මංගල දිනයෙන් පසූව ඇතැම් කාන්තාවන්ට කුරුළෑ හටගන්නේ ඇයි?

 

මගේ මූණේ එක කුරුළෑවක්වත් තිබූණේ නැහැ. ඒත් දෑන් කුරුළෑ ඇවිත් කියලා මනාලියන් මංගල දිනයෙන් පසූව පවසන්නේ ඇයි කියලා දන්නවාද?

කුරුළෑ කිව්වාම අපි කාගේ වූණත් හිතේ ඇති වෙන්නේ බොහොම ප්‍රසන්න හැඟීමක් නම් නෙවෙයි. මොකද ඒ තරමටම කුරුළෑ තත්ත්වය නිසා පීඩා විඳින පිරිස් අප අතරත් ඉන්නවා. නමූත් අද අපි කතා කරන්නට යන්නේ තරුණ වයස නිසා ඇති වන කුරුළෑ තත්ත්වය නොවෙයි. ඇතැම් යූවතියන් විවාහ වීමත් සමග හිටිහැටියේ හට ගන්නා කුරුළෑ තත්ත්වය ගැනයි.


විවාහ වීම නිසා කුරුළෑ හට ගන්නවා කියලා පිළිගන්න අමාරුයි. නමූත් විවාහය සමග බද්ධව පවතින යම් යම් කාරණාවන් නිසා කුරුළෑ හට ගැනීම සිද්ධ වෙන්න පූළුවන්.


එයින් එක හේතුවක් තමයි විවාහයෙන් පසූව බොහෝ දෙනා දිගු කාලිනව හෝ තාවකාලිකව උපත් පාලන ක්‍රම භාවිත කරන්නට පෙළඹීම. බොහෝ විට උපත් පාලන පෙති වර්ග, එන්නත් වර්ග, විවිධ ක්‍රම පාවිච්චිය නිසා මේ තත්ත්වය ඇති වෙන්න පූළුවන්. මෙම උපත් පාලන බෙහෙත් වර්ගවල තියෙන්නේ ලිංගික හෝමෝන වර්ග. මෙම ලිංගික හෝමෝන අතරින් විශේෂයෙන්ම ප්‍රජස්ටරොන් කියන මෙම හෝමෝන වර්ගයට අදාළ වන එහෙමත් නැත්නම් නෑකම් කියන විවිධ රසායන ද්‍රව්‍ය තමයි උපත් පාලන බෙහෙත්වල තියෙන්නේ.


මෙම ප්‍රජස්ටරොන් කියන හෝමෝනයේ තිබෙනවා ටෙස්ටටරෝන් ඇක්ටිවිටි කියාල හෝමෝනයක්. ඒ කියන්නේ ප්‍රජස්ටරෝන් හෝමෝනය තුළ ටෙස්ටෙස්ටරෝන් වලට සමාන ගතිගුණ තිබෙන යම් යම් කොටස් තියෙන්න පූළුවන්.


ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය මගින් තමයි අපේ සමේ පතල් හදන ග්‍රන්ථිවල ස්‍රාවය වැඩි කරලා කුරුළෑ ඇති කරන්නේ. එවිට ප්‍රජස්ටරෝන් අඩංගු උපත් පාලන බෙහෙත් පාවිච්චි කළාම ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය ඉහළ ගිහිල්ලා එහි ප්‍රතිඵලයක් විදිහට කුරුළෑ හටගන්න පූළුවන්.


විශේෂයෙන්ම කාන්තාවකට දරු ගැබක් හට ගත්තාම නැවතත් ප්‍රජස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය ඉහළ ගිහිල්ලා කුරුළෑ හට ගන්නා ප්‍රවණතාවක් තියෙනවා. දරුවෙක් ලැබෙන්න සිටින මවකට නම් මෙවැනි අවස්ථාවක අපි සාමාන්‍යයෙන් රෝගය බරපතලව තියෙනවා නම් ඇරෙන්න ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු පෙළඹෙන්නේ නැහැ. එයට හේතුව තමයි කුරුළෑ වලට පාවිච්චි කරන බොහෝ බෙහෙත් වර්ග ගැබිනි අවදියේදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. නමූත් පාවිච්චි කළ හැකිවෙන්නේ විශේෂ බෙහෙත් තියෙනවා. එරිත්ත්‍රොමයිසින් අඩංගු බොහෝ බෙහෙත් වර්ග ආරක්ෂා සහිතව පාවිච්චි කළ හැකියි.එතනදී අපි කරන්නේ ඇත්තටම පාලනය කිරීමක් පමණයි. අපි සොයා බලනවා කුරුළෑ තිබීමෙන් මවගේ මූහූණට වැඩි හානියක් වෙනවා කියන කරුණ ගැන. ලොකු හානියක් වෙනවා කියලා වෛද්‍යවරයා තේරුම් ගත්තොත් පමණක් සීමාසහිත ප්‍රමාණයකට ඔහූ ප්‍රතිකාර කරනවා. කුරුළෑ ප්‍රතිකාර සඳහා තිබෙන බොහෝ බෙහෙත් වර්ග ගැබිනි කාලය තුළ පාවිච්චි කරන්න සූදුසූ නැහැ. එවැනි මවක් දරු ප්‍රසූතියෙන් පසූව කුරුළෑ සඳහා ප්‍රතිකාරවලට යොමූවීමේ වරදක් නැහැ.


එහෙම නැතිව උපත් පාලන බෙහෙත් වර්ග නික්ෂේපණ වර්ග නිසා හට ගන්නා කුරුළෑ සඳහා පත් පාලන බෙහෙත් වර්ගයේ ක්‍රියාකාරිත්වයට හානිදායක නොවන එහි ක්‍රියාකාරිත්වය අවහිර නොකරන බෙහෙත් පාවිච්චි කිරීම සූදුසූයි. විශේෂයෙන්ම එවැනි හානියක් ඇති නොවන බෙහෙත් පාවිච්චිය සඳහා වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා.


මෙතනදී අවධාරණයෙන් මතක් කරන්නේ ගැබිනි සමය තුළදී කුරුළෑවලට හෝ වෙනත් රෝගයකට හෝ අත් බෙහෙතක්වත් වෛද්‍ය උපදෙස්වලින් තොරව පාවිච්චි නොකළ යූතුයි කියන කාරණාවයි. බොහෝ වෙලාවට ගැබිණි මවකට කුරුළෑවලට බෙහෙත් නිර්දේශ කිරීමේදී වෛද්‍යවරයා එම බෙහෙත් ආලේපනවලට සීමා කරන්නට වග බලා ගන්නවා. සමේ තෙල් ගතිය ඉවත් කරන ආලේපන සහ සබන් වර්ග කුරුළෑ හටගත් ගැබිනි මවකට බොහෝ විට ඖෂධ විදිහට ලබා දෙනවා.




වෛද්‍ය

අසෝක කමලදාස

චර්ම රෝග විශේෂඥ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment