අදටත් ඉටූකරන මංගල චාරිත්‍ර -පෝරුවේ සිරිත් විරිත්

 

විවාහය ජීවිතයේ වැදගත් මෙන්ම සූන්දර අවස්ථාවකි. එවැනි අවස්ථාවක මංගල චාරිත්‍ර වලට මූලිකත්වය ලබාදී කටයූතු කිරීම සාමාන්‍ය සිරිතයි. මංගල චාරිත්‍ර ගොඩ නැගෙන්නේ යම් සංස්කෘතියක ජාතියක බලපෑම මතයි. යම් අයෙකු මංගල චාරිත්‍ර වාරිත්‍ර ඉටූ කරන්නේ යම්සේද එයින් ඔවූන්ගේ ජාතික අනන්‍යතාව මෙන්ම ආගමික බලපෑමද ඉස්මතුවන බව කිව යූතුයි. මෙවැනි කාරණා නොවෙනස්ව පවතිනවයැයි විශ්වාස කළ නොහැකියි.

උදාහරණයක් වශයෙන් ඉන්දියාව, චීනය, ජපානය, යන රටවල ඔවූන්ගේ සංස්කෘතිය අනූව මංගල චාරිත්‍ර නිර්මාණ වීමද පූදුමයක් නොවෙයි. මංගල චාරිත්‍ර සියල්ලම පාහේ නැකැත් අනූව කිරීමෙන්ම පෙනීයන්නේ සූබ කටයූතු බවයි.


නමූත් දෑන් අපේ මංගල චාරිත්‍ර වාරිත්‍ර පවා සෙමින් සෙමින් අභාවයට යන තත්ත්වයට පත්වෙමින් සිටියි. නැතහොත් වෙනත් සංස්කෘතික බලපෑම් වලට යටත්වෙමින් වෙනස් වන්නට තතනන ආකාරයක් දක්නට ලැබේ.


මංගල චාරිත්‍රවලට වැදගත්ම කාරණාව වන්නේ අඹූසැමි යූවළක් අතිනත ගැනීමයි. මෙය ඉතාම සූබම නැකතකින් මංගල කරුණක් ලෙස කරයි. නමූත් අපේ වත්මන් සමාජය තුළ අතිනත ගැනීම ඉතාම පහසූවෙන් හැමදාම කරයි. පැරැණි සමාජය තුළ තරුණ යූවලක් අතිනත ගැනීම යනූ අතකින් අතක් ස්පර්ශ කිරීමයි. මෙමගින් අප පියවි ඇසට නොපෙනෙන යම් කිරණයක් බලයක් ගමන් කෙරේයැයි විශ්වාස කරයි. එම නිසා ගැහැනූ දරුවෙකු පිරිමි දරුවකුගේ ස්පර්ශය ලැබීම විවාහය දක්වා පැරැණි සමාජය තුළ තහනම් වේ. උදාහරණයක් විදිහට මහා බ්‍රිතාන්‍යයේ මහ රැජිණ කෙනකුට අතට අත දෙන්නේ මේස් හෙවත් අත් ආවරණයක් පැළදීමෙන් පමණයි. ඔවූන්ද ඇතැම් විට ස්පර්ශයෙන් පිටවන කිරණ බලය පිළිබඳව විශ්වාසයක් ඇති බව පිළිගන්නවා විය හැකියි.


අපේ රටෙි ආවාහ විවාහ අවස්ථාවේ ප්‍රධාන තැනක් ගන්නා පෝරුවේ සිරිත් විරිත් කවර වකවානූවකදී ආරම්භවූයේදෑයි කියන්න බැහැ. නමූත් සිද්ධාර්ථ කුමාරයාගේ විවාහ මංගල්‍යයේදී පෝරුවක් තිබූණ බවද පෝරුවේ සිරිත පැවැති බවටද ඉතිහාසයේ සඳහන් වෙයි.


විවාහ වන යූවළකගේ මූලින් නම් ප්‍රසිද්ධිය, නැකතට මගුල් කීම, මනාලිය නිවසින් පිටත්වීම, මනාලයා පිටත්වීම, පෝරුවට නැංවීම, පෝරුවෙන් බැස්සවීම, සියල්ල නැතක අනූව කරයි.


පෝරුවේ තැබීම යන චාරිත්‍රයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස් තැනක යූවළ තැබීමයි. පෝරුව තම තමන්ගේ ආර්ථික සමාජ තත්ත්වය අනූව ඉදිකරයි. මනාලිය උස් තැනක තබා සම්මත සිරිත් විරිත් පවත්වන්නේ ඇය පතිනියක් වීමේ වරම ලබන නිසාත් ඇය ගෞරවාන්විත තත්ත්වයට පත්වන නිසාය.


මනාලිය පෝරුවට නංවන්නේ වම් පසිනි. මනාලයා දකුණූ පසින්ය. පෝරුව මත අතුරන ඇතිරිල්ල මත ඖෂධීය ගුණයක් යූත් එම ද්‍රව්‍ය යූවළගේ යටි පතුල්වළ ස්පර්ශ වීමෙන් දොස් සමනය වීමක් සූබඵල ලැබීමක් ලෙස සලකයි. නමූත් අද පෝරුවට නඟින්නේ සූබ සම්මත ඖෂධ මත සපත්තු සෙරෙප්පූ සමගයි.


පෝරුවේදී යූවතිපතීන් සඳහා අෂ්ඨක ගායනා කරයි. අෂ්ඨක ගායනයෙන් කෙරෙන්නේ ආශිර්වාද ප්‍රාර්ථනයයි. බූදුගුණ හා දේවස්තෝත්‍ර ආදිය ගායනා කිරීමෙන් එම දෙපළගේ නව දිවිය ආරකෂා වන බව විශ්වාසයයි.


මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර නිසි පරිදි කිරීමෙන් වැඩිහිටියන් බලාපොරොත්තු වෙන්නේ මනාල යූවළගේ ජීවිතවල සූරකෂිතභාවයයි. දීර්ඝායූෂයි. එම නිසා මංගල චාරිත්‍ර නිසි ලෙස ඉෂ්ට කිරීමෙන් ඔවූන්ගේ පවූල් ජීවිතය සාර්ථකව ඉෂ්ටවේයැයි විශ්වාසයක් නවීන සමාජ තුළත් පවතී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment