ගෙදර වැඩට මහත්තයගෙන් පූංචි උදවූවක්වත් නැතිද?

නවසේ විදුලි සීනූව නාද වෙන්න පටන් ගත්තා. කුස්සියේ වැඩක නිරතවෙලා හිටපූ කුසූම් ලහි ලහියේ ප්‍රධාන දොරටූව දෙසට ඇදුණා.

 
"කවූද"


"කුසූම් මම මේ"


කටහඬ හඳුනාගත් කුසූම් දොර ඇරියා.


"හානේ නිමාලි, කාලෙකට පස්සේ අපිව මතක් වෙලා තියෙන්නේ" තමන්ගේ යෙහෙළිය නිවසට කැඳවාගෙන යන ගමන්ම ආගිය තොරතුරු කතා බහ පටන් ගත්තා.


"කොහේ එන්නද කුසූම්. ගෙදරක වැඩ කරනවා කියන්නේ පොඩි යූද්ධයක් වගේනේ. උදේ හතරට නැගිටිනවා. හස්බන්ට ගෙනියන්න කෑම උයනවා. උදේ පහයි හතළිස් පහ වෙනකොට දුවයි පූතයි වෑන් එකට දාන්න ඕන. ඇඳුම් අඳින්න උදව් කරන්න. ඉන්ටවල් එකට කෑම ලෑස්ති කරන්න කවන්න පොවන්න ඔක්කොම තනි මම කරන්න ඕනනේ.


එයාලා ගෙදරින් ගිය වෙලාවේ ඉදලා ගෙදර අස් පස් කරලා වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ. හරියට මැෂිමක් වගේ තමයි"


"එතකොට ඔයාගේ හස්බන්ගෙන් සපොටි එකක් නැද්ද"


"මම එයාව ඇහැරවන්නේ නෑ. එයත් පහමාරට විතර තමයි නැගිටින්නේ. එයා ටීවී බලලා රෑ වෙලානේ නිදා ගන්නේ. ඇරත් කුසූම් අපිට කටින් උදව් ඉල්ලන්න බැහැනේ. කැමැත්තෙන් ඉදිරිපත් වෙලා උදව් කරනවා නම් වෙනම දෙයක්. කටින් උදව් ඉල්ලන්න ගිහින් කතා අහනවට වඩා හොඳයි අපේ වැඩ තනියම කරගන්න එක"


නිමාලි සූසූමක් පිට කළාය.


"ඒ අතින් මම වාසනාවන්තයි. මගේ හස්බන් පූළුවන් හැම වෙලාවෙම මට උදව් කරනවනේ"


මෙවැනි සංවාද මැසිවිලි නැගීම් ඔබ කණට ආගන්තුක නොවනවාට කිසිදු සැකයක් නැහැ. ඇත්තටම නිවසේ වැඩ කටයූතු මෙන්ම මූළුතැන්ගෙයි වැඩ කටයූතුත් ඉටූ කළ යූත්තේ නිවසේ ගෘහනිය එහෙමත් නැතිනම් කාන්තාව අතින්මද?


ඇත්තටම මෙය සමාජය තුළ ගොඩ නැගෙන කථිකාවක් බවට පත් වෙලා තිබෙන කාරණාවක් ලෙස හඳුන්වන්න පූළුවන්. නමූත් සමාජය විසින් එලිපිට කතා නොකරන මෙවැනි කාරණා පූළුල් පරාසයක විහිදෙන බව හඳුනා ගත හැකියි.


බොහෝ ඈත කාලයේ සිටම ගෝත්‍රික සමාජවල ලිංගික පදනමින් වන ශ්‍රම විභජනයක් තියෙනවා. ලිංගික පදනමින් වන ශ්‍රම විභජනය ඇත්තටම ගොඩ නැගෙන්නේ පවූල තුළදීයි. අපි මෙය හඳුන්වන්නේ ආර්ථික සහයෝගිතාව කියලා. නමූත් මෙය බෙදීමක් නෙවෙයි ආර්ථික සහයෝගිතාවක් ලෙසයි හඳුන්වන්නේ. මෙම සහයෝගිතාවයේදී ඕනෑම සමාජයක් පිළිගන්නවා පිරිමින් කියන්නේ කය අධික ශක්තියෙන් වැඩ කළ හැකි පිරිසක් කියලා. එම නිසා පිරිමින්ට පැවරෙනවා කය අධිකව වෙහෙසෙන කාන්තාවට කටයූතු පැවරුණේ කය අඩූවෙන් වෙහෙසා කරන කටයූතු.


උදාහරණයක් විදිහට දඩයම් කිරීම, ගෝත්‍රයට ආරක්ෂාව සැපයීම, නඩත්තු කිරීම වගේ කටයූතු පිරිමින්ට පැවරී තිබූණා. දරුවන් බලා කියා ගැනීම, ගෘහ පරිපාලනය, ඉවූම් පිහූම් කිරීම ආදී ඉතිරි කාරණා ටික කාන්තාවන්ට පැවරී තිබූණා.


ගැමි සමාජය තුළත් මේ කාරණා මෙසේම ක්‍රියාත්මක වූණා. ගැමි සමාජය තුළත් කාන්තාව සහ පිරිමින් අතර තිබූණ සම්බන්ධතාව ඉතාම හොඳ එකක්. පූරුෂයෙක් වැඩ කටයූතු කරන විට කාන්තාවක් ඇගේ භූමිකාව ඉෂ්ට කළා පමණක් නෙවෙයි ඇයට පූළුවන් හැම දෙයක්ම කරන්න ඉදිරිපත් වූනා.


උදාහරණයක් විදිහට සමහර ඓතිහාසික කාරණා පෙන්වා දෙන්න පූළුවන්. සොර බොර වැව හදන කොට වූර්කා කියන යෝධයාට ආහාර පාන සැපයූ ඔහූගේ භාර්යාව ඔහූට ආහාර පාන ගෙනයන ගමන් එතනට යන්න ගල් පඩි පෙළක් හදලා තියෙනවා. මෙම කතා ජනශ්‍රැතියේ සඳහන් වෙනවා. මෙය සහයෝගිතාවට එක් උදාහරණයක් පමණයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment