කාන්තාවන්ට මූදල් ඉතිරි කරගන්න පූංචි රහසක්



ඉතිරි කිරීම් සඳහා ගැහැනියක පෙළඹිය යූතු වඩාත්ම ඵලදායී වයස කුමක්ද? එමෙන්ම තම ඉතිරි කිරීම් වඩාත් ප්‍රතිඵලදායකව සිදු කරන්නේ කෙසේද? බොහෝ කතුන් පිරිමින්ට වඩා ඉතිරිකිරීම්වලට ප්‍රිය වූවද, එය තමාගේ ජීවිතයට ඵලදායී වන අන්දමින් කළ යූතු අන්දම නොදනී.

මූදල් ඉතිරි කිරීම හා එය ආයෝජනය කිරීමේ හැඟීම් බොහෝ කතුන්ට ඇත්තේ පාසල් වියේදීම මාපියන් ඔවූන් වෙනූවෙන් යම් යම් ප්‍රමාණයක් මූදල් ඉතිරි කිරීමෙනි. බොහෝ පිරිමින් උත්සාහ දරන්නේ මාපියන්ගේ ඉතිරි කිරීම් සිය අතට ගෙන වැඩි කිරීමටය. නමූත් ගැහැනූන් කරන්නේ එය අතට නොගෙන තවත් වර්ධනය කරීමටය.


වයස අවූරුදු 20 දී

ගැහැනියකට තම ඉතිරි කීරීම් ඇරඹීමට වඩාත්ම සූදුසූ වයස වන්නේ අවූ. 20 දීය. නමූත් එම වයසේ මූල් කොටසේදී ඇයද වැය කිරීමට ප්‍රිය වේ. නමූත් වයස අවූ. 20 ගණන්වල ජීවත්වන යූවතියන් රැකියාවකට යෑමත් සමග ඉතිරි කිරීම්වලට නැඹූරුවක් දක්වන අතර, තමාට පහසූ බැංකුවක් ද ඒ සඳහා තෝරා ගැනීමට පෙළඹේ. ඇගේ වැඩිම අවධානය යොමූ වන්නේ නූතන බැංකු පහසූකම් සහිත වානිජ බැංකුවකි. ඇය මෙහිදී උනන්දු වන්නේ ලැබෙන පොලිය නොව ්ඔඵ පත් වැනි විවිධ පහසූකම් පිළිබඳවය. එය තරුණ පරපූරේ ස්වභාවයකි.


වයස අවූ. 20 ගණන්වලදී මූදල් ආයෝජනය කිරීමට සිතිය යූතු නොවන බව ආයෝජන උපදේශකයෙකුගේ මතයය. මන්ද මෙහිදී ඔබ වඩාත්ම උනන්දු විය යූත්තේ අනාගතය වෙනූවෙන් ආයෝජනය කිරීම නොව, සූදුසූ වයසකදී ආයෝජනයන් සඳහා පෙළඹීමට අවශ්‍ය තරමින් මූදල් ඉතිරි කිරීමය.


යූවතියකට මූදල් පිළිබඳව තීරණය කිරීමට සූදුසූ වයස වන්නේ අවූරුදු 30 න් පසූවය. නමූත් වර්තමානයේදී බොහෝ රැකියාවල වැටූප් සෘජූවම බැංකු ගිණූූමක තැන්පත් කෙරේ. එහෙයින් තම වැටූප පරිපාලනය කිරීමේ යූවතියන් අතර වේ. ඇය උවමනා දුර්වලතාවක් පරිදි බැංකු ගිණූමෙන් මූදල් එළියට නොගැනීමෙන් අවසානයේදී එය මාසය අගදී අවසන් වේ.


වයස අවූරුදු 20 ගණන්වල සිටින්නියන් බොහොමයකට තම පවූලේ නඩත්තුව සඳහා මූදල් වැය කිරීමට සිදු නොවේ. ඒවා වැය වන්නේ ඇඳුම් පැළඳුම් හා විනෝදවීම් සඳහාය.


එහෙයින් සෑම යූවතියකම තම වැටූපෙන් අවම වශයෙන් සියයට 10 ක් පමණ ඉදිරි අනාගතයේ ප්‍රයෝජනය සඳහා දීර්ඝ කාලීනව ඉතිරි කිරීමේ ගිණූමක් තැන්පත් කළ යූතුවේ. එය කිසිදු අවස්ථාවකදී පිටතට නොගැනීමද වැදගත් වේ.


වයස අවූරුදු 30 දී

ගැහැනියකගේ ජීවිතයේ දෙවන දශකය හෝ තෙවැනි දශකයේ මූල් භාගයේදී ඇයට ඉතිරි කිරීම්වල වටිනාකම හැඟේ. ඒ වනවිටදී ඇය වසර 5 කට අධික කාලයක් රැකියාවේ නිරතව සිටීමෙන් මූදල් සම්බන්ධයෙන් යම් ස්වාධීනත්වයක් ද හිමි කරගෙන තිබේ.


මෙම වයසේදී ඇයට යම් යම් මිළදී ගැනීම් සිදුකිරීමට සිත් වේ. ඒ පරිගණකයක්, රූපවාහිනියක් ගෘහ භාණ්ඩ හා නිවසක්, ඉදිකිරීම ආදියය. නමූත් මෙසේ කිරීමේදී ආයෝජන උපදේශකයෙකු හෝ පවූලේ සාමාජිකයන්ගේ අදහස් විමසීම ප්‍රයෝජනවත් වේ. මන්ද වසර 10 ක තරම් කාලයක් නිවැරදි මූදල් ඉතිරි කිරීම් කළ පූද්ගලයෙකුට තැන්පත් ධනය ඇපයට තබා ණය මූදල් ගැනීම ආදී විවිධ පහසූකම් බැංකු මගින් සැපයේ. එයින් අවශ්‍ය මිලදී ගැනීම් කිරීමට හැකිවේ.


මෙම වයසේදී මූදල් ආයෝජනය කිරීමට වඩාත් සූදුසූ අංශයන් වන්නේ රක්ෂණ වරයක් ලැබීම හෝ ස්ථාවර තැන්පතුවලට මූදල් යෙදීමය. එය අනාගතය සඳහා කදිම ආයෝජනයකි. මන්ද විවාහ වීමේදී එම ආයෝජනයන් කදිම සවියකි. එයින් පසූවද ඇය මූදල් ඉතිරි කිරීම් දිගින් දිගටම පවත්වාගෙන යා යූතු අතර, වැය කිරීම් සම්බන්ධයෙන් සැමියා සමග සාකච්ඡා කළ යූතුවේ.


වයස අවරුදු 40 දී

මෙම වයස් සීමාවේදී දරු පවූල වෙනූවෙන් විවිධ ආයෝජන කිරීමට කතුන් පෙළඹේ. විශේෂයෙන්ම සිතන්නේ පවූලේ දියූණූව සම්බන්ධයෙනි. ඒ සඳහා සැමියාගේ සහයෝගයද ඇයට හිමිවේ.


එහෙත්, ඉතිරි කිරීම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ අවිවාහක, සැමියාගෙන් වෙන්වූ හෝ දික්කසාද වූ කතුන්ගේ ඉතිරි කිරීම්ය. මෙවැනි පසූබිමකදී එක ශතයක් හෝ අපතේ යැවීමත් බිරිඳක අසරණ වීමට හැකිය. එයට අමතරව, දරුවන්ගේ අනාගත කටයූතු එනම්, අධ්‍යාපනය හා විවාහය සඳහා සූදානම් වීමටද එම කතුනට මූදල් ඉතිරි කර තැබීමට සිදුවේ. එහෙයින් කුමන බාධාව ඉස්මතු වූව ද තම ආදායමෙන් සියයට 10 ක් හෝ දිගුකාලීන ඉතිරි කිරීම්වලට යෙදවීම අනිවාර්යයෙන්ම කළ යූත්තකි. නමූත් බොහෝ අවස්ථාවලදී එසේ ඉතිරි කිරීමට මාසික වැටූපෙන් යමක් ඉතිරි නොවේ යැයි මැසිවිලි නැගීම බොහෝ කතුන්ගේ සිරිතකි. නමූත් එය කෙසේ හෝ ඉටූ කිරීම අනාගතයේදී අසීරුවට පත් නොවීමට හේතුවකි. එවිට හදිසියකදී ඔබට ඥාතීන් පසූපස යෑමට හෝ සැමියාට දොස් පැවරීමට සිදුනොවේ. එය සැමියාගෙන් වෙන්වූ හෝ දික්කසාද වූ කාන්තාවකගේ අභිමානයට හේතුවකි.


සැමියාගෙන් දික්කසාද වූ කාන්තාවක සෑම විටම මෙම වයසේ මූදල් ආයෝජනයක් කිරීමට සිතයි නම් ඒ සඳහා වඩාත්ම සූදුසූ වන්නේ ඉඩම් හෝ නිවාස මිළදී ගැනීමය. මන්ද ඒවා දරුවන්ට ප්‍රයෝජනවත් වේ.


වයස අවූරුදු 02 සිට දිගු කාලීන පදනමක් යටතේ ඔබ ඉතිරි කර තිබූණේ නම් මෙවැනි අවස්ථාවකදී එම මූදල් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේ. මන්ද එම තැන්පත් මූදලට සැලකිය යූතු පොලියක් ද එක්ව තිබීම විශේෂත්වයකි.


එයට අමතරව, ප්‍රවීණ ආයෝජන උපදේශකයෙකු පවසන පරිදි, හූදකලා කාන්තාවකට ගැළපෙන කදිම ආයෝජනයක් වනනේ රක්ෂණයක් ලැබීමය. මෙහිදී සෞඛ්‍යය සම්බන්ධයෙන් රක්ෂණයක් මිළදී ගැනීම වඩාත්ම කදිමය.


එමෙන්ම, මෙම වයසේදී විවිධ ණය සඳහා යොමූවීමේදී විශ්‍රාම යෑමට නියමිත කාලය පිළිබඳව සැලකිලිමත් වීමද වටී. මන්ද නියමිත පරිදි ඒවා ගෙවා ගැනීමට අසමත් වූවොත් ඔබ ගැටලුවලට මැදිවේ.


මූදල් ඉතිරි කිරීමේදී ඔබට සිතන්නට තවත් දේ තිබේ. ඒ ඔබේ ණය පත්, ණය වාරික හෝ උකස් භාණ්ඩවලට ගෙවීම් තිබේ නම්, ඔබ මූදල් ඉතිරි කීරීමෙන් ලබන ප්‍රතිඵලය අවම වේ. මන්ද තැන්පතු සඳහා ලබන පොලියට වැඩි පොලියක් ඒ සඳහා ගෙවීමට සිදුවේ. එහෙයින් ඔබ කළයූත්තේ ඉතිරි කරන මූදලින් හැකි ඉක්මනින්ම එම ණය ගෙවා නිදහස් වීමය.


එය සමාන වන්නේද මූදල් ඉතිරි කිරීම්වටලය.


එසේ වූව ද, කුමන ගෙවීම් තිබූණද යම් මූදලක් බැංකුවෙහි ඉතිරි කිරීමද යහපත් වේ. මන්ද හදිසියකදී එසේ කළ සූළු ඉතිරි කිරීමද දැඩි සහනයක් සැපයේ.


තව ද ඉතිරි කිරීම යනූ අනවශ්‍ය වියදම් කපා හැරීමය. බොහෝ අවස්ථාවලදී අනවශ්‍ය වියදම් යෙදෙද්දී ඔබට ඉතිරි කිරීම් සඳහා පෙළඹීම අසීරු වේ. එහෙයින් ඉතිරි කිරීමේ පූරුද්ද ඇතිකර ගැනීමට වියදම් ලැයිස්තුවක් සකස් කර ගත් විටදී අනවශ්‍ය වියදම් හඳුනාගැනීමට හැකිවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment