මූහූණට පැක් එකක් යෙදීමේදී

 

මූහූණේ සම පැහැපත් කර ගැනීමට මෙන්ම, සමේ වියළි බව, කුරුළෑ ලප කැළැල්, දුර්වර්ණවත් බව මඟහරවා ගැනීමට පිළියම් වශයෙන් විවිධ පැක් වර්ග යෙදීම බොහෝ විට දක්නට ලැබේ.

මේවායින් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි වූවද සමට නොගැලපෙන ආකාරයේ පැක් වර්ග යෙදීමට යාමෙන් සමට විවිධ හානිකර තත්ත්වයන් ගෙන දෙන අවස්ථාවන්ද නැතුවා නොවේ.


එම නිසා විශේෂයෙන් මූහූණට පැක් එකක් යෙදීමේදී තමන්ගේ සමෙහි සවභාවය අනූව සහ අදාල කරුණට අවශ්‍ය ආකාරයට තෝරාගැනීමට සැලකිලිමත් වියයූතුයි. විවිධ ආකාරයට සකස් කර ඇති පැක් වර්ග වෙළඳපොලේ තිබූණත් වඩාත් සූදුසූ වන්නේ ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිවසේදීම පැක් එක සාදා ගැනීමයි.


ඔබේ සමෙහි ස්වභාවය අනූව ගැලපෙන පැක් වර්ග කිහිපයක් සකස් කරගන්නා ආකාරය විමසා බලමූ.


තෙල් සහිත සමකට

බිත්තර සූදු මදය, දෙහි හෝ ලෙමන් යූෂ, මී පැණි හොඳින් ගසා එම මිශ්‍රණය මූහූණේ ආලේප කර විනාඩි පහළොවකට පසූව සෝදා හරින්න.


වියළි සමට

බිත්තර කහ මදය, පිපිඤ්ඤා යූෂ, මී පැණි යන තුන් වර්ගය එක් කර මූහූණේ ගල්වා විනාඩි 10ඃ15 පමණ සිට සෝදා හරින්න.


සාමාන්‍ය සමකට

කඩල පිටි, පිටිකිරි හෝ එළකිරි එකට එක් කර තලපයක් සේ සාදා මූහූණේ ආලේප කර විනාඩි 15කින් පසූව ඇල් දියෙන් සොදා හරින්න.ු


මූහූණට පැක් එකක් යොදන විට මෙම ක්‍රමය අනූගමනය කරන්න. සමේ තත්ත්වය අනූව සාදාගත් පැක් එක ගල්වා ඇදක හෝ පූටූවක දිගාවී සිටින්න. වෙනත් අයෙකු ලවා කරවා ගන්නේ නම් හාන්සි වී සිටියදී බ්‍රෂ් එකකින් හෝ ඇඟිලි තුඩූ වලින් ආලේපය මූහූණේ ගල්වා ගත යූතුය.


මෙහිදී පූළුන් කැබලි දෙකක් හෝ පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත තබා ගන්න.


මූහූණට පැක් එකක් යෙදූ පසූ එය විනාඩි 20 ක පමණ කාලයක් තුළදී ඉවත් කර ගත යූතුය. ඉවත් කිරීමේදී ඇල්වතුරෙන් මූහූණ සෝදා තෙත් මාත්තු කර ගන්න.


ඉන්පසූ මොයිස්චරයිසර් වර්ගයක් මූහූණේ ආලේප කරගන්න. පැක් එකක් යෙදූ පසූ හැකිතාක් දුරට අව්වේ යාමෙන් වැලකී සිටිය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment