වයස වැඩි අයට නිරෝගී දිවියකට සැහැල්ලූ ආහාර ගන්න


අප ගනූ ලබන ආහාර අපට කිහිප ආකාරයකින්ම ප්‍රයෝජනවත් වේ. ශරීරය වර්ධනයට, විවිධ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට, ලෙඩ රෝගවලට මූහූණදීමේ ප්‍රතිශක්තිය ඇති කිරීමට සහ ගෙවී ගිය ශරීර කොටස් අලුත් වැඩියාවට අපට ආහාර අවශ්‍යයි.

මේ අනූව බලන විට අපට කුඩා කාලයේදී ශරීර වර්ධනය සඳහා වැඩි වැඩියෙන් පෝෂණ කොටස් ඕනෑවන බව පැහැදිලිවේ. ඒ ආකාරයෙන්ම තරුණ වියේදීත් නොයෙකුත් කාර්යයන් කිරීමට වැඩිපූර ශක්තිය වැය කරන බැවින් වැඩිපූර ආහාර ගැනීම අවශ්‍ය වේ. එසේම අපගේ තාරුණ්‍ය ඉක්මවා යාමත් සමගම අපේ ශරීරය වර්ධනය වීම නැවතී යයි. එමෙන්ම අප ටිකෙන් ටික වයසට යාමත් සමගම අප කරනූ ලබන කාර්යයන්ද කෙමෙන් අඩූවී යයි. එමනිසා ඒ සඳහා ශක්තිය වැයවීමත් ක්‍රමයෙන් අඩූවන බව අමූතුවෙන් කිවයූතු නැත.


ඒ අනූව වයසින් ඉහළට යාමත් සමගම අපගේ වැඩිපූර ආහාර අවශ්‍යතාවද ක්‍රමයෙන් අඩූවෙයි. නමූත් බොහෝවිට ඔබ එය පිළිගැනීමට කැමති වන්නේ නැහැ නේද? ඔබ කරන්නේ තරුණ කාලයේදී ආහාර ගත් ප්‍රමාණයම දිගටම අනූගමනය කිරීමයි. මෙතනදී වෙන්නේ අපගේ අවශ්‍යතාවයට වඩා වැඩිපූර ආහාර ගැනීම මගින් කොලෙස්ටරෝල් ලේ නාලවල තැන්පත්වී රෝග තත්ත්ව ඇති කිරීමයි.


මේ හේතුව නිසා ඔබ තරුණ විය ඉක්මවා යාමත් සමගම සැහැල්ලු ආහාර තෝරා ගැනීම වැදගත් වනවා. මන්ද ඔබ ගන්නා ආහාර ජීර්ණය කර ගැනීමට අපහසූ වන නිසාත් එමෙන්ම යම් පරිමාවක් ගත් විට එහි ඇත්තේ අඩූ පෝෂණ ප්‍රමාණයක්, ඒ මගින් ලේ නාලවල කොලෙස්ටරෝල් බැඳීමත් අඩූ කරනවා. මේ අනූව ඔබට පැහැදිලි ඇති වැඩිහිටි අයට සැහැල්ලු ආහාර ගැනීම සූදුසූ බව.


වයසින් වැඩි ඔබ වැඩිපූර ආහාර ගැනීම මගින් ඔබට කිසිදු සෙතක් සිදුවන්නේ නැහැ. එසේනම් සැහැල්ලු ආහාරයක් ගෙන නිරෝගීව සිටීමට උත්සාහ ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment