැත්, ගණ, රාශි, රාශ්‍යාධිපති, රජ්ජූ, භූත ලිංග, යෝනි, ග්‍රහ යන පොරොන්දම් ගැලපීම අවශ්‍යම වේ.


ග්‍රහයෝග පිළිබඳවද දෛවඥවරයා අවධානය යොමූකළ යූතුය. පැවිදි යෝග ඇති ජන්මහිමියාගේ විවාහ දිවිය සැපවත් කමින් අඩූවිය හැකියි. අතිධාවන කාමයෝග පිහිටි ජන්මීන්ට ඊට සරිලන ජන්මලාභීන් ගැලපේ. විවාහයට ගැලපෙන සහකරු හෝ සහකාරියගේ විස්තර ජන්මපත් මඟින් පැහැදිලිවම කිව හැකියි.


යූවතිපතීන්ට ලැබෙන දරු සම්පත් පිළිබඳව පූර්ණ විග්‍රහයක් දෛවඥවරයාට කළ හැකියි. යම් ස්ත්‍රී කේනද්‍රයක චනද්‍ර, ශුක්‍ර, කුජ, ගුරු යන ග්‍රහයන් බලවත්ව පිහිටා සිටීම, ඉතා වටිනා ග්‍රහ පිහිටීමකි. එසේම කේනද්‍රයේ 2,3,5,7,9,11 යහපත් ග්‍රහයන්ගෙන් යූතු නම් එයද හොඳ ග්‍රහපිහිටීමකි. ස්ත්‍රී කේනද්‍රයේ පූරපකෂ සඳු ලග්නයේ සිටීම ඉතා හොඳය. හත්වැනි රාශියේ පූර චනද්‍රයා උච්චවීම, යහපත් ස්වාමියකු ලැබීමට හේතු වෙයි.


සෙනසූරු හත්වැන්නේ සිටීම කාල සර්පයෝගය යෙදීම නිසාත් විෂ කන්‍යා යෝගයෙන් ඉපිදී සිටීමත් වෛධව්‍ය යෝගයෙන් ඉපදී සිටීමත් ස්ත්‍රී කේනද්‍රයකට සූබ ලකෂණ නොවේ.


වෛධව්‍ය යෝගය යනූ වැන්දඹූ යෝගයයි. ස්ත්‍රී කේනද්‍රයක වැන්දඹූ යෝග කිහිපයක් තිබිය හැකියි. විවාහ භාවයේ පාපයන් සිටීමෙන් වෛධව්‍ය යෝගය යෙදේ. වෛධව්‍ය යෝග යෙදීම පාපයන් විවාහ භාවයේ සිටීමෙන් පමණක් නොව ලග්නයන් දෙකේ, හතරේ, හතේ, අටෙි හා දොළොස් වැන්නේ සඳු හා සිකුරු දෙදෙනාගෙන් ඉහත සඳහන් තැන්වල පාපීන් යෙදීමෙන් ඇතිවේ. ලග්නයෙන් සඳුගෙන් සිකුරුගෙන්ද මෙම යෝග ගැන සිතිය යූතුය.


මිථූන වැනි රාශියක කුජ, ශනි වැනි ග්‍රහයකු සිටින්නේ නම් කාන්තාවකට විවාහය තුළින් සතුටක් ඇතිනොවේ. පොරොන්දම් බැලීමේදී ජන්මපත් උපරිමයෙන් පරීකෂා කරබලා දෛවඥවරයාට උපදෙස් දිය හැකි වූවද ජන්මපත් හිමියන්ට විවාහ නොවී සිටීමට යැයි පැවසිය නොහැක. අමිහිරි අත්දෑකීම් විවාහ දිවියට එක්වීම පොරොන්දම් පරීකෂා කරබැලීම නිසා මඟහරවා ගත හැකියි. පොරොන්දම් සියයට සියයක්ම ගලපා විවාහ වීම අසීරු කරුණකි. එම නිසා විවාහ දිවියට ගැටලුද මතුවන බව සිතිය හැකිය.


දෑන හඳුනාගෙන ඇසූරු කළද ජන්මපත්වලටද පොරොන්දම් සූබ ලෙසම ගැලපී තිබීම මේ භවයේ පමණක් නොව සසර පටන්ම ඇතිවූ සම්බන්ධයකි. පොරොන්දම් පරීකෂාව විවාහ ජීවිතය ගැන සියලු තතු දෑන ගත හැකියි.


ජ්‍යොතීර්වේදී ඩී. පී. ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment